More

    12th Fail (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    12th Fail (2023) Sinhala Subtitle

     

    මේක ගැන ඉතින් මං කියන්න ඕනි නැහැ මේ දවස් වල පිස්සුවෙන් වගේ ෆේස්බුක් ගියාත් ඉතින් පෙන්නේම මේකේ පොස්ට්. ඉතින් මේක අපේ චිත්‍රපටි ගොන්නේ නැති උනොත් අඩුවක් වේවි කියලා හිතුනා. ඒක නිසා කර කර හිටපු චිත්‍රපටිය ටිකක් පැත්තකට කරලා මේකට උපසිරැසි කරන්න ගත්තා. 🙂 Vidhu Vinod Chopra අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Vikrant Massey හා Medha Shankar රංඟනයෙන් දායක වෙනවා.. මේක තිරගත උනේ ඔක්තොම්බර් 27 වැනිදා. මේක මේ තරම් දැන් ජනප්‍රිය උනත් ෆිල්ම් හොල් වල පෙන්නදි නම් චිත්‍රපටිය කෝටි 60කින් එයාලාගේ ගමන අවසන් උනා. ඒ වගේම දමිළ චිත්‍රපටි නළු සුර්යාත් මේක රිමේක් කරන්න අවසර අරන් තියෙනවා. දකුණු ඉන්දියානු චිත්‍රපටි රිමේක් වෙද්දි කාලේකට පස්සේ හින්දි චිත්‍රපටියක් දමිළ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය වෙන්න යන්නේ. ගමක දුප්පත් අසරණ කොල්ලෙක් ජිවිතේ දින්නොත් කොහොම වේවිද? ඒකත් තමන්ට හිතාගන්න බැරි හිනයක් හැබැ කරගන්න යන ගමනක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ…

    චිත්‍රපටියේ කතාව ගැන නම් කියන්නම ඕනි නැහැ කියලා මට හිතෙන්නේ. මොකද දැන් බලලා තිබ්බේ නැතත් කට්ටිය බලන්න අසාවෙන් ඉන්නේ.. සමහරු නම් දැනටමත් බලලා ඇති.. මෙතැනින් එහාට මට ෆිල්ම් එක ගැන හිතුන හැටි තියෙන්නේ.. ඒක කැමැති නම් කියවන්න ඉතින්… 😀 හැබැයි ඕනිවට වඩා දෙයක් ඕනම නැහැ කියලා හිතුනා මොකද මේක ගැන හැම තිස්සේම දාන පොස්ට් දැක්කාම නම්… කොහොම හරි මේ චිත්‍රපටිය ගැන මං මගේ අවංක අදහසක් කියන්නම්.. ඇත්තටම මේක මට හිතන විදිය. මේ චිත්‍රපටියේ ඇත්තටම ලොකු වාව් එකක් නම් මට තිබ්බේ නැහැ. එකෙන් කියන්නේ නැහැ මේක නරකයි කියලා. මේක හොද ආදර්ශයක් දෙන චිත්‍රපටියක්. නමුත් මෙච්චර පොස්ට් වැටෙන්න තරම් නම් අනේමන්දා.. මේ හා සමාන දෙමළ හා හින්දි චිත්‍රපටි කලිනුත් දැකලා තියනවා. මේක කොහොමත් වෙබ් රිලිස් එකෙන් තමයි පත්තුවෙලා ආවේ. මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න හේතුව නම් මේ චිත්‍රපටිය අපේ තරුණයන්ගේ හරිම නිල ටික අල්ලලා තියනවා.. විභාග ෆේල් විම.. විභාගයක් ෆේල් උනත් ජිවිතය දිනන්න පුලුවන් කියලා හැගිමක් දෙන එක, එතකොට වැදගත්ම දේ තමන්ගේ ජිවිතේට හයියක් වෙන ගැණු ළමයෙක් හිටියාම හැමදේම දිනින්න පුලුවන් කියලා පෙන්වන එක. ඔය වගේ එවා ඇත්තටම උනත් ඕනි කොල්ලෙක් දකින්න කැමැති හින. කොහොමත් ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් කැමැතියි සමාජ පිඩනේ එක්ක එයාලා කෙනෙක් අසාධාරණය වෙනුවෙන් සටන් කරලා එයාලා වෙනුවෙන් පෙනි ඉදලා දිනලා අර කියන ඉහල සමාජයට කරන බලපැම ෆිල්ම් එකකින් උනත් දකින්න.

    කොහොමත් මේක චිත්‍රපටියක් නේ.. හොද්දක් උනත් රස වෙන්න අඩුම කුඩුම දාන නිසා ෆිල්ම් එකක් උනත් ලියද්දි එහෙන් මෙහෙන් අතිනුත් කැලි දාලා හදනවා ඇති කියලා හිතුන එවා නම් චිත්‍රපටියේ දෙක තුනක් දැක්කා. දැන් මේ චිත්‍රපටියට කැමැති අය මං එක්ක විරුද්ධ වෙන්න පුලුවන්. මම නම් හැම හින්දි චිත්‍රපටියක්ම බලන කෙනෙක්. ඉතින් මේක මගේ අදහස. කොහොම හරි පවුලේ හැමෝටම එකතු වෙලා බැලුවාට පාඩුවක් නැති ෆිල්ම් එකක් තමයි මේක. අනිවාර්යෙන්ම තාම බැලුවේ නැත්නම් බලන්න හොද චිත්‍රපටියක්. විශේෂයෙන් පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් හින්දි චිත්‍රපටි දැන් එන්නේ කලාතුරකින්. එහෙම චිත්‍රපටියක් තමයි මේකත්

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD WEB පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “12th Fail (2023) සිංහල උපසිරැසි” 12th.Fail.(2023).Sinhala.Subtitle.rar – Downloaded 6049 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram