Sore: A Wife from the Future
ඔන්න නිකමට හිතන්න, ඔයා දවසක් උදේ ඇහැරෙනකොට ඔයාගේ කාමරේ නාඳුනන කෙල්ලෙක් ඉන්නවා. ඒ මදිවට එයා ඔයාට කියනවා “මම අනාගතෙන් ආපු ඔයාගේ වයිෆ් (බිරිඳ)” කියලා. ඔයාට මොනවා හිතෙයිද? පිස්සු වගේ නේද?
අන්න ඒ වගේ කුතුහලය පිරුණු සිදුවීමකින් පටන් ගන්න අපූරු ඉන්දුනීසියානු චිත්‍රපටයක් තමයි 2025 දී නිකුත් වුණ “Sore: A Wife from the Future” කියන්නේ.
මේකේ ප්‍රධාන චරිතය ජොනතන් (Jonathan). මිනිහා ජීවත් වෙන්නේ ක්‍රොඒෂියාවේ. හැබැයි මනුස්සයාගේ ජීවිතේ නම් අන්තිම අපිළිවෙලයි. එක දිගට සිගරට් බොනවා, ඩ්‍රින්ක්ස් ගන්නවා, වෙලාවට නින්දක් නෑ, කෑමක් නෑ… කෙටියෙන්ම කිව්වොත් එයා එයාගේ ජීවිතේ විනාශ කරගනිමින් ඉන්නේ.
ඔන්න ඔය අතරේ තමයි ‘සෝරේ’ (Sore) කියන අද්භූත තරුණිය ජොනතන්ගේ ජීවිතේට කඩන් පාත් වෙන්නේ. එයා කියන විදිහට එයා ඇවිත් ඉන්නේ අනාගතේ ඉඳන්. මුලින් ජොනතන් මේක විහිළුවක් කියලා හිතුවට, මේ කෙල්ල ජොනතන්ගේ පුංචි පුංචි පුරුදු, රහස් වගේම අතීතය ගැන හැම දෙයක්ම දන්නවා කියලා තේරෙනකොට වැඩේ බරපතල වෙනවා.
සෝරේ ඇත්තටම අනාගතෙන් ආපු කෙනෙක්ද? එයාට ජොනතන්ගෙන් මොනවද ඕනේ? ඇයි එයා ජොනතන්ගේ අපිළිවෙල ජීවිතේ වෙනස් කරන්න මෙච්චර දඟලන්නේ? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. විශේෂම දේ තමයි මේක නිකම්ම ආදර කතාවක් නෙවෙයි, මේකේ Time Loop (කාලය හරහා යන) සීන් එකකුත් තියෙනවා. ඒ නිසා බලන් ඉන්න අයට පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නෑ.
මේ ෆිල්ම් එක කොච්චර සාර්ථකද කියනවා නම්, 2026 ඔස්කා සම්මාන උළෙල (Oscars) සඳහා ඉන්දුනීසියාව නියෝජනය කරන්න තෝරා ගත්තේ මේ චිත්‍රපටය. ඒ විතරක් නෙවෙයි, සම්මාන උළෙලවල් ගණනාවකදී මේක සම්මාන පිට සම්මාන දිනාගත්තා.
🏆 දිනාගත් සම්මාන:
-
2025 ඉන්දුනීසියානු චිත්‍රපට උළෙල (Indonesian Film Festival):
-
හොඳම අධ්‍යක්ෂණය (Yandy Laurens)
-
හොඳම නිළිය (Sheila Dara Aisha – සෝරේගේ චරිතයට)
-
හොඳම සංස්කරණය
-
හොඳම තේමා ගීතය (“Terbuang Dalam Waktu”)
-
-
Bandung Film Festival 2025: හොඳම චිත්‍රපටය සම්මානය ඇතුළු සම්මාන 3ක්.
-
Festival Film Wartawan Indonesia 2025: හොඳම නාට්‍යමය චිත්‍රපටය (Best Film – Drama) ඇතුළු සම්මාන 5ක්!
-
JAFF 2025: හොඳම පෝස්ටරය සඳහා සම්මානය.
Yandy Laurens ගේ අධ්‍යක්ෂණය වගේම ක්‍රොඒෂියාවේ ලස්සන ලොකේෂන් වල රූගත කරලා තියෙන නිසා ඇහැටත් හරිම ප්‍රියයි. Romance, Sci-Fi සහ Drama කැටගරි තුනම එකට එකතු වුණ වෙනස්ම රහක ෆිල්ම් එකක් හොයනවා නම්, “Sore: A Wife from the Future” අනිවාර්යයෙන්ම බලන්න.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Sore: A Wife from the Future (2025) Sinhala Subtitle













Sore: A Wife from the Future (2025) Sinhala Subtitle can’t download. Please update the link
දැන් හරි.
ස්තූතියි අහේන් සහෝ මේ වගේ වටින මූවි එහෙකට සබ් දුන්නට….
(සබ් එක ඩවුන්ලොඩ් කරන්න බෑනේ… Bad gateway කියල මැසේජ් එකක් එනවා)
දැන් හරි.