spot_img

Till Death (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔන්න ඊයේ දින (2021 ජූලි 2 වැනිදා) Screen Media Films මගින් නිකුත් වුණ ත්‍රාසජනක කතාවක් අරගෙන තමයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  S.K. Dale විසින්. රංගනයෙන් කවුරුත් හඳුනන සරාගි නිළි Megan Fox සමඟින්  Callan Mulvey, Eoin Macken, Aml Ameen හා Jack Roth යන අය එකතු වෙනවා. විනාඩි 90ක පමණ ධාවන කාලයකින් යුත් මෙය කුණු තක්කාලි මීටරේ 88% ක මනාප ප්‍රතිශතයක් එක්ක ගූගල් මනාප 85% ක් ලබාගෙන තියෙනවා.

කතාව පැත්තට හැරුනොත් එමාව (Megan Fox) ඇගෙ මහත්තයා විසින් ඒ දෙන්නගෙ විවාහ සංවත්සරේ සමරන්න කියලා ඈත එපිට තියෙන එයාලගෙ වින්ටර් හවුස් එකට එක්ක යනවා. දෙන්නම පදමට මත් වෙලා ආදරණීය ලෙස නින්දට වැටෙනවා. උදේ දැඩි සීතලත් එක්කම එමාගෙ මහත්තයා එමාව නැගිට්ටවනවා. එමා නැගිටිනකොට එමාට තේරෙනවා එමාගෙ අතකටයි මහත්තයගෙ අතකටයි මාංචුවක් දාලා තියෙනව කියලා. ඒ මොහොතෙම එමාගේ මහත්තයා පිස්තෝලයක් අරන් ඔලුවටම වෙඩි තියාගෙන එතනම සියදිවි නසාගන්නවා. සිද්ද වුනේ මොකක්ද කියලා එමාටත් හිතාගන්න බැරිවෙනවා. එමා දැන් එයාගෙ මැරිච්ච මහත්තයගෙ අතකට හා ඇගේ අතට දැමූ මාංචුවට හිරවෙලා තමයි ඉන්නේ. ඒ කියන්නෙ එමාට කොහෙටවත් යාගන්න විදිහක් නෑ,යන දිහාවක මහත්තයගේ මළ මිනියත් ඇදගෙන යන තැනට වැඩ යෙදිලා තියෙනවා.තමන්ගේ මහත්තයගේ සියදිවි නසාගැනීමේ සිද්දයත්  බේරුමක් කරගෙන එමාට මේ මාංචුවත් ගලවගෙන වින්ටර් හවුස් එකෙන් බේරිලා එලියට යාගන්න පුලුවන් වෙයිද කියලා ත්‍රාසජනක කතා බලන්න කැමති කට්ටිය අරගෙනම බලන්න. එහෙනම් මං ගියා. ඔබට සුභ දවසක්!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram