today-is-a-good-day
More

    Vinaya Vidheya Rama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නැවතත් ඉක්මනින්ම හමුවෙන්න ආවේ තවත් සුපිරිම තෙලෙඟු ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන්… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Boyapati Srinu විසින්.. Sarrainodu හා Jaya Janaki Nayaka වැනි චිත්‍ර‍පටිත් ඔහුගේම අධ්‍යක්ෂණයන් තමයි… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස තෙලෙඟු සිනමාවේ කවුරුත් ආදරය කරන Ram Charan හා බොලිවුඩ් සිනමාවේ අපි දැකලා දැන අදුනගත්ත Kiara Advani හා Vivek Oberoi රංඟනයෙන් දායක වෙනවා. මෙය 2019 ජනවාරි 9 වැනිදා ඉන්දියාව පුරා තිරඟත විම ආරම්භ කරන ලද අතර ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර දිනාගනිමින් මේක තිරඟත වුනා..

    කතාව ගැන කිව්වොත් එහෙම.. බුවන් හා අනික් සහෝදරින් හතර දෙනාම අනාථයින් විදියට තමයි ඉන්නේ.. මොවුන්ට සමාජයෙන් වෙන අඩම්තෙට්ටම් ඉවසගන්න බැරුව දවසක් සියදිවි නසාගන්න හදනවා.. මේ මොහොතේ තමයි මේ අයට රාම්ව හම්බවෙන්නේ. කොහොම හරි රාම්ව හම්බුනාම බුවනුයි එයාගේ සහෝදරයින් ටිකක් සියදිවි නසාගන්න අදහස අතහරිනවා ඔවුන් හිතනවා රාම්වත් තමන්ගේ සහෝදරයෙක් වගේ හදාගෙන කොහොම හරි ජිවත් වෙන්න… රාම් කියන්නේ පුංචි කාලේ ඉදන්ම බොහෝම කෙන්ති ගන්න කෙනෙක්.. කොහොම හරි උස්මහත් උනාමත් මේ රාම්ගේ කෙන්තිය ඒ විදියටම තියනවා… කොහොම හරි සහෝදරයෝ ටික හිතනවා මේ රාම්ගේ කෙන්තිය නැති කරන්න පුලුවන් කසාදයක් කරලා දුන්නොත් කියලා. ඉතින් සිතාව හම්බවෙන්නේ එතකොට තමයි..

    කොහොම හරි ඔවුන් ඉන්න මේ පාලත පාලනය කරන කෙනෙක් තමයි රාජා බායි කියන්නේ… මැතිවරණයෙන් උනත් හොර වැඩ කරලා දිනන්න උත්සහා කරන වගේම පලාතේම පොලිසිය බය කරන් ඉන්න කෙනෙක් තමයි රාජාබායි කියන්නේ… නමුත් ඔහුගේ තිරණ ගණන් නොගන්න නිතිය අකුරටම ඉටු කරන නිලධාරියෙක් මේ පලාතට එනවා.. එතැනින් එහාට මොනා වේවිද? රාම් මේ ගැටළු වලට කොහොමද මැදි වෙන්නේ කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා… ඇක්ෂන් චිත්‍ර‍පටියක් හොය හොය හිටියා නම්.. මේක ඔබට හොද විසඳුමක් වේවි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Vinaya.Vidheya.Rama.(2019).Sinhala.Subtitle.rar – Downloaded 2179 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram