spot_img
spot_img

රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) 19 හා 20 වැනි කොටස් සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

IMDb දර්ශකයේ 7.7ක අගයක් සහ MDL 7.9 ක් ලබා ගන්නට සමත් වුණ,රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාව පෙබරවාරි මස 15 වන දින විකාශනය වීමට පටන් ගත්තා. එතැන් පටන් එදිනෙදා කොටසට, පුරා මාස 2කකට වැඩි කාලයක් තිස්සේ උපසිරැසි ලබා දුන් අපි දැන් මෙහි අවසානයට කරා පැමිණිලා.

ගොගුරියෝ නම් අධිරාජ්‍යයේ කුමරියකගේ කථාවයි මේ. ප්‍යොන්ග්ගන්ග් නම් ඇය සහ මව කුමන්ත්‍රණයකට හසු වීමෙන්, මව ඝාතණය වන අතර කුමරිය පලා ගියත් අවසානයේ ඇයට ඇගේ මතකය අහිමි වෙනවා. ඇයව ඝාතක කල්ලියක් විසින් ඇති දැඩි කරන අතර ඇයවද ඝාතිකාවක් කරනවා. අවසානයේ ඇයට පැවරෙන මෙහෙයුම නම් ගොගුරියෝවේ රජු ඝාතණය කිරීමයි. නමුත් රජු මැයගේ පියාණන් බව නොදන්නා මැය, කිහිප වරක් එයට උත්සහ දැරුවත් අසාර්ථක වෙනවා.

එම එක් ප්‍රයත්නයක් හමුගේ රාජකීය සෙබළු පසුපසින් පන්නද්දි මැයට හමුවෙන තරුණයා ඔන්-දල් නම් වනවා.බොහෝ සෙයින් තුවාල වී සිටි මැයව තම නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර කරනවා. දින සති ගත වෙද්දි ගාජින් (කුමරිය) සහ දල් අතරෙ ආදරයක් දළු ලෑමට පටන් ගෙන එය අවසානයේ මල්ඵල දැරීමට සමත් වෙනවා.

කාලයාගෙ ඇවෑමෙන් නැවතත් මාළිගාවට සිය අනන්‍යතාවය සමග පිවිසෙන මැය ඔන්-දල් තම සැමියා ලෙස හදුන්වා දෙනවා. එය එසේ වෙද්දි වසර ගණනාවක් තිස්සේ බලයට කෙල හලන හිවලුන් තාම රාජ සභාවේ අරක්ගෙන සිටින නිසා මෙම කුමරියගේ ඉදිරි ගමන කටුක මාවතක් වුනා. නැවතත් මාලිගයෙන් පන්නා දමන මැයව ආපහු මාලිගයට බලවත් අයුරින් පා තබනවා.

අවසානයේ මොවුන්ගේ සදාකාලික හතුරා වන ගෝ වොන් ප්‍යෝ කුමාරිය අතින් මිය යාමත් සමග, කුමරියගේ ගුරුතුමා උන ගෝ වොන් ප්‍යෝ ගේ නැත්නම් ගොචුගා වරයාගෙ පුත් කුමරිය සමග දැඩි වෛරයක් බැදගන්නවා. පසුව ඔහු සිල්ලාවට සේන්දු වෙන්නේ ඔහුවත් නොදැනී.. කලබලයන් සියල්ල දැන් සමාප්ථයි. ඔන්-දල් නැවතත් සියල්ල අත් හැර හොල්මන් නිම්නයට යන්නේ ඔහුගේ මව වියෝ වීමේ ශෝකයත් සමගයි.. මෙසේ වසර 4ක් ගෙවී යනවා. ඔන්දල් සහ කුමරිය දැන් වෙන් වෙලා.

සිල්ලා දේශයට ගිය ගෝ වොන් ප්‍යොගෙ පුතු සිල්ලා දේශය සමග එක් වී, ගොගුරියෝව ආක්‍රමණයට සූදනම් වෙනවා. එසේම සිද්ධි දාමයක් හමුවේ නැවත ගොගුරියෝවට සිය පියාගෙ අසිපතත් රැගෙන පා තබන ඔන්-දල් ආඩාන් නම් බලකොටුව අල්වා ගැනීමට කුමරිය සමග පිටත් වෙනවා. සිල්ලා දේශයේ රජු සමග ගෝ වොන් ව්‍යෝගෙ පුත් එක පසෙකින් පැමිණෙන විට’ ඔන්දල් සහ කුමරිය අනික් පසින් සෙබළු පිරිවරා ආඩාන් බලකොටුව දෙසට ගමන් කරනවා. අද කොටස් වලින් ඔයාලට එතැන් පටන් නැරඹීමට හැකියි.

තුන් දේශයම එක් සේසත් කිරීමේ අධිඨනින් පසු වෙන ගොගුරියෝ රජු ඇතුළු පිරිසගේ වෑයම සාර්ථක වෙයිද? කියන ප්‍රශ්නය ඔයාලටම ඉතිරි කරන්නම්. වගේම අවසානය සතුටු හෝ දුක් මුසු එකක් වෙයිද කියලත් ඔයාලම බලාගන්න.

මෙම කථා මාලාව අරාම්භ කර උපසිරැසි ලබා දුන්නටත් පසුව මගේ ඇගට පාත් කලාටත්”ලහිරු” වගේම ” හිමාශ්” දෙපලට ස්තුතිය පුදකරනවා. කථාංග 20ක් පුරා අප රැදී සිටි ඔයාලටත් ස්තූතියි. තවත් කථාමාලාවකින් මුණගැසෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) සිංහල උපසිරැසි” R.W.T.M.R.19-20.Sinhala.Subtitle.rar – Downloaded 1191 times – 90 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටස් වල උපසිරැසි

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

Leave a Reply to cj Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram