spot_img

Batman Soul of the Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අලුත් අවුරුද්දේ ඒ කියන්නේ 2021, DC ලගේ රිලිස් වුන පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක තමයි මම අද ඔයාලාට අරගෙන ආවේ. Batman: Soul of the Dragon තමයි ෆිල්ම් එකේ නම.ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලට හිතෙයි කෝ යකෝ බැට්මෑන් කියලා ඒ තරම් ෆිල්ම් එකේ කතාව වෙනස්ම පැත්තකට ගිය ෆිල්ම් එකක් මේක. ඇත්තම කිව්වොත් පට්ට ෆිල්ම් එකක් කියන්න පුලුවන්. කතාව ගලාගෙන යන විදිය පොඩ්ඩක් කියන්නම්. කතාව පටන්ගන්නේ අපේ බෘස් වේන් කොල්ලා බැටා වෙන්න නින්ජා සටන් ඉගෙන ගන්න යන තැනින්. එතන ඉන්නවා ඒ වගේම සටන් කලාව ප්‍රගුණ කරන්න ආව පිරිසක්. බෘස්ට එයාලත් එක්ක අවුරුදු ගානක් එකට ඉදගෙන පුහුණුවිම් කරගෙන යනවා. හදිසියේම එතන පිරිසෙන් කෙනෙක් සටන් කලාව ඉගෙන ගන්න ආව මුවාවෙන් ඔහුගේ යටි අරමුණක් ඉෂ්ඨ කරගන්න හදනවා. ඒ හේතුවෙන් බැටා ඇතුලු පිරිසට සටන් කලාව උගන්වන මාස්ටර්ට ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා වගේම බෘස් ඇතුලුව ඉතිරිවන පිරිසට මාස්ටර් ලොකු වගකීමක් භාරදෙනවා. ඒ වගකීම මොකක්ද? මෙයාලට මූණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද ඒ සියල්ලටම උත්තරේ හොයාගන්න ෆිලුම බල්ලනම වෙනවා.

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ බොහොමයක් DC ඇනිමේෂන් අධ්‍යක්ෂණය කරන Sam Liu විසින්. ඉතාමත් දක්ෂ හඩකැවිම් ශිල්පීන් පිරිසක් මේ ෆිලුමට හඩ ලබාදී තිබෙනවා.IMDB 5.9 ක හම්බවෙලා තිබුනත් ඊට වඩා අගයක් හිමිවිය යුතු ෆිලුමක් මේක. කොහොම වෙතත් DC පිස්සෝ නැරඹීය යුතුම ෆිලුමක් මේක. එහෙනම් ඉතිං තවත් ෆිලුමක් රැගෙන එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු කථා සෙට් එකක් තමයි බොහොම ස්තුතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram