spot_img
spot_img

The Package (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද නම් අරන් ආවේ ටිකක් පරණ උනාට අම්බානක හිනාවේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක්.. මේක ඒ කාලේම සබ් කරන්න හිතුවාත් පස්සේ අමතක වෙලා ගියා.. මේ ලගදි ටික්ටොක් එකේ මේකේ පොඩි විඩියෝ කැල්ලක් වයිරල් වෙලා යනවා දැකලා තමයි ආපහු ෆිල්ම් එක ගැන මතක් උනේ.. ඉතින් හිතුවා සබ් එක කරලා දෙන්න… මේක තනිකරම +18 වැඩි අයට සුදුසු කතාවක්.. පොඩි දර්ශනයක් ඇරුන කොට නිරුවත් දර්ශන නම් චිත්‍ර‍පටියේ නැහැ. නමුත් චිත්‍ර‍පටියේ කතාව නම් පවුලේ සැමට සෙට් වෙන එකක් නම් නෙමෙයි. ඒ මදිවට කතාව පුරාවටම කුණු හරප වැහි වැහැලා.. ඉතින් සූම් එකේදි කෙලින්ම කුණු හරප එක්ක සබ් එකක් දාන්න අවසරයක් නැති නිසා භාෂාවත් උපරිම ආකාරයට ගැලපෙන්න හැසිරුවා.. චිත්‍ර‍පටියේ කොමඩි වලටත් හානි නොවෙන්න..

කතාව ගැන කිව්වොත් එහෙම ෂොන්…බේකි..සාරා..ඩොනි..ජෙරමි කියන්නේ යාළුවෝ කිහිපදෙනෙක්.. ජෙරමි හා බේකි කියන්නේ නම් අයියා හා නංගි.. කොහොම හරි මේ කට්ටිය එකතු වෙලා කඳුකරයකට යනවා කුඩාරම් ගහාගෙන සති අන්තය ගත කරන්න. (ජෙරමි වගේ නංගි කෙනෙක් ඉන්න යාළුවෙක් ඔබටත් හිටියා නම් කියලා චිත්‍ර‍පටිය නරඔද්දි තේරුම් යාවි..) කොහොම හරි මේ අය කැලැවට ගිහිල්ලා කුඩාරම් එහෙම ගහලා විනෝදයෙන් කාලේ ගත කර කර ඉන්නවා. කොහොම හරි ජෙරමි යනවා මුත්‍රා කරන්න කියලා එතැන වෙන සිදුවිමකින් ජෙරමිගේ ශිෂ්ණය කැපිලා වෙන් වෙලාම යනවා.. දැන් කොහොම හරි ජෙරමිව රෝහල් ගත කරන්න ඕනි… කොහොම හරි 911 ගහලා රෝහලෙන් හෙලිකොප්ටර් එකක් එවනවා මේයාලා ඉන්න කඳුකරයේ කැලැවට ජෙරමිව අරන් යන්න. මේ අය ජෙරමිවයි එයාගේ කැපිච්ච එකයි දෙකම හෙලිකොප්ටරයට දෙනවා අරන් යන්න.. සේරම හරියට විසදුනානේ කියලා සැනසුම් සුසුමක් ඇරලා වැඩි වෙලා යන්නේ නැහැ මේ අයට තේරුම් යනවා ජෙරමිගේ ශිෂ්ණය අයිස් වල දාලා තිබ්බ පෙට්ටිය නෙමෙයි හෙලිකොප්ටර් එකට දිලා තියෙන්නේ කියලා. වැරැදිලා එයාලා ගෙනාපු බියර් පෙට්ටිය තමයි යවලා තියෙන්නේ. දැන් මේ අයට පැය 12ක් තියනවා මේ කැලේ ඉදලා ජෙරමි අරන් ගිය ඉස්පිරිතාලේට ගිහින් එයාගේ එක ආපහු දෙන්න. මොකද පැය 12ක් ගියොත් ශල්‍යකර්මයක් කරලා ආපහු මේක බද්ධ කරන්න බැරි වෙනවා. ඉතින් ෂොන්..බේකි..සාරා..ඩොනිට පැය 12ක් ඇතුලත මේ කැලෙන් එලියට ගිහින් මේක බාර දෙන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය බැලුවාම දැනගන්න පුලුවන්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Package (2018) සිංහල උපසිරැසි” The.Package.(2018).Sinhala.Subtitle.rar – Downloaded 2356 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram