spot_img

Youve Got Mail (1998) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1998 නිකුත් ව ඇති මේ සිනෙරුවේ අධ්‍යක්ෂණය හා තිර රචනය නෝරා එෆ්රොන් විසිනි.  මෙග් රයන් හා ටොම් හෑන්ක්ස් විසින් ප්‍රධාන චරිත රඟ දැක්වෙයි. මිනිස් සබඳතා නූතනත්වය හමුවේ වෙනස් විය හැකි අයුරක් අපූර්ව ලෙස ඉදිරිපත් කර ඇති මේ රොමාන්තික කොමඩිය, නාට්‍යමය ජවනිකා බහුල, ප්‍රේක්ෂක අවධානය මුල සිට අග දක්වා ම නො අඩු ව රඳවා ගන්නා නිර්මාණයකි. සිනෙරුවේ ගලා යෑම කෙරෙහි යොදා ගෙන ඇති සංගීතයෙන් ඉටු වන කාර්යභාරය කියා නිම කළ නොහැකිය..

හුදෙක් සිනෙරුවක් යන සීමාවෙන් ඔබ්බට ගොස් සිනමාව තුළ සාහිත්‍යමය රසාස්වාදයක් ජනිත කරන්න ට රචිකාව සමත්ව ඇති බව මැනවින් පසක් වන්නේ ඈ අවස්ථාවෝචිතව බස යොදා ගෙන ඇති ආකාරයෙනි. උපසිරැසි ගන්වන්නා ඒ හේතුවෙන් ම යම් කිසි අසීරුවක ට ලක් වූයෙන් ආධුනිකයා ගේ දොස ට පාඨකයෝ කමත්වා!

අනුවාදක මේ නිර්මාණයට ආසක්ත වීම ට තවත් කාරණයක් නම් මෙහි සමාරම්භක රූ වැලයි (opening credits). එහි නිර්මාණ අධ්‍යක්ෂණය සිදුකැර ඇත්තේ අමෙරිකානු නිර්මාණකරණයේ පුරෝගාමීන් තිදෙනෙකු වන වෝල්ටර් බර්නාඩ්, මිල්ටන් ග්ලැසර් හා මර්කෝ ඉලිස් යන අයවලුන් විසිනි. ත්‍රිමාණ සජීවීකරණය  ලෝරන් ද නාපොලි විසිනි. අයිකොනික ‘I ❤NY’ නිර්මාණය මේ තිදෙනාගෙන් කෙනෙකු ගේ නිර්මාණ කාර්යයක් වීම කොතරම් අහඹුවක් ද?

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram