spot_img

Veerappan (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද සුපිරි සිනමා අත්දැකිමක් අරගෙන එන්නයි මේ සුදානම් වෙන්නේ… මිට කලින් රාම්ගෝපාල් වර්මා විසින් නිර්මාණය කරපු Killing Veerappan නැමැති තෙලෙගු චිත්‍ර‍පටියක් නිකුත් උනා… නමුත් මේ චිත්‍ර‍පටියේ ඇත්තේ ඒ චිත්‍ර‍පටියේම එම කතාවම නොවෙයි… මෙහි අන්තර්ගතවෙන්නේ වෙනස්ම කතාවක්… ලෝකයේ දරුම ත්‍ර‍ස්තවාදියා ඔසාමා බින් ලාඩන් අල්ලන්නට අවුරුදු දහයක් ගතවුනත් මොහුව අල්ලන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 20ක්) ගත වෙලා තියනවා. මොහුව අල්ලන්න කරපු මෙහෙයුම් වලින් පොලිස් නිලධාරින් 97ක් ජිවිතයෙන් වන්දි ගෙවලා තියනවා. නමුත් මොහුව කෙසේ හෝ 2004 ඔක්තොම්බර් 18 වැනිදා මරා දමනවා. මොහු දේවත්වයෙන් සලකපු එක් පුද්ගලයෙක් සිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ රටේ අවුරුදු 30ක් ත්‍ර‍ස්තවාදයෙන් පුරවපු LTTE නායක වේලුපිල්ලේ ප්‍ර‍භාකරන්ව. මේ චිත්‍ර‍පටියේ සදහන් වන ආකාරයට මොවුන් දෙදෙනා හමුවෙන්න හිටියාත් ඒ මුණ ගැසිම් සාර්ථක වෙලා නැහැ. නිකමට හරි මොවුන් දෙදෙනා මුණ ගැහුනා නම් ඉන්දියාවට ඒක ලොකු තර්ජනයක්වන්නටත් තිබ්බා. කතාව ගැන කිව්වොත් මුලින්ම චිත්‍ර‍පටිය පටන් ගන්නේ හමුදාවේ ලොකු නිලධාරියෙක්ව මරා දමන තැනින්… කොහොම හරි ඒ නිලධාරියා මියගියාට පසු තවත් නිලධාරියෙක් පැමිනෙනවා විරප්පන් හෙවිමේ මෙහෙයුමට. මොහුත් ගහන පැලැන් රැසක් අසාර්ථක වෙනවා… නමුත් ඔහු උත්සහා අතහරින්නේ නැහැ කොහොම හරි විරප්පන්ගේ කතාවට ඉවරයක් තියන්න මේ නිලධාරියා තිරණය කරනවා… ඒ මෙහෙයුම තමයි චිත්‍ර‍පටියේ දිඟ හැරෙන්නේ…. සැකයක් තියේ නම් අනිවාර්යෙන් ට්‍රේලර් එක බලලාම චිත්‍ර‍පටිය බලන්න. ට්‍රේලර් එක බලපු ගමන් අනිවාර්යෙන්ම චිත්‍ර‍පටිය නරඔාවි කියලා හොදටම විශ්වාසයි. එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඒච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram