spot_img

Tokyo Revengers (2023) Season 03 රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tokyo Revengers (2023) Season 03 Sinhala Subtitle

Tokyo Revengers Sinhala Subtitle

 

ඔන්න යාලුවනේ Tokyo revengers තුන්වන කතා සමයත් පරක්කු වෙලා හරි ඔයාලට අරගෙන ආවා. ගොඩක් අය මැසේජ් කරලා පවා අහලා තිබුණා සබ් දෙන්න පරක්කු ඇයි කියලා. කාර්‍ය බහුලත්වයත් එක්ක දැන් උපසිරැසි කරන්න තියෙන වෙලාව සිමිතයි.

හරි දැන් ඒ කතා වැඩක් නෑ. අපි දැන් මේ කතාව පැත්තට හැරෙමුකෝ.
දෙවනි කතා සමය බලපු අයට මතක ඇති කතාව ඉවර වෙන්නේ කොතනින්ද කියලා. අන්න එතනින් තමා කතාව පටන් ගන්නේ. කිසාකි අලුත් කල්ලියක් හදාගෙන තමන්ගේ ඉලක්කයට කොහොම හරි ලගා වෙන්න උත්සහ කරන විදිය මේ කතා සමයෙන් අපිට බලාගන්න පුලුවන් වගේම. කිසාකි මේ හැමදෙයක්ම කරන්නෙ ඇයි කියලත් ඔයාලට බලාගන්න පුලුවන්.
තව විශේෂ දෙයක් මේ කතා සමය ඇතුලේ ඔයාලට දකින්න ලැබෙනවා. දෙමව්පියන්ගේ වරදින් බිහිවන දරුවෝ අන්තිමට මව් සෙනෙහස පිය සෙනෙහස නැතුව කොච්චර අසරණ වෙනවද සහ නොමග යනවද කියන කාරණේ මනාවට පෙන්නුම් කරලා තියනවා. දරුවන්ට ආදරය සෙනෙහස අව්ශ්‍ය කාලෙදී ලැබෙන්නේ නැතුව අවශ්‍ය නැති කාලෙදි ඒවා දීලා වැඩක් නෑ. මොකද එතකොට දරුවෝ දෙමාපියන්ගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා.  “වීරයා” අපේ කතාවේ වීරයා ටකෙමිචි හනගාකි අතීතයට අනාගතයට කාලය හරහා පැන පැන තමන්ගේ ආදරය ආරක්ෂා කරගන්න හදන මේ සෙල්ලම තව කොච්චර කාලයක් ටකෙමිචි ට කරන්න පුලුවන් වෙයිද කියලනම් ඔයාලට කතාව බලලම දැනගන්න වෙනවා.ඒ වගේම මයිකිගේ අයියගේ අතීතය ගැනත් ලොකු විස්තරයක් අපිට දැනගන්න පුලුවන්. ආදරය, වේදනාව, දුක, සතුට,ලැබීම්, අහිමිවීම අතරේ දිව යන මේ කතාවේ මේ අවසානය වෙන්නත් පුලුවන් කියලා සමාජ මාධ්‍යවල තියෙනවා දැක්කා. කතාව ඉවර වුනොත් නම් මෙතනින් හොදයි.🤭 එතකොට මට සබ් එකත් නවත්තන්න පුලුවන්නේ😜කොහොමහරි තව කතා සමයන් කීයක් ආවත් ඔයාලට සබ් එක ලබාදෙන පොරොන්දුවත් එක්ක ගිහින් එන්නම් ජය වේවා! 💪🙏.
“ලොකු මැර කල්ලියක් මෙහෙයවන්න ඇගපතේ ශක්තිය කොහෙත්ම වැඩක් නෑ. ඕනි වෙන්නේ හොද සැලැස්මක් විතරයි.
                                                  මීට,
                                                 කිසාකි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  13 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ගිහාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram