spot_img
spot_img

2067 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මෙන්න තවත් ඕස්ට්‍රේලියාවේ නිෂාපාදනය කරපු චිත්‍රපටයක්. ටික කාලෙකින් විද්‍යාත්මක සිනමාව පැත්තට යන්න බැරි වෙච්ච නිසා, මේ උපසිරැසිය හදන්න තීරණය කලේ. 2067 නමින් ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඇනා මොරිස් විසින් විද්‍යා ප්‍රබන්ධයක් ලියලා තියෙනවා. තව රූපවාහිනි කතා මාලාවකුත් තියෙනවා මේ නමින්ම. හැමෝම ඇයි 2067 වර්ෂයම තෝරගන්නේ කියලා මට තියෙනවා ප්‍රශ්නයක්. අපේ ආතර් සී ක්ලාක් මහතාත් 2061 කියලා පොතක් ලිව්වා හැමෝටම මතක ඇතිනේ.

මේ සිනමා පටය දැනට සති දෙකකට කලින් ඕස්ට්‍රේලියාවේ නිකුත් කලේ. ඒ අතින් තාම හොඳ නරක කියන්න අලුත් වැඩිද මන්දා. හැබැයි, කතාව කොච්චර හොද වුනත්, තිර පිටපත මීට වඩා හොඳට කරන්න පුලුවන් කියලා, විද්‍යා ප්‍රබන්ධ ගොඩාක් බලපු අයට නම් හිතෙයි. මේ ක අධ්‍යක්ෂණය කරන්නේ Seth Larney විසින්. රඟපෑමෙන් දායක වෙනවා Kodi Smit-McPhee, Ryan Kwanten, Sana’a Shaik වගේ අය.

කතාව: අපි හැමෝටම හිතෙන දෙයක්. කවදාහරි මේ ලෝකේ විනාශ වෙයි. මේ කතාවේ හැටියට ඒක වෙන්නේ 2067 දී. ගෝලීය උෂ්ණත්වය දරා ගත නොහැකි මට්ටමකට ඉහල යෑම නිසා, පෘථිවියේ සියලුම ගස් වැල් විනාශ වෙනවා. අන්තිම ගසත් ඇමසන් වනාන්තරයේ තිබිලා විනාශවෙනවා. මේ අතරේ, දක්ෂ විද්‍යාඥයෙක් හොයාගන්නවා අනාගතයට යන විදියක්. කරපු මූලික පර්යේෂණ වලින් හෙලිවෙනවා, අවුරුදු 400ක් අනාගතයේ ඔක්ෂිජන් තිබෙන බව. ඒ වගේම යවන ලද තරංගය නැවත පැමිණෙන්නේ හැමෝම පුදුම කරවන වෙනස්කමක් සමඟ. මේ දේවල් වල කතාව දැනගන්න, මේ සිනමා පටය රසවිදින්න..

තව දෙයක්. හොඳට තේරුම් අරගෙන, අවධානයෙන් මේ කතාව බැලුවොත්, හැමදේකටම උත්තර තියෙන බව පේනවා. කිසිම දෙයක් නිකම් අතහැරලා නෑ. මොනවා හරි සිද්ධියක් වුනා නම්, ඒක වුනේ මෙහෙමයි කියන එක පැහැදිලිව තියෙනවා. මම දකින හොද විශේෂත්වයක් තමයි ඒක.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “2067 (2020) සිංහල උපසිරැසි” 2067.2020.Sinhala.Subtitle.rar – Downloaded 14189 times – 31 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. බොහොම ස්තුතියි මේකට සබ් දෙනකන් හිටියෙ බ්‍රෝ 😊👊..
    පුළුවන් නම් Tabrett Bethell ඉන්න The Clinic (2010) Australian film එකට සබ් දෙන්න 😊
    ජය වේවා.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram