spot_img

Betaal (2020) Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස් ටිකේ චිත්‍රපටි වැඩිය අපිට බලන්න හමබ්වෙන්නෙත් නෑනේ,ඉතින් ඔන්න ඒ නිසාම අද ඔයාලට අපි අරගෙන ආව අලුත්ම අලුත් කතාමාලාවක්,කතාමාලාවක් කිව්වට මේක නිකන්ම් කතාමාලාවක් නෙවෙයි,සුපිරිම කතා මාලාවක්,ඉන්දියාවේ කින්ග් ඛාන් කිව්වාම කවුද දන්නේ නැත්තේ,ඉතින් ශාරුක් ඛාන්ගේ චිත්‍රපටියක් අපිට ගොඩක් කාලෙකින් බලන්න හම්බවුනේ නෑ,ඒත් ඔන්න ශාරුක් ඛාන් අපිට කතාමාලාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා,ශාරුක් ඛාන් ගැන කිව්වට එයානම් මේ කතාමාලාවේ දකින්න හම්බවෙන්නේ නෑ,මොකද ශාරුක් ඛාන්ට් අයිති Red Chillies Entertainment ආයතනය තමයි මේ කතාමාලාව නිර්මාණය කරන්නේ Netflix ලා එක්ක එකතු වෙලා..

එහෙනම් ඉතින් දැන් කතාව පැත්තට හැරෙමුකෝ,..ඔයාල සොම්බි කතා වලට කැමතියිද,එහෙනම් එන්න අපි වෙනස්ම ආකාරයේ සොම්බි කතාවක් බලමු, Betaal ..Imdb 7.2 ක අගයක් ගන්න සමත් උන මේ කතාමාලාවේ පලවෙනි කතා සමය තමයි 2020.මැයි 24 නිකුත් වෙන්නේ,ඉතින් පලවෙනි කතාමාලාවට කොටස් 4ක් ඇතුලත් වෙනව..ඔන්න ඉතින් අපි Zoom දෙයක් දුන්නොත් අපේ රසිකයන්ට එක එක නෙවෙයි දෙන්නේ එක පොකුරට දෙනවා කියල දන්නවනේ,ඉතින් ඔන්න උණු උණුවෙම එක හුස්මට බලන්න ඔක්කොම කොටස් වලට උපැසිරසි ඔයාලට ලබාගන්න පුලුවන්,මේ විදියට ඔයාලට උපැසිරැසි අරගෙන එන්නේ  අපේ zoom උපැසිරසි කණ්ඩායමේ නවීන් රන්දික පෙරේරා,අශේන් කවිදු සහ ලහිරු උදයoග සහෝදරයන් තුන් දෙනාගේ එකමුතුවෙන් තමයි…

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්…ඉන්දියානු රජය රටේ සoවර්ධනය වෙනුවෙන් අධිවේගී මාර්ගයක් හදන්න සැලසුම් කරනවා,ඒත් මේ මාර්ගය හදාගෙන යද්දී එක්තරා වනාන්තරයක් මැද තියෙන උමගක් හම්බවෙනවා,මෙයාලට ඕනි කොහොම හරි මේ උමග ඇතුලට ගිහින් මේ පාර ඉස්සරාට හදාගෙන යන්න,ඉතින් මේකට මේ කැලේ මැද ඉන්න ආදිවාසින් පිරිසක් ඉඩදෙන්නෙ නෑ..එයාල කියන්නේ මේ උමග විවෘත කරොත් මුළු ලෝකෙම විනාශ වෙලා යයි කියල..ඉතින් මේ ප්‍රශ්නේ විසදන්න තමයි…වික්‍රම් සිරෝශි ඇතුලු පිරිස මේ වනාන්තරයට එන්නේ…

ඉතින්  වික්‍රම් ඇතුලු පිරිසට පුලුවන් වෙයිද මේ උමග ඇතුලට යන්න..
මේ උමග ඇතුලේ මොකක්ද තියෙන රහස..

කොටස් 4 කින් සමන්විත මේ කතා මාලාව ඔයාලට කිසිම කම්මැලි කමක් නැතිව එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් වෙයි…ඒවගේම වෙනස් ආකාරයට සොම්බි අත්දැකීමක් ඔයාලට ලබාගන්න පුලුවන්,එහෙනම් ඉතින් ආයෙත් මේ වගේම ලස්සන කතා මාලාවකින් හම්බවෙනකම් අපි ගිහින් එන්නම්…

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram