spot_img

Wrecked (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ Adventure, Drama, Mystery ඝනයට අයත් වෙන චිත්‍ර‍පටියක් මෙහි ප්‍ර‍ධාන චරිතය කරන්නේ Adrien Brody විසින් චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් කතාවේ ප්‍ර‍ධාන චරිතයට සිහිය එද්දි ඔහු ඉන්නේ මහා කැලයක් මැද්දේ..ඒ වගේම ඔහුගේ වාහනය අනතුරකට ලක්වෙලා වාහනේ ඇතුලේ ඔහු හිරවෙලා… ඒ වගේම ඔහුට තමන් කවුද කොහොමද මෙතැනට ආවේ කියලාවත් මතකයක් ඇත්තේ නැහැ. වාහනේ පිටිපස්සේ ආසනේ තවත් පුද්ගලයෙක් මැරිලා ඉන්නවා දකිනවා. මොහු තමන්ගේ යාළුවෙක්ද නැත්නම් ඔහු වාහනේට ආවේ කොහොමද කියලාවත් මොහුට මතක නැහැ. මේ අතර වාහනේ තිබිලා ඔහුට ක්‍රේඩ්ට් කාඩ් එකක් හම්බෙවනවා. එකේ නමක් ප්‍රින්ට් කරලා තියනවා. මේ පුද්ගලයා හිතනවා මේ තමන්ගේ කාඩ් එක වෙන්න ඇති කියලා මේ වාහනේ වැටිලා තියන නිසා… කොහොම හරි ඔහු වාහනෙන් එලියට බහින්න උත්සහා කලත් ඒක කරන්න බැරි වෙනවා වාහනේ ඩැෂ් බොඩ් අස්සේ ඔහුගේ කකුලක් හිරවෙලා තියන නිසා. කාත් කවුරුවත් නැතිව කැලේ මැද්දේ තනිවෙලා ඉන්න මොහු වාහනේ රේඩියොව ඔන් කරනවා. එතකොට රේඩියෝවේ පොලිස් නිවේදනයක් යනවා… එකෙන් බැංකුවක් කොල්ලකා පාලාගිය අපරාධකරුවන් තිදෙනෙක්ගේ නම් කියවෙනවා… ඒ කියන නම තමයි ඔහුට ලැබෙන ක්‍රේඩිට් කාඩ් එකෙත් තියන නම… ඒ වගේම ඒ කියන නමේ අනික් කෙනා තමයි වාහනේ පසුපස ආසනේ මැරිලා ඉන්නේ… එතකොට මේ අනතුර වෙලා තියෙන්නේ ඔහු බැංකුවක් කොල්ලකාලා යද්දිද? දැන් මේ පුද්ලගයා කොහොමද උදව් ඉල්ලන්නේ…මොකද උදව් ඉල්ලුවොත් අනිවාර්යෙන් හිරේ ලගින්න වෙන්නේ… ඉතින් එතැනින් එහාට මොනා වේයිද වගේම ඇත්තටම මේ පුද්ගලයා කවුද යන්න චිත්‍ර‍පටිය අවසානයේ ඔබට බලාගන්න හැකිවේවි. එහෙනම් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram