More

    The Witch Part 2 The Other One (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොරියාව කියන්නේ වෙනස් විදියේ සිනමා කෘති නිෂ්පාදනය කරන රටක්. අමුතු විදියේ කතා තේමාවන් හොයාගන්න, හොලිවුඩය වගේම දක්‍ෂයි. මම අද අරගෙන ආවේ, ඒ වගේම විද්‍යාත්මක පසුබිමක දිවෙන කතාවක සිංහල උපසිරැසි අරගෙන. මේක 2018 අවුරුද්දේ එලි දැක්වුණු The Witch: Part 1. The Subversion චිත්‍රපටියේ දෙවෙනි කොටසක් විදියට එලි දැක්වුණු The Witch: Part 2. The Other One (2022) චිත්‍රපටිය. කොරියාව ඇතුලේ විතරක් නෙමෙයි, ලෝකය පුරාම මේ කතාව ජනප්‍රිය වෙලා ගියේ ඉතා ඉක්මනින්. Web ratings අතින් බැලුවත්, මේ ලිපිය ලියනකොට, IMDB 6.2, RottenTomatoes 75%, MyDramaList 7.8, Google Users 94% තම කැමැත්ත පලකරලා තිබ්බා.

    Park Hoon-jung විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, ඔහුගේම රචනයක්. විනාඩි 137ක් පුරා දිවෙන කතාව, ඇමරිකානු ‍ඩොලර් මිලියන 23 කට වඩා මේ වෙනකොට උපයගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Shin Si-ah (කෙල්ල, ප්‍රධාන නිළිය), Park Eun-bin (ක්‍යුන්ග්-හී), Seo Eun-soo (ජෝ-හ්‍යුන්ග්), Jin Goo (යොන්ග්-ඩූ) ඇතුලු පිරිසක්.

    කතාව සුපිරි මිනිස්සු ගැන තියෙන විද්‍යා ප්‍රභන්ධයක්. Ark නැමැති රහස් විද්‍යාගාරයකින්, එක් තරුණ ගැහැණු ළමයෙක් පැනගන්නවා. මේ ගැහැණු ළමයා, විශේෂ සුපිරි මිනිසෙක් කියලා නොදැන, එලියේ ඇවිදින අතරතුර ක්‍යුන්ග්-හී ට හමුවෙනවා. එහිදී කෙල්ල කරන උදව්වක් නිසා, ක්‍යුන්ග්-හී ඇයව ගෙදර ගෙනියනවා. නමුත්, විවිධ අරමුණු තියෙන කණ්ඩායම්, මේ කෙල්ල පසු පස්සේ පන්නනවා. මේ අයගෙන් මේ තරුණ කෙල්ල බේරෙන්නේ කොහොමද? එයාගේ ඉදිරි අනාගතය කොයි වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න! ජයවේවා!!

     

    The Witch Part 1 – The Subversion (2018) පළමු චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Witch Part 2 (2022) සිංහල උපසිරැසි” The.Witch.Part.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3885 times – 672 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

    2. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Leave a Reply to kavinda Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram