today-is-a-good-day
More

    War (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    වේලි වේලි තිබ්බ බොලිවුඩයට Yash Raj Films වෙතින් සුපිරි චිත්‍රපටියක් නිකුත් කරනවා 2019 ඔක්තෝබර් 2, චිත්‍රපටිය තමයි WAR.ඉතින් මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිවොත් මේ වන විට 2019 වර්ෂයේ ආදායම් අතින් පලමු ස්ථානයට එන්න සමත් උනා,ඇත්තටම බොලිවුඩ් සිනමාවට අලුතෙන් ජවයක් එකතු කරපු චිත්‍රපටියක් කියන්න පුලුවන් මේක,Dhoom,Dhoom 2,Dhoom 3,Ek Tha Tiger,Tiger Zinda Hai,Thugs of Hindostan,වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි අපිට අරගෙන ආපු Yash Raj Films විසින් බොලිවුඩයට අලුතෙන්ම නිකුත් කරපු වෙඩිල්ල තමයි WAR. Koi mil gaya,Krrish 2,Krrish 3,Kaabil ,Dhoom 2, Super 30 වගේ චිත්‍රපටි වලින් අපි අතරට ආපු Hrithik Roshan සමග Heropanti,Baaghi,A Flying Jatt,Munna Michael,Baaghi 2,Student of the Year 2 චිත්‍රපටි වලින් අපි අතරට ආපු Tiger Shroff තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඉතින් මේ දෙන්නගේ එකතුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ,ඒ එකතුව කොච්චර සාර්ථකද කිව්වොත්කෝටි 200කින් නිෂ්පාදනය කරපු WAR කෝටි 450 කට වඩා වැඩි ආදායමක් හොයාගන්න සමත් වෙලා තියෙනව,
    - Advertisement -
    - Advertisement -

    දැන් කතාව පැත්තට ටිකක් හැරෙමුකො,කබීර් (Hrithik Roshan ) කියන්නෙ ඉන්දීයානු හමුදාවේ ඉන්න විශේෂම සෙබලෙක්,ඒත් කබීර් හිටිගමන්ම හමුදාවට ද්‍රොහිකමක් කරනව,මෙයා එක දිගට මිනීමරුම් කිහිපයක් කරගෙන යනවා,ඒකත් රජයේ ඉන්න ඉහලම නිලධාරින්ව තමයි මෙයා මරන්න පටන් ගන්නේ,මෙයා ඇයි මෙහෙම එක පාරටම වෙනස් උනේ කියල කාටවත්ම හිතාගන්න බැරිවෙනවා,ඉතින් මේක කොහොම හරි නවත්තන්න ඕනි නිසා ඉන්දියානු රජය තීරණය කරනව කබීර්ව මරන්න,ඒ වෙනුවෙන් එයාලට ඉන්න හොදම දක්ෂ සෙබලෙක්ව මෙහෙයුමට පත් කරනවා ඒ තමයි කාලිද් (Tiger Shroff ) කාලිද් කියන්නෙ කබීර්ගේ ශිෂ්‍යයෙක්,ඉතින් කාලිද්ට පුලුවන් වෙයිද කබීර්ව නවත්තන්න,ඒ ඒක දැනගන්නම් පැය 2 යි විනාඩි 34ක් ඉවසන්නම වෙනව,

    Imdb අගය මේ වෙන කොට 6.8ක අගයක් අරගන්න සමත් උන මේ චිත්‍රපටියේ දෙවනි කොටසත් ඒ කියන්නෙ WAR 2 ඉක්මනටම බලන්න හම්බවෙනවා කියල දැනගන්න ලැබෙනවා,ඒ 2021දී,කොහොම හරි WAR 2 වලදී අපිට Hrithik Roshan ප්‍රධාන චරිතයෙන්ම දැකගන්න පුලුවන් වෙයි,ඒත් Tiger Shroff වෙනුවට ගොඩක් දුරට Vidyut Jammwal දැකගන්න ලැබෙයි කියල තමයි දැනගන්න ලැබෙන්නෙ ,Tiger Shroff  WAR 2 එකේ නැත්තේ ඇයි කියල දැනගන්නම් මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා,

    මගේ 150 වෙනි උපැසිරැසි ගැන්වීම මෙ වගේ සුපිරි චිත්‍රපටියකින්ම දෙන්න ලැබීම ගැන මටත් සතුටක් තියෙනවා,එහෙනම් ආයෙත්  ඉක්මනටම තවත් මෙ වගේම චිත්‍රපටියකය උපැසිරැසියක් සමගින්ම හම්බවෙමු.එහෙනම් ආරාධනා කරනවා හැමෝටම මේ ගුරු ගෝල  යුද්ධය නරබන්න කියල..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” War.2019.Sinhala.subtitle.rar – Downloaded 3505 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram