spot_img

Love me love me (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Love me love me (2026) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න මම කාලෙකින් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මේ චිත්‍රපටය 2026 වසරේ Amazon Prime Video හරහා ලොව පුරා නිකුත් වුණු, ඉතාලියේ නිර්මාණය වූ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වුණු යොවුන් ආදර කතාවක්. මේකට පදනම් වෙලා තියෙන්නේ Stefania S. විසින් රචනා කරපු, මිලියන 23කට වඩා පාඨකයන් කියවල තියෙන අතිශය ජනප්‍රිය වොට්පෑඩ් (Wattpad) නවකතා මාලාවක්.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රොජර් කම්බල්(Roger Kumble). ඔහු Cruel Intentions, After We Collided (2020) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරලත් තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 99 (පැය 1 විනාඩි 39) වෙනවා. ඒ වගේම imdb 4.2 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන රංගන ශිල්පීන් ගැන කතා කරද්දී මියා ජෙන්කින්ස් (Mia Jenkins) – ජූන් වයිට් (June White) ලෙස, පෙපේ බැරෝසෝ (Pepe Barroso) – ජේම්ස් හන්ටර් (James Hunter) ලෙස, ලුකා මෙලූචි (Luca Melucci) – විල් කූපර් (Will Cooper) ලෙස, ඇන්ඩ්‍රියා ගුඕ (Andrea Guo) – ඇමීලියා (Amelia) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කතාවේ ප්‍රධාන චරිතය ජූන් (June). තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් පස්සේ හිතේ තියෙන වේදනාව අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන ජූන් ඉතාලියේ මිලාන් නුවරට එනවා. එහේ තියෙන ලොකු ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට යන ජූන්ට මුලින්ම සෙට් වෙන්නේ විල්ව (Will). විල් කියන්නේ හැම අතින්ම පරිපූර්ණ, හරිම වැදගත් පවුලක, ඉගෙනගන්නත් දක්ෂ කොල්ලෙක්. විල් එක්ක ඉන්නකොට ජූන්ට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්.

හැබැයි මේ සාමකාමී ජීවිතය උඩුයටිකුරු වෙන්නේ විල්ගේ හොඳම යාළුවා ජේම්ස් (James) ජූන්ගේ ජීවිතේට ආවට පස්සේ. ජේම්ස් කියන්නේ විල්ගේ සම්පූර්ණ අනිත් පැත්ත. හරිම අභිරහස්, “Bad Boy” ටයිප් එකේ කොල්ලෙක්. මෙයා හොර රහසේ MMA සටන් (Mixed Martial Arts) වලටත් යනවා. මුලදී ජූන් සහ ජේම්ස් අතර තියෙන්නේ ලොකු වෛරයක් වුණත්, හෙමින් හෙමින් ඒක කවුරුත් නොහිතන විදිහේ දැඩි ආකර්ෂණයකට හැරෙනවා.

එක පැත්තකින් ජූන්ට ආදරේ කරන, ඇයව පරිස්සම් කරන “Good Boy” විල්… අනිත් පැත්තෙන් ජූන්ගේ හිත පිස්සු වට්ටන, අභිරහස් පිරුණු ” Bad Boy ” ජේම්ස්. මේ දෙන්නා අතරේ ජූන් අතරමං වෙනවා. ඒ මදිවට මේ හැමෝම තමන්ගේ අතීතය ගැන එක එක රහස් හංගගෙනයි ඉන්නේ. මේ රහස් එළියට එනකොට කතාව අපි නොහිතන පැත්තකට කැරකෙනවා.

ඉතින් මේ ආදරය, ඊර්ෂ්‍යාව, මිත්‍රත්වය, ත්‍රාසය, යොවුන් වියේ හැඟීම් වගේම භයානක සටන් ජවනිකා වලින් පිරුණු මේ චිත්‍රපටය බලන්න කියල ඔයාලය ආරාධනා කරනවා. Maxton Hall, Culpa Mia වගේ කතා මාලාවන්ට කැමති කෙනෙකුට මේක ඉතාමත් හොඳ අත්දැකීමක් වේවි. එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේවගේ උපසිරැසියක් අරන්. ජයවේවා

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HD සහ WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

මාවන් ගීතාංජන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. මේකට සබ් දෙයි කියල හිතුවෙවත් නෑ…
    ආපු දවසෙම බාලා සබ්එක ට්‍රාන්ස්ලේට්කරල බැලුවා….
    කුපිරි ලව් ස්ටෝරියක්….
    ආයි බලනවා ඔයාගේ සබ්එකත් එක්ක…
    තෑන්ක්ස් මචං සබට…….

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram