spot_img

Jana Nayagan (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Jana Nayagan (2026) Sinhala Subtitle

“තලපති” විජේ කියන්නේ දකුණු ඉන්දීය සිනමාවේ මිලියන ගණනකගේ හදවත් දිනාගත්තු සුපිරි තරුවක්. දශක ගණනාවක් පුරා තමන්ගේ රංගනයෙන්, නැටුමෙන් සහ අසමසම ස්ටයිල් එකෙන් ප්‍රේක්ෂකයන්ව වශී කරපු මේ මහා කලාකරුවා දැන් සිනමාවට සමුදෙන්න තීරණය කරලා. ඒ, දේශපාලනයට පූර්ණකාලීනව පිවිසීමේ අරමුණින්. ඉතින්, එයාගේ සිනමා දිවියේ අවසානය සනිටුහන් කරන, හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයට උපසිරැසියක් තමයි මේ ගෙනාවේ.

මේ චිත්‍රපටය නිල වශයෙන් තිරගත වෙන්නත් කලින්, අප්‍රේල් 10 වෙනිදා අන්තර්ජාලයට උසස් තත්ත්වයේ HDRIP පිටපතක් විදිහට හදිසියේම ලීක් වුනානෙ. මේක නිෂ්පාදකවරුන්ට විශාල පාඩුවක් වුණත්, “තලපති”ගේ අවසන් රංගනය බලන්න නොඉවසිල්ලෙන් හිටපු රසිකයන්ට නම් මේක නොසිතූ අවස්ථාවක් වුණා.

“ජන නායගන්” කියන්නේ H. විනෝත්ගේ අධ්‍යක්ෂණයක්. මීට කලින් අජිත් කුමාර් එක්ක “වලිමයි” වගේ බ්ලොක්බස්ටර් හදපු විනෝත්, මේ පාර විජේ එක්ක එකතු වෙලා තියෙන්නේ දේශපාලනික ක්‍රියාදාම ත්‍රාසජනක (Political Action Thriller) ගණයට අයත් වෙන කතාවක් අරගෙන. KVN Productions තමයි මේ දැවැන්ත නිර්මාණය නිෂ්පාදනය කරන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, ඒ කියන්නේ ජන නායකයා විදිහට විජේ රංගනයෙන් දායක වෙනකොට, ප්‍රධාන නිළිය විදිහට පූජා හෙග්ඩේව දකින්න පුළුවන්. ඒ වගේම, ප්‍රධාන දුෂ්ඨ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නළු බොබී ඩියෝල්. මීට අමතරව ගෞතම් වාසුදේව් මෙනන්, ප්‍රකාශ් රාජ්, ප්‍රියාමනී, මමිතා බයිජු වගේ ප්‍රවීණ නළු නිළියන් රැසක්ම මේකට රංගනයෙන් දායක වෙනවා. සුපුරුදු විදිහටම, අහන්න ආස හිතෙන සින්දු ටිකයි, ඇඟේ මයිල් කෙලින් වෙන පසුබිම් සංගීතයයි දෙන්නේ අනිත් කවුරුත් නෙවෙයි, අනිරුද් රචිචන්දර්.

මේක විජේගේ 69 වෙනි චිත්‍රපටය, ඒ වගේම දේශපාලනයට එන්න කලින් කරන අන්තිම ෆිල්ම් එක. විජේගේ “තමිළග වෙට්‍රි කළහම්” (TVK) පක්ෂය තමිල්නාඩු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නියමිත නිසා, මේ චිත්‍රපටය එයාගේ දේශපාලන ප්‍රතිරූපයට ලොකු බලපෑමක් වෙයි කියලා ගොඩක් අය විශ්වාස කළා.

මේ හේතුව නිසාම ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය (CBFC) එක්ක ලොකු ගැටුමක් ඇතිවුණා. චිත්‍රපටයේ තියෙන සමහර දර්ශන, විශේෂයෙන්ම සන්නද්ධ හමුදා නිරූපණය කරන ඒවා සහ ආගමික හැඟීම්වලට හානි විය හැකි අන්තර්ගතයන් ඉවත් කරන්න කියලා ඔවුන් දැනුම් දුන්නා. මේ ප්‍රමාදයන් සහ ගැටලු නිසා, ජනවාරි 9 වෙනිදා තිරගත වෙන්න තිබුණු චිත්‍රපටය දින නියමයක් නැතුවම කල් දාන්න නිෂ්පාදකවරුන්ට සිද්ධ වුණා. මේ ප්‍රශ්න නඩු මගට පවා යොමු වුණා.

මේ වගේ පසුබිමක තමයි චිත්‍රපටය අන්තර්ජාලයටම එකතු වෙන්නේ. සමහරු නම් කියන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන, ප්‍රචාරණයක් විදිහට චිත්‍රපටය ලීක් කරා කියලයි.

කොහොම වුණත්, හේතුව මොකක් වුණත් “තලපති” විජේගේ සිනමා දිවියේ අවසන් රංගනය දැන් ඔබට නැරඹන්න පුලුවන්. මේ සිනමාපටය නිකම්ම නිකන් ෆිල්ම් එකක් නෙවෙයි, දකුණු ඉන්දියාවේ දැවැන්ත සිනමා තරුවකගේ ගමනක අවසානය සහ අලුත් දේශපාලන ගමනක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී නිර්මාණයක්.

ඉතිං මේක මගෙ 500 වෙනි උපසිරැසි ගැන්වීම විදියට මෙලෙසින් අරගෙන ආවා.
Esub එකක් නැති නිසා, අඩු පාඩුවක් තිබුනොත් Official OTT ආපු දවසක සකස් කරන්නම්.
අවශ්‍ය කරන සියලු ගීත සිංහල උපසිරැසියෙන් රසවත් කරලා තියෙන්නේ.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 HDHUB4U වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. Sub eka hodatama karala thibba. Vedagath karunuth dala thibba eka vatinava 💗 Hdhub4u eken13Gb eka iye re download kara para sinhala sub hoyaddi meka hambune thanks you 💗🔥

  2. පිස්සුවක් තමයි සහෝ……
    500වෙනි උපසිරැසියට සුබපැතුම් මචං..
    500න් 400ක්වත් මම බලල ඇති ඔයාගේ සබ්වලින්…..
    ස්තූතියි මචං ඔයාගේ කනාලයට……❤️❤️❤️❤️
    මේ සබ්එකටත් එකෙන්ම ස්තූතියි සහෝ………..
    😍😍😍😍😍😍😍😍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram