spot_img
spot_img
More

    The Silent House (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Horror ෆිල්ම් වලට කැමති අයට මේ ගෙනාවේ Cannes ෆිල්ම් උලෙලේදි වගේම Sundance ෆිල්ම් උලෙලේදී ඇගයීමට ලක්වුන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ 1940දි පමණ සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙන. 2011 වසරේදී මෙහි ඉංග්‍රිසි චිත්‍රපටයත් මේ නමින්ම නිකුත් වුනා.

    ලෝරා සහ ඇගේ තාත්තා විල්සන් ගෙදරකට එනවා ගමක තියෙන. ටිකක් පරණ එකක්. අයිතිකාරයා වන්නේ නෙස්ටර්. එයා ඒක විකුණනවා ලෝරාට සහ තාත්තාට. අයිතිකාරයා කියනවා උඩ තට්ටුවට යන්න එපා ඒක එච්චර හයිය නෑ කියලා. ඉතින් ලෝරා සහ විල්සන් එදා රැ නැවතිලා ඉඳලා ඊළඟ දවසේ ඉදලා ගෙදර සුද්ද කරලා වැඩ පටන් ගන්න තීරණය කරනවා. දෙන්නා නිදාගන්නකොට සද්දයක් ඇහෙනවා. ලෝරා තාත්තට කිව්වම තාත්තා උඩ තට්ටුවට යනවා බලන්න. හැබැයි වැඩිවෙලා යන්නේ නෑ තාත්තගෙන් සද්දයක් නැති නිසා ලෝරාත් උඩට යනවා. එතකොට තමයි දකින්නේ තාත්තව මරලා දාලා කියලා. ඇයට දුක වගේම බයත් දැනෙනවා. ඇය ගෙදරින් යන්න හදනවා. හැබැයි ඇයට යන්න වෙන්නේ නැහැ…උඩ තිබුන තාත්තගේ මිනිය, එකසැරේට සාලේ පුටුව උඩට ඇවිත්. ටෙඩියෙකුත් ඇග උඩ තියලා. ඇය සෑහෙන්නම බයවෙනවා. එවිටම තවත් සද්දයක් එනවා. ඒ මිහිරි සංගීතයක් උඩ තට්ටුවෙන්. එවගේම ඇයට අඩි සද්දයක් ඇහෙන්න ගන්නවා… ඊළඟට මොනා වේවිද? ඉතිරිය දැනගන්න චිත්‍රපටය බලලාම ඉන්න.. අවසානයේ ලොරාට හා එදින සිදුවු සිදුවිම අදටත් අභිරහසක්ව පවතිනවා…. චිත්‍ර‍පටිය හදපු අධ්‍යක්ෂකවරයාගේ අනුමාන කිරිමක් චිත්‍ර‍පටියේ නම් ටික ගියාම පෙන්වනවා. ඒක නිසා ෆිල්ම් එක ඉවර උන ගමන් වහලා දාන්න එපා… ඒ ටිකත් බලලාම ඉන්න…ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “The Silent House (2010) සිංහල උපසිරැසි” The-Silent-House-2010.Sinhala.Subtitle.rar – Downloaded 135 times – 6 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk | + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram