spot_img

Toilet Ek Prem Katha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටිකක් පමා නම් උනා මොනා කරන්නද ඉතින් රාජකාරි වැඩත් බහුල නොවැ. හැබැයි සබක් දෙනවා කියලා ගත්තොත් අනිවා දෙනවාම තමයි. මේක ගැන කිහිප දෙනෙක්ම අහලා තිබ්බා සබ දෙනවාද සබ් දෙන අදහස අත්හැරලාද මොකෝ වෙන්නේ කියලා. කොහොම හරි හැමෝටම කිව්වා කොහොම හරි දෙනවා කියලා ඉතින් ඔන්න දුන්නා. Shree Narayan Singh විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය තිරගත වුනේ 2017 අගොස්තු මාසයේ. ආක්ෂේගේ ෆිල්ම් කොහොමත් හිට් වෙන නිසාම මේකත් සුපර් හිට් එකක් උනා. කෝටි 18ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය අන්තිමේ කෝටි 216ක ආධායමක් උපයාගෙන තමයි නතර වුනේ.

කතාව ගැන කියන්නම්කෝ… කේෂව් කියන්නේ තරුණ විය ගෙවිලා මැදිවියටත් එලැබුන කෙනෙක්. නමුත් ඔහුගේ කෙන්දරේ ග්‍ර‍හා අපල දෝෂ නිසා ඔහුට කසාදයක් කරගන්න වෙන්නේ නැහැ. මොහුගේ තාත්තා පණ්ඩිත් කෙනෙක්. ඒ නිසා සංස්කෘතික සිරිත් විරිත් සේරම අකුරටම පිලිපදින කෙනෙක්. කේෂව් තාත්තාටත් බොහෝම යටහත් පහත්ව තමයි ඉන්නේ. මේ අතරදි තමයි අහම්බෙන් වගේ කේෂව්ට ජයාව හම්බවෙන්නේ. කේෂව් ගේ වයසත් එක්ක මුලින් කොහොමත් ජායා ඔහුට කැමැති වෙන්නේ නැහැ. එත් දන්න වැඩ කිඩ දාලා කේෂව් ජයා එක්ක යාළුවෙනවා. කොහොම හරි තාත්තාගේ අවසරයත් අරගෙන දෙන්නා කසාද බදිනවා.. කසාද බැදලා පලවෙනි දවසේම ලොකු කලබගැනියක් වෙනවා. ඒකට හේතුව කේෂව්ගේ ගෙදර වැසිකිලියක් නැති කම. ඔවුන් ශරිරි අවශ්‍යතාවයන් ඉටු කරන්න යන්නේ කැලැවට. ජයා කියන්නේ හොද පවුලකින් ආව කෙල්ලෙක්. ඇය කැමැති වෙන්නේ නැහැ මලපහා කරන වැඩේට වැසිකිලියක් නැතිව කැලේට යන්න. කේෂව්ගේ තාත්තා කැමැති නැහැ ගෙදර වැසිකිලියක් හදන්න. මොකද දෙවියන්ට වදින ගෙදර වැසිකිලියක් හදලා අපවිත්‍ර‍ කරන්න කැමැති නැහැ කියලායි ඔහු කියන්නේ. කේෂව්ට බිරිද කියන දේ අහන්නත් ඕනි තාත්තාගේ වචනයට පිටින් යන්නත් බැහැ. කොහොම හරි ජායා ගෙදරත් දාලා යන තැනට වැඩේ සිද්ධවෙනවා. කේෂව් ඊලගට මොනා කරයිද ඕක තමයි ඉතින් චිත්‍ර‍පටියේ බලන්න වෙන්නේ. කතාව උඩින් උඩින් අතගාලා කිව්වේ. තව බලන්න ගොඩක් එවා තියනවා. කොහොමත් මං ට්‍රේලර් එකේ පෙන්නපු කතාවම තමයි ටිකක් පැහැදිලි කරලා කිව්වේ. තාම බලපු නැති අර අරන් බලන්ට. අපි ගියා ඕං..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram