spot_img

11th Hour (2021) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එකෝමත් එක දවසක,රෙඩ් රයිඩින් හුඩ් ඇගෙ අත්තම්මව බලන්න පිටත් වුණා.යන මඟ,ලොකූ ලඳු කැළෑවක්.කැළෑවෙ ටිකක් දුර යද්දි, අඳුර වැටුණා. අඳුරෙදි පව් එයාගේ මඟ මංමුළා වුනා. අඳුර වැටුණ ගමන්ම, බඩගින්නෙන් හිටපු හිවල්ලු කෑගහන්න පටන්ගත්තා. රෙඩ් රයිඩින් හුඩ්’ට බය හිතුණා. ඒ ළගම ලොකු නුඟ ගහක් තිබුණා.ඒ නුග ගහේ ගිජුලිහිණියෝ 04 දෙනෙක්, ඇයව කොයිවෙලේද ඩැහැගෙන යන්නෙ කියලා බලාගෙනම ඉන්නවා.

-අම්මේ, කතාවේ “බිග් බෑඩ් වුල්ෆ්” නැත්ද?
-අවස්ථාවක් වෙනුවෙන් බලාගෙනම හිටිය “බිග් බෑඩ් වුල්ෆ්”…මෙතනමයි ඉන්නේ.
-එතකොට දැන්, රෙඩ් රයිඩින් වුල්ෆ්’ට,කවුරු උදව් කරයිද, අම්මේ?
-තව කවුරුවත්ම එන්නෙ නෑ පුතේ. ඇයට තනියෙන්ම එයා ගැන බලාගන්න වෙනවා.

ඔන්න එහෙනම් උණු උණුවෙන අරන් ආවා අද උදේ ආපු “තමන්නා” රංගනයෙන් දායක වෙන අලුත්ම අලුත් තෙළුගු කථා මාලාව සම්පුර්න උපසිරැසි සහිතවම. IMDb 6.4ක ‘අගයක් ලබාගෙන තියෙන මෙම කථා මාලාව Thriller ඝණයට අයත් වෙනවා.

රැයකින් කතාව පටන් ගන්නේ.. කාතාවෙම පැය කීපයක් දුවන්නේ. රැයක් ඇතුළට වෙන සිද්ධි දාමයක් අපිට බලාගන්න පුළුවන්. ආරා කියන්නෙ සැමියත් නැතුව තම දරුවත් එක්ක තනිවම ජීවත් වෙන මවක්. ඇයට විශාල ව්‍යාපාරයක් තියෙනවා. ඒත් කථාව එතනින් ඇරඹෙන්නෙ. කෝටි 2000ක පියවීමක් ඇයට හෙට උදේ 8 වෙද්දි ගෙවන්න වෙනවා. නැති වුනොත් සේරම බංකොලොත් වෙනවා.

ඒ අස්සෙ ආරා ගෙ බිස්නස් සල්ලි දීලා ගන්න එන ගිජි ලිහිණියො ආරාව රවට්ටන්න හැදුවත් ආරා පසු බට වෙන කෙනෙක් නම් නෙවෙයි. ඇය සතුව පැය කීපයයි තියෙන්නේ. හැමෝම පස්සෙන් එන්නෙ ආරගෙ අලුත් ව්‍යාපෘතිය නිසයි.. ආරගෙ ළමයෙක් වගේ සලකන ප්‍රොජෙක්ට් එකක් ඒක.ඉතිං කාටවත්ම අතක් තියන්න දෙන්නෙ නෑ. ඒත් ඇයට වෙන විකල්ප මුකුත් නෑ.

බොහෝමයක් සිද්ධි දාමයක් කැටි කරලා කාලයත් එක්ක ගලායන කථාවක් මේක. කරදර පිට කරදර ගලාගෙන එනවා. ගිජි ලිහිණියො උන් උන්ට විරුද්දවම ඇණ කොටාගන්නවා. පවුල් පසුබිම් කථාත් එක්ක ඔයාලට ලස්සන කොටස් 8ක් ඔස්සේ මෙම කථා මාලාව ගෙනවිත් තියෙනවා.

දෙයක් කියන්න ඕනේ. මේක අද උදේ ආවට Esub ආවෙ නෑ. ලහිරු අයියා සට සට ගාලා ටයිම් ලයින් ටික ගැහුවත් පලවෙනි එපියෙ සබ ගහලා ඉවර වෙද්දි.. Esub ආව. ලහිරු අයියට තුති! තමන්නගෙ කාලෙකින් තමයි එකක් ආවේ. අදුරන කාස්ට් එකක් තමයි ඉන්නෙ.බලන්නකො එහෙනම් රෙඩ් රයිඩින් හුඩ්ට ලදු කැළෑවෙන් බේරෙන්න පුලුවන් වෙයිද කියලා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram