More

    Airra (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජීවිතේ අපි හිතන්නෙ නැති විදියට අපේ අතින් වැරදි සිදුවෙන්නේ,ඒ වැරදිවලින් අපිටත් නොදැනම තවත් කාට හරි කරදරයක් වෙන්නත් පුලුවන්… අපි නොදැන හිටියට ඒම වැරැද්දෙන් අනෙකාගේ ජීවිතයම විනාශ වෙලා යන්න පුලුවන් ජිවිතේ කියන්නේ මොන තරම් ආශාවන්ගෙන්, බලාපොරොත්තු වලින් පිරුන තැනක්ද ඒත් සමහර මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමිත්වය, බල ලෝභිත්වය නිසා තවත් කෙනෙක්ගේ ආශාවන්ගෙන්, බලාපොරොත්තුවලින් පිරුන ජීවිත කොච්චර නම් විනාශ වෙනවද? අද ඔයාලට අරගෙන ආපු චිත්‍රපටියත් ඒ වගේම මිනිසුන්ගේ වැරදි නිසා අහිමි උන තවත් කෙනෙක්ගේ බලාපොරොත්තු වලින් සපිරුන ජීවිතයක් ගැන කියවෙන කතාවක්

    සුපිරි නිළි නයනතාරාගේ අලුත්ම චිත්‍රපටිය තමයි Airaa කියන්නේ Imdb අගය 6.2ක් ගත්තු මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ 2019 මාර්තු 27 දින Horror කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටියේ Nayanthara සමග Kalaiyarasan සහYogi Babu රංගනයෙන් දායක වෙනවා

    හිටි ගමන් නගරේ අභිරහස් මිනීමැරීම් වෙන්න පටන් ගන්නවා, ඒත් මේ කිසිම කෙනෙක් අතර කිසිම සම්බන්ධයක් නෑ… මේ සියළුම මිනීමැරීම් වලට පොදු දේ තමයි මේ ඔක්කොමලම මැරෙන්නෙ උඩ තට්ටුවක ඉදන් පහලට වැටීමෙන් ඉතින් මෙහෙම එකිනෙකට සම්බන්ධ නැති මිනීමැරුම් වෙන්නෙ ඇයි? කොහොමද? ඒක දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

    යමුනා (නයන්තාරා) කියන්නේ වාර්තාකාරියක් මෙයාගේ අම්මයි තාත්තයි බලන්නේ කොහොම හරි මෙයාට කසාදයක් කරල දෙන්න.. ඉතින් ඒකට කැමති නැති යමුනා එයාගේ ආච්චිගේ ගෙදරට යනවා ඉතින් එහෙට ගියාට පස්සෙ තමයි ඔක්කොම පටන් ගන්නේ.. ඇත්තටම අද කාලේ youtube එක කියන්නෙ සල්ලි හොයන්න පුලුවන් තැනක්නේ ඉතින් යමුනාටත් අදහසක් එනවා හොල්මන් විඩීයෝ හදලා youtube එකට දාල ආදායම වගේම ජනප්‍රිය වෙන්න… ඉතින් මෙයා මේ කරන වීඩියෝ ගොඩක් ප්‍රසිද්ධ වෙනව වගේම මෙයාව ගොඩක් අය දැනගන්නවා.. එත් හිටි හැටියේම යමුනාගේ ආච්චි අභිරහස් විදියට මැරෙනවා එතනින් තමයි මේ ඔක්කොම පටන් ගන්නේ.. යමුනාගේ ආච්චිගේ මරනයට වගකියන්න ඕනි කාරනේම යමුනාවත් මරන්න යමුනාගේ පස්සේන් පන්නනවා ඉතින් මේ මොකද වෙන්නේ?
    යමුනා කොහොමද මේකෙන් බේරෙන්නෙ, ඒක දැනගන්න අරගෙනම බලන්නකෝ…

    අපි කරන තප්පරයක වැරැද්දක් නිසා තවත් කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්…යමුනාත් කරන්නේ ඒ වගේම තප්පරයක වැරැද්දක්, ඒ උනාට එයා ඒක දන්නෙ නෑ තමන් අතින් වැරැදදක් උනාද කියලවත්, මේ චිත්‍රපටියේ පටන්ගැන්මම තමයි අවසානයත් වෙන්නේ එකේ තේරුම දැනගන්න ඉතින් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Airra.(2019).Sinhala.Subtitle.rar – Downloaded 370 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram