spot_img
spot_img

The Substance (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Substance (2024) Sinhala Subtitle

 

අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක “ඇත්තටම කෙහෙල්මල් පිස්සු කතාවක්” කියලා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් මේක. මේකේ නිරුවත් දර්ශණ වගේම, ලේ සහ අවයව කෑලි කැපෙන දර්ශණ පුරෝලා. ඒක තමයි මේක මහ විකාර පිස්සුවක් කියලා කිව්වේ. හැබැයි, මම වැඩියෙන්ම රේටිං දීපු මේ විකාර වර්ගයට අයත් චිත්‍රපටිය තමයි මේ.

කාටහරි හිතුනොත්, මට වඩා ලස්සන, තරුණ, කඩිසර, කාමුක කෙනෙක් වෙන්න, හැබැයි එයා මගේම කොපියක් වෙන්න අවශ්‍ය නම්… මගේම වෙනස් version එකක්… හැබැයි ඒ මමම තමයි… මේ අමුතු සංකල්පය, කවුදෝ කෙනෙක් හොයාගෙන. එයා ඒක අවශ්‍ය අයට ලබාදෙනවා. අපේ කතා නායිකාව, ස්පාකල්, එයාගේ පනස් වෙනි උපන්දිනයේදී තීරණය කරනවා මේක අත්හදා බලන්න. ඒකෙන්, එයාට බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙනවාද? ඇත්තටම තමන්ගේම හොඳ මාදිලියේ කෙනෙක් වෙන්න පුළුවන්ද? මේක තමයි මේ චිත්‍රපටියේ කතාව… පට්ට පිස්සුවක් නේද?

Coralie Fargeat කියන ප්‍රංශ අධ්‍යක්ෂකවරියට තමයි මේ වගේ පිස්සුවක් කරන්න අදහස පහළ වෙලා තියෙන්නේ. එයාගේම තිර රචනයකට, එයාම නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේ ඇයගේ දෙවෙනි චිත්‍රපටිය. හැබැයි, පරණ කාලේ අති දක්ෂ නිළියක්ව මේ චිත්‍රපටියට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ Demi Moore. අනූගනන් වලදී ගොඩාක් චිත්‍රපටි වල ප්‍රධාන චරිතය කරපු නිළියක්. එතකොට, මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන අය ගැන ආයේ බලමු. Demi Moore (එලිසබත් ස්පාකල්), Margaret Qualley (සූ), Dennis Quaid (හාවී), Edward Hamilton Clark (ෆ්‍රෙඩ්) ඇතුළු ඉතා සීමිත පිරිසක්.

මම හැමදාම කියනවා වගේ, දැන් අය චිත්‍රපටි බලන්නේ රේටිං හොඳ නම් විතරයිනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ චිත්‍රපටිය ලබාගෙන තිබ්බ රේටිං, IMDb 7.6, Rotten Tomatoes 91%, Mtacritic 78%, GoogleUsers 79%. හැම වෙබ් අඩවියකින්ම හොඳ නමක් ගන්න මේ දවස්වල ලේසි වැඩක් නෙමෙයි. හැබැයි, මේ පිස්සු විකාර චිත්‍රපටිය ඒ වැඩේ කරලා තියෙනවා.

ආදායම් වාර්ථා අතරිනුත් ඉතා හොඳ මට්ටමක තියෙනවා කියලා ආරංචියි. මේ වෙනකොට චිත්‍රපටිය ඩොලර් මිලියන 39කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනවාලු. ලේසි පාසු වැඩක් නෙමෙයි.

එහෙනම්, හැමදාම කියනවා වගේ, මේ උපසිරැසියත් එක්ක මේ චිත්‍රපටිය රස විඳින්න. නොතේරෙන තැන් තේරුම් ගන්න මේ උපසිරැසිය ප්‍ර‌යෝජනවත් වේවි. හැමෝටම ජයවේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

Download “The Substance (2024) සිංහල උපසිරැසි” The.Substance.(2024).Sinhala.Subtitle.rar – Downloaded 677 times – 404 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram