More

    Vaah Life Ho Toh Aisi (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    එන්නකො ඔයාලට කතාවක් කියන්නම්. ටික කාලෙකට කලින් මුම්බායි වල එක පරන මන්දිරයක් තිබුණා.”භසේරා” කියලා.එහේ ජීවත් වුනේ, අත්තම්මා, සුනිල්,සුනීතා,අංජලී..තව ළමයි රොත්තකුයි. තව එයාලගෙ “ආදි මාමයි”..මෙච්චර ළමයි රොත්තක් කොහෙන්ද කියනවනම් මෙහෙමයි. ආදිගෙ ලොකු අයියායි නෑණයි ගුවන් අනතුරකින් නැති වුනා..ඒක නිසා එයාලගෙ ළමයින්ගෙ වගකීමත් ආදිට පැවරුනා. ආදිගෙ අනික්  සහෝදරයා සුනිල් බිස්නස් කඩා වැටිලා පාඩු වුන නිසා අරක්කු වලට ඇබ්බැහි වුනා..ඉතිං එයාගෙ ළමයිනුත් ආදිගෙ දිහාට හැරුනා..එතකොට ගෙදර මුරකාරයා බහාදූරුයි එයාගෙ ළමයයිත් හිටියා..ඔන්න ඔය වගේ මේ ගෙදර යක්ෂ පැටව් ගොඩක්ම හිටියා..අසරන ආදිට හුගක් කරදර..ළමයි නම් ඉතිං ළමයිනේ. මෙයාලගෙ ටියුෂන් ටීචර් “ප්‍රියාත්” ආදිට ළමයිට නොදැවෙනි තරම්ම වද දුන්නා.. ඒවගේම ආදිගෙ මාමත් ඔය අහල පහලම තමයි ජීවත් වුනේ..ඒවගේම අත්තම්මගෙ වැඩ, ආදිගෙ නංගි අංජලීගෙ කසාදෙ කියන වගකීමුත් ආදිගෙ පිට තමයි පැවරුනේ..

    එතකොට කවුද මේ ආදී..ආදි කියන්නෙ සැබෑ ජීවිතේ “Shahid Kapoor” මේ කතාවට ආදී.. එයා මෝටර් රථ ඉංජිනේරුවෙක්.. එයා හොයා ගන්නවා සූර්‍ය ශක්තියෙන් වැඩ කරන මෝටර් රථයක්. ඉතිං මේක සමාගමකට විකුණලා ලොකු ගාණක් අරන් සැපට ජීවත් වෙන්න කියලා තමයි, දවසක් එයා ගෙදරින් පිටත් වෙලා යන්නෙ.. ඔහොම එදා දහසක් වගකීම් තම උරට පැටවිලා තියෙන ආදි සියල්ලම අදින් ඉවරයි කියලා හිතන් පිටත් වුනත්, එදා තමයි “මරණයේ දෙවියා” සැබෑ ජීවිතේ “Sunjay Dutt” මේ කතාවෙ “Mr.යමරාජ්” ඔව්, යමරජු ආදිගෙ ජීවණ ගමනට හරස් වෙන්නේ..යමරජුත් ඉතිං ඔළුවෙ අං ඔටුන්න දාන්, හරක පිටේ නම්  නෙවේ එන්නේ..පාවෙන 1800CC කාර් එකක සූට්කෝට් දාගෙන නවීන පන්නයේ කෙනෙක්. ඉතිං යමරජු ආව කියන්නෙ ඒක තමයි අර්ථෙ.. ඒ කියන්නෙ එදා ආදි මැරෙනවා.. යමරජු එයාගෙ ආත්මෙත් අරන් ස්වර්ගෙ දිහාට යනවා.

    දහසක් වගකීම් දරපු ආදිගෙ මේ හදිසි වියෝව ගෙදර අයටනම් දරාගන්න බැරි දෙයක් වෙනවා. විශේෂයෙන් ළමයින්ට..ආදි නැති වෙන්න කලින් ගේ උකසට තියලා ලක්ෂ 25ක් නංගිගෙ කසාදෙටත් අරන් තිබ්බේ.. ඉතිං ආදි නැති වුණාම මේ ලක්ෂ 25 – 50 වෙනවා. ගෙදරට අලුත් අයිතිකාරයො කියලා කට්ටිය එනවා..ජංජාල ගොඩයි.. ඉතිං අපෙ ආදිට යමරජුගෙන් එක වරමක් ලැබෙනවා. ඒතමයි සතියකට එයාව පොළවට එවනවා.. ඒත් ආත්මෙ එවන්නෙ. කාටවත් එයාව ඇහෙන්නෙ පේන්නෙ නෑ..ආදි එක්ක තම ළමයෙකුගෙ ආත්මයකුත් එවනවා. දෙන්නම එකට.. ඒ වගේම හත්වෙනි දවසෙ ගෙදර අය ඉදිරියේ පෙනී හිටින්න විනාඩි 5හක බලයකුත් දෙන්නම් කියනවා. ඉතිං ආදිගෙ ගෙදර නොයෙකුත් වංචා වෙන්න ගන්නවා.  ආදි ගිහින් බනිනවා ගහනවා..ඒත් ඉතිං ඇගේ වදිනවායැ. භූතයෙක් නොවෑ..එතැන් පටන් සිද්ද වෙන සිදුවීම් වලක්වා ගන්න භූත ආදිට මොනානම් කරන්න වෙයිද කියලා ඔයාලම බලාගන්න..

    ඉතිං ඔය උඩ තියෙන කතාව තියෙන Vaah! Life Ho Toh Aisi නැත්නම් “වාහ්! ජීවිතේ නම් මේ වගේ වෙන්න ඕනේ” කියන චිත්‍රපටියට තමයි මේ උපසිරැසිය ගන්වන් එන්නේ. මගේ තුන් වෙනි හින්දි චිත්‍රපටය තමයි මේක..
    ඉන්දියාවෙ භාෂා වලින් හින්දි ආරයේ භාෂා මට තේරෙන්නෙ නැති වුනත් මේ චිත්‍රපටිය ලොකු පොඩි අය හුගක් ඉන්න
    මගෙ පුංචි කාලෙ ආස චිත්‍රපටයක් නිසාත් උපසිරැසි ගැන්වුවා. ගොඩක් අය බලලත් ඇති, මොකද ඉස්සර මේක
    ටීවි එකේ හුග සැරයක් නාළිකා කිහිපෙකෙම ගියා. හුගක් පාසල් නිවාඩු සම වල. ඒවගේම මං සිංදු සේරමත් දන්න විදියට උපසිරැසි ගැන්වූවා. එහෙනම් බලන්නකො භූත “ෂහීඩ් කපූර්ගෙයි” යමරාජ් “සංජේයි දත්” ගෙයි දවස් හතේ කතාව.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති යූ ටියුබ් හි පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Vaah Life Ho Toh Aisi (2005) සිංහල උපසිරැසි” Vaah.Life.Ho.Toh.Aisi.(2005).Sinhala.Subtitle.rar – Downloaded 1083 times – 56 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
      ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
      ජයවේවා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram