spot_img

Wish Upon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.

Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක James Wan ගේ සමගාමිකයෙක් වන John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත් Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) චිත්‍රපටයේ මින්හෝ ගේ චරිතය නිරූපණය කල Ki Hong Lee සමඟින් පසුගිය දිනවල Shooter රූපවාහිනි කතාමාලාවෙන් බොබ් ලී ස්වැගර් ලෙස ඔබ හමුවට ආ Ryan Phillippe දැකගන්න පුලුවන්.

කතාව :
ක්ලෙයාර් ෂැනොන් කියන්නෙ වයස අවුරුදු 17ක් විතර ඇති ගැහැණු ළමයෙක්.මෙයාගෙ අම්මා එයා පොඩි කාලෙ සියදිවි නසාගෙන මැරිලා තියෙනවා. ඇයගේ තාත්තා ජොනතන්,ඔහු කලින් සංගීතඥයෙක් වුවත් ඔහු විනෝදයක් විදිහට දැන් කසළ ගොඩේ තියෙන පාවිච්චියට ගන්න පුලුවන් දේවල් එකතු කරන්නෙක් විදිහට වැඩ කරන කෙනෙක්.කුණු ගොඩක තිබිලා මෙයාට දවසක් චීන සංගීත පෙට්ටියක් හම්බවෙනවා.මේක වටින එකක් කියලා හිතලා මෙයා තමන්ගේ දුව වන ක්ලෙයාර්ට උපන්දින තෑග්ගක් විදිහට තෑගි කරනවා.මේ පෙට්ටිය ගැන වැඩි සැලකිල්ලක් ක්ලෙයාර් නොදැක්වුවත් පාසලේ ඇයට සිද්ද වෙන යම් යම් අකරතැබ්බ නිසා පෙට්ටිය මත කොටා ඇති “ප්‍රාර්ථනා හතක් ඉල්ලීම් කල හැක” යන වැකිය දකින නිසාත් ඇය යම් යම් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ වාසියට.ඒත් එක්කම ඇය වටේ ඉන්න අය අනතුරු වලින් ජීවිතය හැරදා යන්නටත් සිද්ද වෙන්න පටන් ගන්නව.පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා මේ පෙට්ටිය ප්‍රාර්ථනා ඉටු කරාට,ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නෙත් යම් වන්දියක් අරගෙන කියලා..මේ ප්‍රාර්ථනා ඉටු කරන චීන සංගීත පෙට්ටියේ අබිරහස මොකක්ද? ක්ලෙයාර් හට මොනවා වෙයිද? ක්ලෙයාර්ගේ අම්මා සියදිවි නසාගැනීමට හේතුව මොකක්ද? ක්ලෙයාර් හට වැරැදුනු තැන නැවත හරිගස්සන්න පුලුවන් වෙයිද? මේ ඔක්කෝටම උත්තර චිත්‍රපටය බලලම දැනගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram