spot_img

The Texas Chainsaw Massacre The Beginning (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න, මම කළින් පොරොන්දු වුන විදියට දවස් කිහිපයක් ඇතුළත The Texas Chainsaw කතා මාලාවේ දෙවැන්නට සිංහල උපසිරැසි අරගෙන ආවා! මගේ අනෙකුත් නිර්මාණ වලට වගේම, මේ නිර්මාණයටත් බෑ නොකියා ඉසුරු මධුසංඛ පෙරේරා සහෝදරයා ලොකු උදව්වක් ලබා දුන්නා! මේ දවස් වල වැඩි පුරම ඔයාලට නිර්මාණ ලබාදෙන්නේ, ඔහු කිව්වොත් මම නිවැරදියි මගේ හිතේ… එහෙනම් අපි සලරුව ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

කළින් චිත්‍රපටියට මෙන්ම, මේ චිත්‍රපටියටත් පාදක වෙන්නේ එකම කතාවයි! මේ චිත්‍රපටියේ තියෙන්නේ, මේ භීෂණයේ ආරම්භය ගැනයි! කළින් කතාවේ මෙන්ම මේකටත් ගොදුරු වෙන්නේ, තරුණයින් සිව්දෙනෙක්! ඒ වගේම හෙවිට් වලව්වේ අතීත කතාවත්, මෙයින් මැනවින් පෙන්නනවා… මේ සලරුව ගැන වැඩි විස්තර කියන්න ඕනා නෑ! මොකද ගොඩක් කිව්වාම කතාවේ අගය පිරිහෙනවා කියලා කතාවක් තියෙනවානේ! හැබැයි මේක නරඹන්න කළින් පළවෙනි එක අනිවාර්යයෙන්ම බලලා ඉන්න! ඒකත් බලලා මේක බැලුවොත් තමා කතාව තේරුම් ගැනීම පහසු වෙන්නේ! ඒ වගේම මෙයත් Michael Bayගේ නිෂ්පාදනයක්! පළමු චිත්‍රපටිය ගැන දැකපු නැති අයට කියන්නේ, මේ චිත්‍රපටි පෙළ ඇමෙරිකානු ඉතිහාසයේ තියෙන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්! ඒ හින්දා, අනිත් චිත්‍රපටි මෙන් ගොතන ලද්දක් නොව මෙය සැබෑවටම සිදු වූවක් බව මතක තියාගන්න! මේක නරඹනකොට මේ වගේ මනුෂ්‍යයන් මෙලොව ඉන්නවාද කියලාත් හිතෙනවා! ඒත්, මේ වගේ මානසික විකෘතිතාවයන් තියෙන මිනිසුන් ජීවත්වෙන විෂම ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා, මේ චිත්‍රපටිය බලපුවාම ඔයාලට තේරෙයි!

නැවතත්, මේ උපසිරැසි කරන්නට සහය ලබාදුන් ඉසුරුට ස්තූති කරනවා! ඒ වගේම, Hedz සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් තවත් අපූරු චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගෙන එන බවට පොරොන්දු වෙමින් මම නිහඩ වෙනවා! සියළු දෙනාට ත්‍රාසයෙන්, භීතියෙන් තොර සුභම සුභ දවසක් වේවා! පහත ඇති ලින්කු භාවිතා කර අපව සම්බන්ධ කරගන්න පුළුවන්!

 
The Texas Chainsaw Massacre (2003) පළමු චිත්‍ර‍පටිය මෙතැනින්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram