today-is-a-good-day
More

    ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 13 සිට 17 වැනි කොටස් වල සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් යාළුවනේ අද ආවෙ, අපි අරන් ආපු ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතාමාලාවේ ඉතිරි කොටස් ඔක්කොමත් අරගෙනයි. මේක කථාංග 12න් ඉවර වෙන්න තිබුණත් 14 කියලා කිව්වා, අවසානේ 16 කියලා කිව්වා.. ඒත් අන්තිමේටම 17ක් වෙලයි නැවතුනේ.. අපි ඔයාලට කලින් එපිසෝඩ් 12කම උපසිරැසි දුන්නනේ. ඉතිං අද එපිසෝඩ් 13-17 කියන කොටස් 5හටම උපසිරැසි ගන්වගෙනයි මං ආවේ.. දැණ් ඔයාලට එතකොට 1-17 කම්ප්ලීට් උපසිරැසි ගන්න පුළුවන්

    Romance/Youth කැටගරියට අයත් වුන මේ කතා මාලාම විනාඩි 29-40 අතරෙ කතාංග 17කින් සමන්විත වෙන අතර. MDL 7.9 අගයක් සහ IMDb 7.6ක අගයක් ගන්න සමත් වුන එකක්. රගපාන අය ගත්තම Ji Chang-wook, Kim ji-won, Kim min-Seok, So Joo-yeon, Han Ji-eun, Ryu Kyung-soo කියන හය දෙනා ප්‍රධාන දායකත්වය ලබා දෙනවා.. කතාව ගැන චුට්ටක් කියන්නම්කො..

    මේක ඇවිල්ලා වෙනද එන කොරියන් ඩ්‍රාමා රාමුවේ එකක් නෙවෙයි.. ඒක නිසා මුළු කතාවම කැටි කරලා කියන්න අමාරුයි.. A-Z යන එකක් නෙවෙයි.. එක එක දවසට එක එක තැනින් පටන් අරන් පස්සෙ සම්බන්ද කරනවා වගේ එකක්.. ඒ වගේම කතාවෙන් අපිට එන ප්‍රශ්න ඉන්ටවීව් එකක් විදියට ලබා දෙනවා..

    මේ ඉන්ටවීව් එක පටන්ගත්තේ, නගරේ කපල් ආදරේ කරන්නෙ කොහොමද? කියන තේමාව මුල් කරගෙන, ඒ සදහා තෝරගත් හය දෙනෙක් යටතේ.. උඩ සදහන් කලේ ඒ හය දෙනා තමයි.. ඉතිං ඔවුන්ගේ ජීවිතේ “ආදරේ” කියන දේ සම්බන්ද හැම දෙයක්ම මෙහිදී ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා.. හය දෙනාගෙ කතා 6ක් වුණත්, කපල් තුනට බෙදලා ගාණට බැලන්ස් කරනවා.. ඉතිං මේ ප්‍රශ්න යටතට වැටෙන ඒවා ඔයාල මේ කතාව බලාගෙනම ආපු කෙනෙක් නම් දැන් හොදට තේරෙනවා.. “මුලින්ම හම්බ වුනේ කොහොමද? පලවෙනි පාරට රණ්ඩු උනේ, සෙක්ස් කලේ, කිස් කලේ, වෙන් වුනේ, හඳ බිදුනේ, ආයෙ එක් වුනේ, රැවැට්ටුවේ වගේ පළවෙනි පාරට උන දේවල් ගොඩක්ම තේමා කරගෙන තියෙනවා..

    කපල් තුනයි, ආදර කතා තුනයි.. අන්තිම හරියෙ තව කපල් එකක් පෙන්වනවා.. ඒකට ටිකක් තැන දීලා තියෙනවා.
    ඉතිං ප්‍රධාන වශයෙන් ජේ-වොන් සහ ඉයුන්-ඕ (යුන් සියෝන්-ආ) ආදර කතාව තමයි අපිට බලන්න වෙන්නේ..

    මේ කතාව ආරම්භ කරලා දිගටම උපසිරැසි ගන්වපු හිමාෂ් මල්ලිට වගේම, කතාංග 17 පුරාම වචනයෙන් දිරිගන්වපු ලහිරු අයියටත් මේ අවස්ථාවෙ ස්තුතිය පුදකරනවා. අද ඉදින් ඒ දෙන්නා, “රිවර් වෙය(ර්) ද මූන් රයිසස්” ගහන්න ගත්තනේ.. එහෙනම් මින් පසු ඒ කතාමාලාව එක්කම රැදී ඉන්න.. මෙතෙක් ලව්ස්ට්‍රක් බලන්න අප හා රැදී සිටි ඔයාලටත් ස්තූතියි..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) සිංහල උපසිරැසි” L.IN.S.E13.&.17.Sinhala.Subtitle.rar – Downloaded 916 times – 73 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසු ගිය කොටස් වල උපසිරැසි 

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. Thank you so much❤ මේ වගේ පුලුවන් නම් korean tv series වලට දිගටම sinhala sub දෙන්න හොදේ🤗

    Leave a Reply to Maaru Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram