spot_img
spot_img
More

    24 Hours to Live (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් මාගෙ සිනමා යාළුවනි.ඔන්න හැමදාම සූම් එකෙන් සබ් ඩවුන්ලෝඩ් කර කර හිටපු මටත් හිතුණා සබ් එකක් කරන්න. ඊට පස්සෙ මගෙ අදහස ඇඩ්මින් අයියට කිව්වට පස්සෙ මට මෙන්න මේකෙන් පටන් ගමුයි කියලා එතුමා කිව්වා. ඉතිං මං මුලින්ම ඇඩ්මින් අයියා ආතුළු සූම් එකට ස්තූතිවන්ත වෙනවා මට මෙවැනි අවස්ථාවක් ලබාදීම ගැන. ඉතිං වැඩි විස්තර ඉදිරියේ දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.දැන් වැඩි වැල්වටාරම් නැතුව චිත්‍රපටිය දිහාට හැරෙමු.

    2017 වසරේ නිකුත් වුණ action, thriller ගනයට අයත් වෙන ඊතන් හෝක් හා පෝල් ඇන්ඩර්සන් ප්‍රධාන රංගනයෙන් හැඩ වැඩ කරන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 5.8 අගයක් ලැබිල තියනවා. චිත්‍රපටියෙ කතාව ගැන ටිකක් කිව්වොත් ට්‍රැවිස් කොන්රාඩ් කියන්නෙ විශ්‍රාම ගිය කුලී ඝාතකයෙන්.එයා වැඩ කරේ රෙඩ් මවුන්ටන් කියන රහස් සංවිධානයට. විශ්‍රාම ගියත් රෙඩ් මවුන්ටන් එකට ට්‍රැවිස් ලවා කෙනෙක් මරාවන්න ඕනෙ වෙනවා. ජිම් කියන තාමත් රෙඩ් මවුන්ටන්ලට වැඩ කරන ට්‍රැවිස්ගෙ යාළුව තමයි කොන්තරාත්තුව බාර දෙන්නෙ. එක දවසට ඩොලර් මිලියන දෙකක ගාස්තුවකට ට්‍රැවිස් වැඩේ බාර ගන්නවා. හැබැයි ට්‍රැවිස් හීනෙන් වත් හිතන්නෙ නෑ ඒ තමයි ඔහුගෙ ජීවිතේ අවසාන පැය විසි හතර කියල. ඔය කිව්වෙ පොඩි දෙයක්.ට්‍රැවිස්ට වැඩේ කරන්න පුළුවන් වෙයිද.අඩුම තරමෙ තමන්ගෙ ජීවිතේවත් ඔහුට බේරගන්න පුළුවන් වෙයිද කියල අරගෙනම බලන්න කියන ගමන් යන්නයි සූදානම. ඔබෙන් ලැාබන දිරිගැන්වීම මත ඉදිරියේ දී තවත් නිර්මාණ වල දී ඔයාල හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහිං එන්නම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

    Download “24 Hours to Live (2017) සිංහල උපසිරැසි” 24.Hours.to.Live.2017.Sinhala.Subtitle.rar – Downloaded 240 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram