spot_img

Vinodhaya Sitham (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් කොහොමද ඔන්න කිව්වා වගේම ඉක්මනටම ආයේ ආවා. මේ ෆිල්ම් එක ඔයාලට බලන්න දෙන්න ඕනම නිසා සබ් එක කරා මගහැරගන්නේ නැතුව අනිවාර්යෙන් බලන්න. මේ චිත්‍ර‍පටිය ඇත්තටම රි මේක් එකක්… මේකේ මුල්ම ඉංග්‍රිසි චිත්‍ර‍පටිය එන්නේ Death Takes a Holiday (1934) දි ඊට පස්සේ ඉංග්‍රිසි භාෂාවෙන් නැවත මේක ප්‍ර‍තිනිර්මාණය වෙනවා Meet Joe Black (1998) දි… පස්සේ මේක හින්දි සිනමාවට නැගෙනවා Shukriya: Till Death Do Us Apart (2004) ලෙසින්… නැවත දමිළ භාෂාවෙන් මේක හැදෙන්නේ 2021 දි තමයි. 

මේ ෆිල්ම් එකේ රංගනය හා අධ්‍යක්ෂණය ” සමුතිරකනි ” ආයේ එයාගේ අධ්‍යක්ෂණයක් කියන්නේ දන්න අය දන්නවා ( ‘ අප්පා ‘ ෆිල්ම් එක එහෙම බලලා ඇතිනේ කට්ටිය ) ඒ වගේම මේ ෆිල්ම් එකේ තම්බි රාමයියා වගේම තව ප්‍රසිද්ද පිරිසක් රංගනයෙන් දායකත්වය දෙනවා.

හරි කතාව පැත්තට එමු ,පරසුරාම් ( තම්බි රාමයියා ) කියන්නේ දරුවෝ සහ පවුලේ අය වෙනුවෙන් ජීවිතේම කැප කරලා වැඩ කරන කෙනෙක් , ඒත් එයා මාර හදිස්සි කාරයෙක් දරුවොන්ගේ හැමදෙයක් ගැනම හිතනවා අරක කරන්න එපා මේක කරන්න එපා ( සාමන්‍ය තාත්තා කෙනෙක්ම වගේ තමයි ) ඒත් එයා ටිකක් වැඩියෙන් හිතනවා වැඩි.ඉතින් කතාව ඔහොම යද්දී එක දවසක් පරසුරාම් රිය අනතුරකට මුහුණ දෙනවා ඒ රිය අනතුරෙන් එයාගේ ජීවිතය නැති වෙනවා. එතනින් පස්සේ තමයි අපේ සමුතිරකනි කතාවට එන්නේ , එයා මේ ෆිල්ම් එකේ ඉන්නේ මාරයාගේ චරිතෙට ( ඒ කියන්නේ අපි ජිවත් වෙන කාලය , අපිව අපායටද දිවය ලෝකයටද ගෙනියන්නේ කියන එක එයා තමයි තීරණේ කරන්නේ ) ඉතින් ඔන්න පරසුරාම් එයා ගාවට ඉබේම එනවා ( මරණෙන් පස්සේ ). පරසුරාම්ට මේක විශ්වාස කරන්න බෑ එයා මාරයා ( සමුතිරකනි ) ගෙන් ප්‍රශ්න අහන්න ගන්නවා එයා කොච්චර තේරුම් කරන්න හැදුවත්.හැබැයි පස්සේ පරසුරාම්ට තේරුම් යනවා එයා මැරිලා තමයි කියලා…

නිකන් හිතලා බලන්නකෝ අපිට මේ වගේ අත්දැකීමක් ලැබුනොත් ( මාරයා එක්ක කතා කරන්න ) ඒකත් මේ වගේ නොහිතන වෙලාවක මැරිලා , අපි මොනවා කරයිද ? ඉතින් පරසුරාම් කියන්නෙත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් නේ , ඔන්න එයා පටන් ගන්නවා අඬන්න අනේ මට මගේ දරුවන්ට අරක කරන්න බැරි උනානේ , මේක කරන්න බැරි උනානේ , මට තව එයාලා එක්ක ගොඩක් කල් ඉන්න ඕනේ , මම නැති උනොතින් එයාලා පාරට වැටෙයි , මාව විශ්වාස කරලා තමයි එයාලයි , මගේ ආයතනයයි ඔක්කොම ඉන්නේ , ඔන්න ඔහොම අඬන්න පටන් ගන්නවා, ඉතින් අපේ මාරයා එයාගෙන් අහනවා දැන් ඔය කියන ඒවා කරන්න කොච්චර කාලයක් ඕනෙද ඔයාට කියලා අපේ පරසුරාම් අවුරුදු ගණන් ඉල්ලන්න පටන් ගන්නවා , වැඩේ හරි යන්නේ නැති නිසා පව් කියලා මාරයා එයාට ඒ කියන වැඩ ඔක්කොම කරගන්න කාලයක් දෙනවා දින 90 ක්

ඉතින් පරසුරාම් මේ දුන්න කෙටි කාලෙන් මොනවා කරයිද ? එයාට ඒ හැමදෙයක්ම කරන්න ඒ කාලය ඇතිවෙයිද ? කියන එක ඔයාලම බලලා දැනගන්නකො නැත්තන් මුළු කතාවම කියන්න වෙනවා.

හැබැයි මේ කතාව විහිළුවක් නෙවෙයි , අවසානෙට කඳුලක් එන , කාලෙකට පස්සෙ ආපු ලස්සනම ලස්සන දෙමල ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ඇතුලේ මාරම ආදර්ශයක් තියෙනවා , ඔයාලා අනිවාර්යෙන් බලන්න , බලන්නම වටින ෆිල්ම් එකක් ඒකමයි කලින් කිව්වා වගේ මම මේක කරේ. ඔයාලා නොහිතන විදිහේ ආදර්ශයක් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා බලන්න එහෙනම් මම ගියා බායි !! ආයේ එන්නම්කෝ සබක් අරන් !!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram