More

    Vikram (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම නොයිවසිල්ලෙන් එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි…නොසිතූ වෙලාවක තමයි අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙන්නේ…ඉතින් කොහොම හරි මේ චිත්‍රපටිය නිල වශයෙන්  OTT වලට නිකුත් වෙන්න තියෙන්නේ ජූලි 10…ඉතින් කොහොම හරි 10 ද එන පිටපතටත් උපැසිරැසි යාවත්කාලීන කරන්නම් කියන ගමන්,අපි බලමු අද අරගෙන එන චිත්‍රපටිය ගැන විස්තර…

    Maanagaram, Kaithi, Master, වගේ සුපිරි චිත්‍රපටි අරගෙන ආපු Lokesh Kanagaraj ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Vikram….ඉන්දියාවේ සිනමා ශාලා වල අති සාර්ථක ලෙස තිරගත උන මේ චිත්‍රපටියේ Kamal Haasan,Vijay Sethupathi , Fahadh Faasil, Kalidas Jayaram වගේම තවත් විශාල නළු නිලි කැලක් රංගනයෙන් දායක වෙනවා…1986 තිරගත උන Kamal Haasan රංගනයෙන් දායක උන Vikram චිත්‍රපටියේම දිගුවක් විදියට තමයි 2022 Vikram  චිත්‍රපටිය…ඔයාල කැමතිනම් 1986 තිරගත උන Vikram  චිත්‍රපටියත් බැලුවට කමක් නෑ….හරි එහෙනම් අපි දැන් Vikram  (2022) චිත්‍රපටිය ගැන බලමු…

    2019 කාර්තික් රංගනයෙන් දායක වෙන  Kaithi චිත්‍රපටිය ඔයාල බලල නැත්නම්,අනිවාර්‍යෙන්මVikram බලන්න කලින් Kaithi  චිත්‍රපටිය බලල එන්න….මොකද මේ චිත්‍රපටි දෙකම එකිනෙකට සම්බන්ධයි… Lokesh Kanagaraj විසින් හදන්න යන  Lokesh Cinematic Universe (LCU) එකේ මුල් චිත්‍රපටි දෙක තමයි Kaithi  සහ Vikram  කියන්නේ…එහෙනම් ඉතින් Kaithi  බලපු නැති කට්ටිය මුලින්ම එහෙනම් Kaithi  බලල එන්නකෝ…

    ඉතින් Vikram හි කතාව ගැන කිව්වොත්…වික්‍රම් (Kamal Haasan) කියන්නේ නොම්මර එකේ බේබද්දෙක්…ඉතින් මෙයාගේ වැඩේ මුලු දවසම බොන එක,ඒ ඇරෙන්න මෙයා වෙන කිසිම වැඩක් කරන කෙනෙක් නෙවෙයි….මේ අතරේ තමයි නගරේ පුරාම මිනීමැරුම් කරන කල්ලියක් බිහිවෙන්නේ…මේ කල්ලිය මිනිස්සුන්ව දරුණු විදියට මරල දානවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මේ කල්ලිය වික්‍රම්වත් අල්ලගෙන යන්නේ…ඉතින් මේ කල්ලිය වික්‍රම්ව පාලු ගොඩනැගිල්ලකට අරගෙන ගිහින් මරල දානවා…එතනින් පස්සේ මේ මිනීමැරුම් කල්ලිය ගැන හොයන විශේෂ බලකායකට බාරවෙනව…එහි ප්‍රධානියා තමයි අමර් (Fahadh Faasil ) ඉතින් අමර්ට  පුලුවන් වෙයිද මේ කල්ලිය අල්ලගන්න කියල බලන්න අරගෙන බලන්නකෝ Vikram…

    මේ කතාවේ මුල් ටික විතරයි කිව්වේ…කුතුහලයත් එක්කම හොද ක්‍රියාදාම ටිකක් ඔයාලට මේ චිත්‍රපටිය තුලින් බලාගන්න පුලුවන්…ඒ එක්කම කියන්න ඕනි,ඔයාල ගොඩක් ආදරේ කරන දමිල සිනමාවේ සුපිරි තරුවක් ,ඔයාලට Vikram චිත්‍රපටිය තුලින් වෙනස්ම චරිතයකින් දැකගන්න පුලුවන් වෙයි…එහෙනම් ඉතින් ආයෙත් මතක් කරනවා ඔයාල Kaithi  බලල නැත්නම් ,Vikram බලන්න කලින් Kaithi චිත්‍රපටිය බලල එන්න කියල…එහෙනම් අදට සමුගන්නවා..ආයෙත් ඉක්මනටම හම්බවෙමු..

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Vikram (2022) සිංහල උපසිරැසි” Vikram.(2022).Sinhala.Subtitles.rar – Downloaded 8804 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram