Love Untangled (2025) Sinhala Subtitle
ඔන්න එහෙනම් ලස්සන කොරියන් චිත්රපටියක් අරන් තමයි අද ආවේ. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක්. කොරියන් කතා බලන නොබලන හැමෝටම එක විදියට රසවිදින්න පුලුවන් නිර්මාණයක්. Love මේක අධ්යක්ෂණය කරන්නේ Namkoong Sun මෙහි ප්රධාන චරිත විදියට Gong Myung, Shin Eun-soo, Cha Woo-min, Yoon Sang-hyeon, සහ Kang Mi-na රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් අපේ කතාවේ කතා නායිකාව පාක් සෙරි ට පොඩි අවුලක් තියනවා. ඒ එයාගේ අපිලිවෙල කොන්ඩේ නිසා. සෙරි හිතන්නේ තමන් ආදරය කරන කොල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ මේ කොන්ඩේ නිසා කියලා. කොහොමත් සෙරි ආසාවෙන් හිටිය පොඩි කාලේ හැමෝම වගේ සෙරිට සෙට් වෙන්නේ නැතුව යනවා. ඉස්කොලේ කොහොම හරි සෙරිට ක්රෂ් එකක් තියනවා ඒ කිම් හියොන්ට. කිම් ට පාසලේ ගැණු ළමයි කොහොමත් ආසයි. දවසක් මුහුදේ නාන්න ගිය වෙලාවේ කිම්ව සෙරිට හම්බවෙනවා. මේ නිසා කම් සෙරිට පාසලේදි හිනාවෙලා කතා කරනවා. සෙරිට ඉන්නවා මරු යාළුවෝ සෙට් එකක්. දැන් මේ යාළුවෝ සෙට් එක එකතු වෙලා සෙරිට කිම්ව එකතු කරන්න යන්නේ. මේ අස්සේ තමයි පාසලට යුන් සොක් එන්නේ. එතැනින් එහාට කතාව අරන් බලන්නකෝ. හම්බවෙමු තවත් චිත්රපටියකින්.
⛔ Due to copyright issues we do not provide any torrent links













බොහෝම ස්තූතියි සිස් මේකට සිංහල සබ් දුන්නට