spot_img
spot_img

Thor Love And Thunder (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේකේ බ්ලුරේ පිටපත නම් නිකුත් උනේ දැන් දවස් තුන හතරකට කලින්. ඉතින් තාම මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද අරන් ආවා චිත්‍රපටිය නරඔන්න

මේකේ ට්‍රේලර් එක දැක්ක දවසේ ඉදන් නම් මේක බලන්න මං ආසාවෙන් හිටියේ. ජේන් ෆොස්ටර් එහෙම නැත්නම් Natalie Portman කලින් තෝර් චිත්‍රපටිවල හිටියේ නැති උනාට මේ චිත්‍රපටියේ ඉන්න නිසා. ඇයට ඇත්තටම මොකද උනේ කියලා කලින් චිත්‍රපටිවල ලොකුවට කිව්වේ නැහැනේ. ඇවෙන්ජර්ස් චිත්‍රපටිවල පවා ඇය ගැන සටහනක් තිබ්බේ නැහැ. හැබැයි දැන් ආපහු මේ චිත්‍රපටියේ ඇවිල්ලා තියනවා ඒකත් තෝර් වගේම බලයක් එක්ක. එහෙම බලයක් ඇයට ලැබුනේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය ඔයාටත් තිබ්බා නම් මේකෙන් ඒකත් විසදගන්න පුලුවන්.

චිත්‍රපටිය ගැන ගොඩක් අයගේ නම් තිබ්බේ නෙගෙටිව් අදහසක්. ඒ මේ චිත්‍රපටියේ කොමඩි වැඩි නිසා වෙන්න ඇති. ඒක වෙලාවකට නම් ඔවර් වගේ තිබ්බාත්.. හිතේ ආසාවෙන් නම් මේක බැලුවා. ඉතින් චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් තෝර්, ගාඩියන්ස් ඔෆ්දි ගැලැක්සි කණ්ඩායම එක්ක ඔහේ ලොකේ පුරා සැරි සර සර එක එක ග්‍රහාලෝක වල අයට උදව් කර කර ඉද්දි මේ අයට ආරංචියක් එනවා දෙවියන්ව ඝාතනය කරන කෙනෙක් පහල වෙලා කියලා. මේ මනුස්සයා එක එක ග්‍රාහාලෝක වල දෙවියෝ සේරම මරමින් යනවා. කොහොම හරි ප්‍රථිවියේ තියන ඇස්ගාඩියන් ගමටත් ඔහු පැමිණෙනවා එකේ ඉන්න වැල්කරිව ඝාතනය කරන්න හිතාගෙන. ඉතින් තෝර් තිරණය කරනවා නැවතත් පෘථිවියට ඇවිල්ලා මේ වැඩේ කරන පුද්ගලයාව මරලා දාන්න. එත් ඒක නම් ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා බලන්න චිත්‍රපටිය අරන්ම බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Thor Love And Thunder (2022) සිංහල උපසිරැසි” Thor.Love.And.Thunder.(2022).Sinhala.Subtitle.rar – Downloaded 18087 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to රුක්ෂාන් ඛාන් (රුකා) Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram