spot_img

Khalifa The Ruler (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Khalifa The Ruler (2026)
Sinhala Subtitle

අද අරන් ආවේ තවත් මලයාලම් ෆිල්ම් එකක් නම තමයි කලීෆා. මේක පහුගිය අගොස්තු 20 වැනිදා සිනමාශාලාවල තිරගත උනා වගේම බොක්ස් ඔෆිස් ආදායම විදියට කෝටි පනහක් උපයගෙන තියනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වයිසාක් විසින්. මලයාලම් ෆිල්ම් වල ඇක්ෂන් ටයිප් ගොඩක් ෆිල්ම් මේ ඩිරේක්ටර් තමයි කරලා තියෙන්නේ. මේකත් ඒ වගේම මුල ඉදන් ඇක්ෂන් පිරුණු ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය විදියට ප්‍රතීවිරාජ් සූකුමාරන් එක්ක.. නිල් නිතින් මුකේෂ් රංඟනයෙන් දායක වෙනවා..

IMDb – 6.1/10
Times of india – 2.5/5
Letterboxd Average – 3/5

ආදායම් වාර්ථා,
Collection – ඉ.රු. කෝටි 50+

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..,

ආමිර් අලී කියන්නේ තමන්ගේම කියලා ටෙක්ස්ටයිල් ව්‍යාපාරයක් කරන් යන තරුණයෙක්. මොහුගේ තාත්තා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක්. මේ අය බොහොම සතුටින් සමාදානයෙන් ජිවිතේ ගත කරගෙන යනවා. ආමිර්ගේ තාත්තාගේ බඩු වගයක් ආව කන්ටේනර් එකක් නිදහස් කරගන්න ආමිරුයි එයාගේ තාත්තායි වරායට යනවා. එතැනදි කස්ටම් එකේ අයට මේ කන්ටේනර් එකේ තියලා රත්තරං වගයක් හම්බවෙනවා. තමන්ගේ තාත්තා මේ වගේ දෙයක් නොකරන බවට ආමිර් හොදාකාරවම දන්නවා. එහෙනම් තාත්තාව මේකට කොටු කලේ කවුද? එහෙම කරන්න හේතුව මොකක්ද? බොහොම සාධාරණව හිටිය ආමීර්ට අන්තිමට ජවාරම් වලට බැහැලාම මේ දේවල් කරපු අය වෙනුවෙන් හැප්පෙන්න වෙනවා.

කොහොම හරි ඇක්ෂන් හොදට තියන පැය දෙකහාමාරක් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් හොයනවා නම් මේක අරන් බලන්න කියලා කියන ගමන් සමුගන්නවා තව චිත්‍රපටියකින් හමුවෙමු.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram