spot_img

Eleven (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Eleven (2025) Sinhala Subtitle

2025 වසරේ තිරගත වුනු “Eleven” කියන්නේ ඉන්දියානු සිනමාවේ අපරාධ ත්‍රාසජනක (crime thriller) ගණයට අයත් වන නවතම සිනමා නිර්මාණයක්. ලොකේෂ් අජ්ල්ස් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය, දෙමළ සහ තෙළිඟු යන භාෂා ද්විත්වයෙන්ම එකවර රූගත කර තිබීම විශේෂත්වයක්. නවීන් චන්ද්‍රා මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙනවා. ඩී. ඉමාන්ගේ සංගීතය, කාර්තික් අශෝකන්ගේ සිනමාකරණය සහ එන්.බී. ශ්‍රීකාන්ත්ගේ සංස්කරණය මෙම නිර්මාණයට දායක වෙලා තියනවා

චිත්‍රපටයේ කතා තේමාව ගැන කිව්වොතින්, නිර්භීත, අවංක සහ ඉහළ බුද්ධියකින් හෙබි, විශිෂ්ට සේවා වාර්තාවක් සහිත පොලිස් නිලධාරියෙකු වටායි. ඔහුගේ විමර්ශන හැකියාවන් නිසා දෙපාර්තමේන්තුවට අභියෝගාත්මක අපරාධ රැසක් විසදා ගන්න පුලුවන් වෙලා තියනවා. මෙවර ඔහුට පැවරෙන්නේ වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක දාම ඝාතන සිද්ධියක් විමර්ශනය කරන්න.. ඉතින් මොහුට ඝාතකයා කොටුකර ගැනීමට සමත් වේද, නැද්ද යන්න කතාවේ ඉතිරියෙන් බලාගන්න පුලුවන් වෙනවා

2025 මැයි 16 වන දින තිරගත වූ “Eleven” චිත්‍රපටයට විචාරකයන්ගෙන් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයක්…ඇතැමුන්ට අනුව, චිත්‍රපටයේ පළමු භාගය තරමක් දුරට අනුමාන කළ හැකි ස්වභාවයක් තිබුනාත් දෙවන භාගය එහි අනපේක්ෂිත හැරවුම්, කුතුහලය දනවනසුලු ගලායාම සහ විශේෂයෙන්ම නවීන් චන්ද්‍රාගේ ප්‍රබල රංගනය හේතුවෙන් ඉහළ ප්‍රශංසාවට ලක්වෙලා තියනවා. මීට අමතරව, ඩී. ඉමාන්ගේ පසුබිම් සංගීතය සහ කාර්තික් අශෝකන්ගේ සිනමාකරණයද චිත්‍රපටයේ ධනාත්මක අංශ ලෙස විචාරක අවධානය දිනාගෙන තියන බව කියන්නම ඕනි.

සමස්තයක් ලෙස ගත් කළ, “Eleven” යනු, විශේෂයෙන්ම එහි දෙවන භාගයේදී ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ හැකියාවක් ඇති, කුතුහලය සහ රංගන කුසලතා අගයන සිනමා ලෝලීන්ට නැරඹිය හැකි නිර්මාණයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් කියලා බය නැතුව කියන්න පුලුවන්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා tmv පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram