spot_img

Oh Manapenne (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද කට්ටියට ? මේ මගේ දහතුන් වෙනි සබ් එක. මේ සැරේ මම අරන් ආවේ හැරිෂ් කල්යාන්ගේ අලුතෙන්ම ආපු ෆිල්ම් එක මේකේ ප්‍රියා භවානි ශංකර් සහ මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ අශ්වින් කුමාර් එහෙමත් ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක Pelli Choopulu කියන තෙලුගු ෆිල්ම් එකේ රීමේක් එකක්. අපේ Vijay Deverakonda ගේ මුල්ම ෆිල්ම් එක ( ඒ කියන්නේ ප්‍රධාන චරිතයක් ) කරපු මුල්ම ෆිල්ම් එක ඒක. ( අද කොල්ලා ඉතින් වෙනම ලෙවල් එහෙක ඉන්නවා ) ඒ වගේම මේ ෆිලුමේ ( තෙලුගු ) එකේ අධ්‍යක්ෂක වරයා වන Tharun Bhascker ගේ මුල්ම ෆිල්ම් එකත් ඒක. මේවා ගැන කියන්න එපැයි ඉතින්

හරි එහෙනම් කතාව පැත්තට යමු කාර්තික් ( හැරිෂ් කල්යාන් ) කියන්නේ යාළුවො එක්ක විනෝදෙන් ඉන්න ජිවිතේ එච්චර ගැඹුරටම හිතන්නේ නැති කොල්ලෙක් , ඉතින් මෙයාගේ කිසි දියුණුවීමක් පෙන්නේ නැති නිසා මෙයාගේ තාත්තා තීරණේ කරනවා සල්ලි තියෙන තැනක කෙල්ලෙක්ව මෙයාට බන්දලා දෙන්න ( එතකොට ඉතින් සල්ලි වලින් අඩුවක් නැහැනේ ) ඉතින් කතාව පටන් ගන්නේ මෙයා මනමාලි බලන්න පවුලේ අයත් එක්ක යන අතරමග තමයි. ඉතින් ඔහොම යද්දී එයාලට මනමාලිගේ ගෙදර ලිපිනේ ටිකක් පැටලෙනවා , ඉතින් එදාම ශ්රුති ( ප්‍රියා භවානි ශංකර් ) ගේ ගෙදර අයත් මනාලයෙක්ව බලලා මනාලයා එනකන් බලන් ඉන්නවා , ඔන්න ඔතනදි තමයි අපේ කාර්තිගේ ගෙදර අය පාර වැරදිලා ශ්රුතිලගේ ගෙදරට යන්නේ , ඉතින් ශ්රුතිලගේ ගෙදර අයත් එයාලව පිලිගන්නවා , අපේ කාර්තික් එනකොට පරවියෙක් එයාගේ ඇඳුමට මෙව්වා කරනවා. ශ්රුතිලගේ ගෙදර අය ශ්රුතිට කියනවා කාමරේට එක්කගෙන ගිහින් මේක හෝදගන්න දෙන්න කියලා , ශ්රුති එන්න කියලා කාර්තික්ව එක්කගෙන යනවා. ( ඒ කාමරේ ලොක් එකේ අවුලක් තියෙනවා දොර වැහුනොත් ආයේ අරින්න බෑ ) කාමරේ ශ්රුතිගේ මල්ලි කෙනෙක් ඉන්නවා ( පොඩි එකෙක් ) ඉතින් ශ්රුති කාර්තික් ඇතුලේ ඉන්නකොට ( මේ ඩයල් එකට ටිකක් උදේ ඉඳලා මල පැනලා ඉන්නේ , මිනිහට උඩට යන්න පහලට යන්න කියනවා කියලා ) මූ මම කොහෙවත් යන්නේ නෑ කියලා දොර වහලා දානවා….!!! ( හරි දැන් ඉතින් කොල්ලයි කෙල්ලයි කාමරේ ඇතුලේ ) එතනින් පස්සේ මොකෝ වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න වෙනවා හී…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram