spot_img

Upgrade (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මගේ පළමු උපසිරැසිය විදියට අරන් එන්න හිතුවේ 2018 වසරේ නිකුත් උන ඇක්ෂන් පැත්තට බර චිත්‍ර‍පටියක්… මේක අධ්‍යක්ෂණය කරන්නේ Leigh Whannell විසින්. Insidious හොල්මන් චිත්‍ර‍පටි මාලාව වගේම SAW චිත්‍ර‍පටි වල 4 5 6 චිත්‍ර‍පටි ලියන්නෙත් මොහු විසින්ම තමයි…  මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Logan Marshall-Green,Betty Gabriel හා Harrison Gilbertson රංඟනයෙන් දායක වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව පැත්තට හැරෙන්නම්… මේ සිදුවිම් වෙන්නේ මිට තවත් වසර කිහිපයක් ගිහින්. ලෝකයම පරිඟනක වලින් පාලනය වෙන්න අරන්. අපි පදින වාහන හා ගෙදර දොර උපකරණ සිල්ලම පාහේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියයි. නමුත් ග්‍රේරේ කියන්නේ පරණ දේවල් වලට ආදරය කරන කෙනෙක්. ඔහු තාමත් පදින වාහනය පවා මැනුවල් ගියර් පද්ධතියක් සහිත වාහනයක්. ග්‍රේරේ ගේ බිරිද තමයි අාශා කියන්නේ. මොවුන් දෙන්නා ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. ආශා නම් අලුත් තාක්ෂණයට බොහෝමත්ම ප්‍රිය කරනවා. ඇයගේ වාහනය පවා වෙළද පොලේ තියන නවතම වර්ඟයේ එකක්. පාලනය වෙන්නේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියව. කොහොම හරි ග්‍රෙරේ හා ආශා දිනක් මේ වාහනයේ යද්දි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරක් වෙනවා… මේ අනතුරින් පස්සේ තමයි චිත්‍ර‍පටියේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්නේ…. චිත්‍ර‍පටිය ඔබ නරඔන්නේ නැතුව ඉන්න හිතනවා නම් කරුණාකරලා ට්‍රේලර් එක බලන්න. ආයේ දෙකක් නැහැ ඔබ අනිවාර්යෙන්ම චිත්‍ර‍පටිය බලාවි. එහෙනම් මං සමුගන්නවා ඔබට සුභ දවසක්!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram