More

    The Snowman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් තවත් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් තමයි අරන් එන්නේ. මුලින්ම මං මේක දැක්කාම හිතුවේ හොල්මන් චිත්‍ර‍පටියක් කියලා. නමුත් මේක එහෙම එකක් නෙමෙයි හොද ත්‍රීලර් චිත්‍ර‍පටියක්. මේක බ්‍රිතාන්‍ය චිත්‍ර‍පටියක්. මේ දවස් වල කොහොමත් පොඩි සීතලකුත් තියන එකේ ඒ වගේ දවසක මේ චිත්‍ර‍පටිය බැලුවොත් ආයේ නියමෙට තියේවි. මොකද මුළු චිත්‍ර‍පටියම යන්නේ ශිත කාලයේ සිදුවුන සිදුවිමක් එක්ක… මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන්නේ Michael Fassbender,Rebecca Ferguson හා Charlotte Gainsbourg විසින්. මෙහි නළු නිලියන් නම් අනිවාර්යෙන් ඔබ චිත්‍ර‍පටි වලින් දැක තියනවා. අධ්‍යක්ෂනය සිදුවෙන්නේ Tomas Alfredson අතිනි. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Jo Nesbø විසින් රචිත The Snowman නවකතාවයි.. චිත්‍ර‍පටියේ කතාව කියවන්න කලින් කෝකටත් ට්‍රේලර් එකත් බලලාම ඉන්න…

    කතාව ගැන කිව්වොත් එහෙම හැරි කියන්නේ පොලිස් නිලධාරියෙක්. හැබැයි හැරි ගොඩක් කලකිරිමෙන් ඉන්නේ. තමන්ගේ බිරිද හා පුතා එයාව දාලා ගිහින් කිසිම වැඩක් පිලිවෙලකට වෙන්නේ නැහැ ඔහේ තමයි ජිවිතේ ගෙවන්නේ. මේ අතර පොලිසියට අලුත් කාන්තාවක් එනවා කැතරින් කියලා. ඇයට පරික්ෂණයක් ගැන බලන්න පැවරෙනවා. ඒ කාන්තාවන් අතුරුදහන් විමක් සම්බන්ධයෙන්. තැන් තැන් වලින් අභිරහස් ලෙස කාන්තාවන් අතුරුදහන් වෙනවා. දින කිහිපයකට පස්සේ ඔවුන්ව හම්බවෙන්නේ කුරිරු ලෙස මරා දාලා. මේ කාන්තාවන් පැහැර ගන්නා සැම ස්ථානයකම හිම මිනිසෙකුගේ පිලිරුවක් හිම වලින් හදලා තිබිමත් විශේෂත්වයක්. ඉතින් කැතරින් මේ ගැන හොයාගෙන යද්දි මේකට හැරීත් එකතු වෙනවා. මේ දෙන්නාම එකතු වෙලා මේ වැඩේ කරන්නේ කවුද කියලා හොයාගෙන යනවා. ඇත්තටම මේ විදියට මිනිමරන්නේ කවුද? ඒකට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ චිත්‍ර‍පටිය ඔයාලට නරඔන්නම වෙනවා. හොද චිත්‍ර‍පටියක් මඟ හැරගන්නේ නැතිව බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Snowman (2017) සිංහල උපසිරැසි” The.Snowman.2017.Sinhala.Subtitle.rar – Downloaded 150 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram