More

    96 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් සුපුරුදු පරිදි දෙමළ චිත්‍රපටියක් ගෙනාවා. මේක  romantic වර්ගයට අයිති චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDb අගය 9.2ක අගයක් දරනවා. මේකේ ප්‍රධාන නළු නිළි සුසංයෝගය නිසා ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටිය ගැන කතා කරන්න පටන් ගත්තා. එයින් එක්කෙනෙක්  Vijay Sethupathi. මෙයාව දෙමළ සිනමාව බලන කෙනෙක් නම් නොදැන ඉන්න විදියක් නෑනේ. අනික් කෙනා තමා මීට වසර ගණනාවකට කලින් දෙමළ චිත්‍රපටිවල බැලු බැලු හැම තැනකම හිටපු Trisha Krishnan.

    මේක කතාව ගැන කිව්වොත් රාම් (Vijay Sethupathi) ඡායාරූපශිල්පියෙක්. තම ශිෂ්‍යාවක් සමඟ ගමන් කරනකොට අහම්බෙන් වගෙ තම උපන් ගම පහු කරන් යනවා. ඒ ගමන්ම ස්කෝලෙට ගොඩ වෙන රාම්ට ලොකු ආසාවක් එනවා තමන්ගේ මිතුරු මිතුරියන්ව හම්බවෙන්න. කොහොමහරි ඔයා වැඩේ ප්‍රතිඵලයක් විදියට ස්කෝලේ කාලේ හිටපු පංති නායකයා මැදිහත් වෙලා Batch Party එකක් ලෑස්ති කරනවා. ඔය සාදයට එන මිතුරියක් තමා ජානු.( Trisha Krishnan) එයා එන්නෙත් සිංගප්පූරුවේ ඉදන්. සාදය ඉවර වෙලා උදේ පාන්දර අනික් අතට යන්නත් තියෙනවා. ඔය කාලය ඇතුලත රාම්ගේ හා ජානු තිබ්බ හා තියෙන ආදර හුටපටය තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. romantic චිත්‍රපටි නරඹන අයට ඉතා ඉහළින් නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපටියක්. නැවත හමුවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “96 (2018) සිංහල උපසිරැසි” 96.(2018).Sinhala.Subtitle.rar – Downloaded 6041 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ටන් රවීන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to SUMAL Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram