More

    The Super Mario Bros Movie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Super Mario Bros Movie (2023) Sinhala Subtitle

     

    සුපර් මාරියෝ කිව්වම මතක් වෙන්නෙ සෙල්ලම් කරපු මුල්ම ගේම් එක විදියට. මං පොඩි කාලෙදි මේක කීප පාරක් සෙල්ලම් කරලා තියෙනවා. ඉතිං මේ ගේම් එක අනුසාරයෙන් තමයි මේ ඇනිමේටඩ් ක්‍රියාන්විත චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය අප්‍රේල් 23 වෙනිදා වෙනකොට ඩොලර් මිලියන 876.4ක මුදලක් උපයාගෙන තියෙනවා. ඒ කියන්නෙ දැනටම මේක තමයි 2023 වසරේ වැඩිම ආදායමක් හොයපු චිත්‍රපටය වෙන්නේ.

    මාරියෝ සහ ලුයිජි කියන්නේ සහෝදරයින්. මේ දෙන්නා අලුතෙන් ජලනල වැඩ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙයාල මෙයාලගෙ පළමු වැඩේම හොඳටම අනාගන්නවා. ඉතිං බෲක්ලින් නගරෙ පයිප්ප පැනීමක් නිසා මේ දෙන්නත් යනවා ඒක හදන්න. පයිප්ප ලයින් එක හරහා යනකොට මේ දෙන්නව පයිප්පයක් ඇතුලින් එකපාරටම ඇදිලා ගිහින් වෙනත් මානයකින් මතු වෙනවා. මාරියෝ බිම්මල් රාජධානියටත්, ලුයිජි ඩාක් ලෑන්ඩ්ස් වලටත් පතිත වෙනවා.

    බිම්මල් රාජධානිය කරගෙන යන්නේ පීච් කියලා කුමරියක්, බොහොම ලස්සන රාජධානියක්. එතකොට ඩාක්ලෑන්ඩ්ස් නැත්නම් කූපස් කරන් යන්නෙ බවුසර් කියන දරුණු කැස්බෑවෙක්. පීච් සහ බවුසර් කියන්නේ හතුරන්. දැනටමත් මේ දෙපල යුධ වදින්න කිට්ටු වෙන සමයක තමයි මේ අයියා මලෝ දෙන්නා දෙපළට වැටෙන්නේ. මාරියෝ කුමරියත් එක්ක මල්ලිව බේරගන්න යනවා.

    ඉතිං බවුසර් කියන්නේ සුපිරි තරුව කියන විශාල බලයක් තියෙන තාරුකාවක් එක්ක ඉන්න කෙනෙක්. එයාව නිකම්ම පරාජය කරන්න බෑ. ඒ නිසා කුමරිය කොන්ග්ලගෙ රාජධානියෙන් උදව් ඉල්ලගෙන පිටත් වුනත් කොන්ග්ලා මිත්‍රකම් පවත් වන අය නෙවෙයි.

    ඉතිං මාරියෝට තමන්ගෙ මල්ලිව බවුසර්ගෙන් බේරගන්න පුළුවන් වෙයිද?

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Super Mario Bros Movie (2023) සිංහල උපසිරැසි” The.Super.Mario.BrosMovie.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3328 times – 595 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. WEB පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram