spot_img
spot_img

Train to Busan 2 Peninsula 2020 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අවුරුද්දට දකුණු කොරියාවෙන් සොම්බි ටයිප් සිනමා සිත්තම් දෙකක් නිකුත් කරානෙ. මේ දෙකම නිකුත් වුනේ කොරෝනා සමයේ උනත් ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩු බවක් තිබුනෙම නැහැ. පලමුවෙන් නිකුත් වුන Alive චිත්‍රපටයටත් අපි උපසිරැසි ලබාදුන්නනෙ. ඒකට වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇඳබැඳ ගන්න සමත් වුනු Peninsula චිත්‍රපටය තමා මෙවර මේ විදිහට ගෙන එන්නෙ. 2016 දි නිකුත් වුන Train to Busan චිත්‍රපටයෙ පසු කතාවක් තමා මෙහි ගලායන්නෙ. කතා දෙකේ ලොකු සම්බන්ධයක් නම් නැහැ. මේකෙ කියන්නෙ සොම්බි ආක්‍රමණය 2016දි පටන්ගත්ත බව විතරයි. නළුනිළි කැලත් සම්පූර්නයෙන්ම වෙනස්..

එහෙනම් ටිකක් චිත්‍රපටය ගැනත් බලමු. 2016දි සොම්බි නොවී ඉතුරු උන හැමෝවම අසල්වැසි රටවල්වලට පිටත් කරනවා. මේ අන්තිම නැවේ ඉඳලා ආසාධිතයෙක් හමුවන නිසා තවදුරටත් සරණාගතයො ගන්න එක ඒ රටවල් ප්‍රතික්ෂේප කරනවා…. 2020දි දකුනු කොරියාවෙ සල්ලි පුරවපු ට්‍රක් එකක් තියනවා කියලා එහෙ කල්ලියක ලොක්කෙක් දැනගන්නවා. මෙයා කොරියාවෙන් ආපු හතර දෙනෙක් එකතු කරලා එයාලව යවනවා මේක අරන් එන්න කියලා.. ඉතිං මෙයාලා ආයෙත් කොරියාවට ගියාම මොනවා වෙයිද? කවුරු මැරෙයිද? කවුරු හම්බවෙයිද? කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා..

එහෙනම් Action, Horror ගනයේ මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ

 

Download “Train to Busan 2 Peninsula (2020) සිංහල උපසිරැසි” Train.to.Busan.2.Peninsula.2020.Sinhala.Subtitle.rar – Downloaded 18771 times – 26 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. අඩේ එහෙ බලල මෙහෙ බලද්දි සබ් එකත් දීල ඉවරයි. පට්ටම තෑන්ක්ස් මචන්

  2. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. බොහොම ස්තුතියි බ්‍රෝ 😊
    ප්‍රශ්නයක් තියනව මේක TTB 2ද එහෙම නැත්තං TTB එකේ spinoff එකක් වගෙ එකක්ද.? ඊටත් අමතරව මේක spinoff එකක් නම් ඉදිරියේදි TTB 2 එකක් එන්න නියමිතයිද එහෙම නිවේදනයක් එහෙම තියනවද.?

  5. දවස් දෙකකින් මේ පැත්තට එන්න බැරි වුණා ආපු දවසෙම පොල්ලෙන් ගැහුවා වගේ මේක දාලා යකෝ
    සබ් එකට ගොඩක් ස්තුතියි මල්ලි
    දිගටම සබ් දෙමු
    ඔන්න මාත් බෑවා එහෙනම්.

Leave a Reply to Lakshitha Maduranga Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram