spot_img

Jalebi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බෙංගාලි Praktan(2016) කියන ෆිල්ම් එකේ Remake එකක් වන Jalebi ෆිල්ම් එක Pushpdeep Bhardwaj විසින් අධ්‍යක්ශනය කරන ලද සුරූපි නිලි Rhea Chakraborti සහ නවක නලු Varun Mitra විසින් රංගන දායකත්වය ලබා දෙනවා. මේ හින්දි ෆිල්ම් එක ඇසට කදුලක් එක් කරන ලස්සන ෆිල්ම් එකක්. Shreya Goshal ගේ සහ Arijith Singh ගේ හදවතට දැනෙන ලස්සන සින්දු ටිකක් මේ ෆිල්ම් එකේ තියනවා.

අවුරුදු 21 ක් වුන අයිෂා ලේඛිකාවක් වෙන්න සිහින මවන කෙනෙක් ඇය මුම්බායි නගරයේ සිට දිල්ලි වෙත පැමිණෙනවා.එහිදී ඇයට Tourist Guide කෙනෙක් වෙන දේව් කියන තරුණයා මුණ ගැසෙනවා. අවසානයේ අයිෂා දේව්ට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වෙනවා දේව් අයිශාට ගොඩක් ආදරය කරනවා.මාස කිහිපයකට පසු ඇය ගැබ්ගෙන ඇති බව දැනගෙන ඇය ගොඩක් කලබල වෙනවා.ඇයට තවම අවුරුදු 21 රැකියාව පැත්තෙන් ඇයට ගොඩක් දුර යන්න හීන තියනවා කියලා ඇය දේව්ට කියනවා.ඒත් දේව්ගේ බලවත් ඉල්ලීම සහ ආදරය මත ඇය දරුවා ප්‍රසූර්ත කිරීමට කැමති වෙනවා.ඔහොම කාලය ගතවෙලා යනවා දේව් සහ අයිශා එයාට ලැබෙන්න ඉන්න දියණිය ගැන ගොඩාක් හීන මවනවා ඇයට දෙදෙනාගේ නම් එකතුකරලා දිශා කියලා නම් තියන්න.ඒත් සෑම ආදර කතාවක්ම අපි හිතන තරම් සුන්දර නැහැ. දෛවය සරදමක්දෝ අයිශාට ලැබෙන්න ඉන්න දරුවා නැති වෙනවා.ඒත් ඒකට දේව්ගේ මවගෙන් තනිකරම දෝශාරෝපණය එන්නේ අයිශාට. මවගේ කියවිල්ල සහ තමන්ගේ දරුවා නැතිවීම ගැන ගොඩක් අසහනයට පත් වූ අයිෂා ට දැනෙනවා දරුවා නැති වීමත් සමග දේව් ඇයට පෙරසේ ආදරය නොකරන බව. ඇය තනියම කාමරයට වෙලා අඩනවා අන්තිමට ආයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා.ඊට පස්සෙ ඇය තීරණය කරනවා දේව්ව අතහැරලා යන්න.ඒත් දේව් එයාට ආදරය නිසා ඇයව සොයාගෙන ඒවි කියලා ඇය විශ්වාස කරනවා.

ඇත්තටම ඔහු ඇයට ආදරය කලාද කියන එක ඇයට තවමත් සිතට වදදෙන ප්‍ර‍ශ්නයක්. විරහාව නිසා ජීවිතය නැති කරගන්න තරම් මානසිකව වැටුන ඇය වසර හතකට පසු තීරණය කරනවා දේව් අවසාන වරට හමුවෙන්න යන්න. ඒත් දෛවයේ අහඹු හමු වීමක් ලෙස අයිශා දේව් හම්බවෙන්න යන ගමන අතරතුර, මුල්වරට ඇයට අනූ සහ අනූගේ සුරතල් දියණිය වන දිශා හමුවෙනවා. පෙරදිනක හමුනොවූ කෝච්චියේදි දුටු අනු කියන මෙම කාන්තාව සමග සංවාදයේ යෙදෙන අයිශා ඉදිරියේ කෝච්චි පෙට්ටියේදි දිගහැරෙන ඔහුගේත් ඇයගෙත් ආදර කතාවයි මේ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram