spot_img
spot_img

122 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

වෙනසකටත් එක්ක බලමුද ඊජිප්තු චිත්‍රපටියක්. ඒ නිසා මේක ආරාබි බාෂාවෙන් තමයි තියෙන්නේ.. මේක ලගදි නෙට්ෆිලික්ස් ආයතනයෙන් අන්තර්ජාලයට නිකුත් කරනවා.. ඒ හින්දි භාෂාවෙන් හඩකවලා. කොහොම හරි හින්දි චිත්‍ර‍පටි අන්තර්ජාලයට නිකුත් කරන කිහිප දෙනෙක් තමයි මේක ටොරන්ට් පිටපත් හදලා දාන්නේ ඒ නිසා ඔයාලා ගන්න පිටපතේ හින්දි හා ආරාබි භාෂා දෙකෙන්ම හඩපටි තියනවා. ඉතින් ඔයාලා බලන්න කලින් පේලේයර් එකෙන් චිත්‍ර‍පටිය හින්දි යෙන් නම් ධාවනය වෙන්නේ ඒක ආරාබි භාෂාවට වෙනස් කරගෙන බලන්න..  Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය Imdb මනාප 3628 කින් 6.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. අපි දන්නවා නේ ත්‍රීලර් ඝණයට අයත් චිත්‍ර‍පටි වලට ඔබ කොතරම් ප්‍රිය කරනවාද කියලා. ඒ නිසාමයි මේක අරන් ආවේ භාෂාව මොකක් උනත්..

කතාව හැම කිව්වොත්,නසර්,ඔම්නියා කියන්නේ කසාද බදින්න කතා කරල ඉන්න ජෝඩුවක්.. ඉතින් මෙයාලට ලොකුම ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මුදල් හිග කම,ඉතින් තවත් ඉවසන්නම බැරි තැන නසර් තීරණය කරනවා.. ඕම්නියා වෙනුවෙන් අතෑරපු ජාවාරම් වැඩේ ආයෙත් පටන් ගන්න..ඉතින් මෙයා ඒ වෙනුවෙන් එක වැඩක් බාරගන්නවා.. ඒ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න.. කොහොම හරි ඒ වැඩේ කරන්න එයාට ගමෙන් පිටතට යන්න වෙනවා,කොහොම හරි ඕම්නියා කැමතිවෙන්නේ නෑ නසර්ව තනියම යවන්න.. ඉතින් ඕම්නියා නසර්ව කැමති කරගන්නවා එයාවත් ඒ ගමනට එකතු කරගන්න,ඉතින් මෙහෙම මේ දෙන්නා කාර් එකෙන් ගමන යන්න පිටත් වෙනවා.. ටික දුරක් යද්දි කාන්තාරයක් මැද මේ දෙන්න යන වාහනේ අනතුරකට පත් වෙනවා.. එහෙම අනතුරට පත්වෙන මේ දෙන්නගෙන් ඕම්නියාව ඒ ලග තියෙන ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. රෑ උනාම තමයි ඕම්නියාට තේරෙන්නේ මේක සාමාන්‍යය ඉස්පිරිතාලයක් නෙවෙයි කියලා.. ඉතින් මේ ඉස්පිරිතාලෙ ඇත්තටම මොනාද වෙන්නේ? නස්ර්ට මොකද උනේ? එහෙනම් අරගෙනම බලන්නකෝ 122.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” 122.(2019).Sinhala.Subtitle.rar – Downloaded 2015 times – 20 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram