today-is-a-good-day
More

    AK vs AK (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    රියැලිටි ෆිල්ම් කියන මාතෘකාව ලෝක සිනමාවෙ බිහි වෙන්නෙ 1966 තරම් ඈතයුගයේ.. නමුත් වාර්තාමය චිත්‍රපට වලින් එහාට මේ රියැලිටි සිනමාව යන්නෙ මෑත යුගයෙ. කොටින්ම කියනවා නම් 2000න් පසෙ ආපු රූපවාහිනි රියැලිටි වැඩසටහන් යුගයත් එක්ක. ඒත් බොලිවුඩයට ඩොක්‍යුමන්ට්‍රි නොවන රියැලිටි සිනමාව යන්තම් හෝ ඈඳෙන්නෙ අබ්බාස් – මුස්තාන් අධ්‍යක්ෂණය කළ “නඛාබ්” චිත්‍රපටය හරහා.

    AK VS AK .. කොටින්ම කිව්වොත් අනික් කපූර් එදිරිව අනුරාග් කාශ්‍යප් චිත්‍රපටයටත් පාදක වෙන්නෙ රියැලිටි සිනමාව නමුත් ඒ ඔබව මාව අන්දපු පූර්ව රචිත තාත්වික සිනමාව තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රී-ස්ක්‍රිප්ටඩ් රියැලිටි සිනමාව.. සත්‍ය කතාවක් මත ලස්සනට ගොතපු , සත්‍ය චරිත මත ගොඩනැගුනු එහෙත් සත්‍ය නොවන සත්‍ය යැයි සිතිමට බල කරන කතාවක්..සිනමා භාශවෙන් තේරෙන්න කිව්වොත් අර්ධ රෙට්‍රොස්ක්‍රිප්ට් කථාවක්. අනුරාග්ව සිනමාවට හදුන්වා දෙන්නෙ අනිල් කපූර් ඒ දෙබස් රචකයෙක් ලෙසට.. අනුරාග් අධ්‍යක්ෂක වරයෙක් ලෙස 2007 තමන්ගෙ පළමු චිත්‍රපටයට අනිල් කපූර් ට ආරාධනා කරනවා නමුත් අනිල් එය ප්‍රතික්ශේප කරනවා. ඒක බොලිවුඩයේ වුන සත්‍ය කථාවක්.. ඒ සත්‍ය කතාව මත මේ චිත්‍රපටය ගොඩනැගෙනවා…

    අනිල් අනුරාග් වෛරය 2007 ඉඳන් අද වෙනතුරු ක්‍රියාත්මකයි.. එක් රූපවාහිනී වැඩසටහනකදී මේ හතුරුකම දුරදිග ගිහින් කාශ්‍යප් කපූර්ට වතුර වීදුරුවකින් පහර දෙනවා.. ඊට පස්සෙ තමයි හොඳම හරිය..ඉන් පස්සෙ කාශ්‍යප් ට තමන්ගෙ චිත්‍රපට ගණනාවක් අහිමි වෙනවා ඒ කපූර් පවුලේ බලපෑම මත. කාශ්‍යප් යනවා පලිගන්න.. කොහොමද ඒ?? … රියැලිටි ෆිල්ම් එකක් අනිල් එක්ක .. නිමිත්ත සෝනම් පැහැර ගැනීම.. කතාව සෝනම් සොයා අනිල් කරන මෙහෙයුම…හරිම තාත්විකයි… කතාව හොඩනගන්නෙ අනිල් කපූර් තමන් විසින්මයි.. කැමරාව සාම්ප්‍රදායික රෙට්‍රොස්ක්‍රිප්ට් කැමරාකරණය. අනිල් කපූර් කියන මහා නළුවා තමන්ගෙ දියණිය හොයාගෙන පාරක් පාර්ක ගානෙ යනවා. ඇත්‍ත ලේ, ඇත්ත දහඩිය, ඇත්ත කඳුළු වගුරවමින්.. නමුත් කතාවෙ ටිවිස්ට් පිට ට්විස්ට්.. වෙනස්ම කොන්සෙප්ට් එකක් නිසා සරල කතාවක් වෙයි කියලා හිතුවට එහෙමම නෑ.. කතාවත් කොන්සෙප්ට් එක වගේම ට්විස්ටඩ් එකක්..

    අනිල් කපූර්, සෝනම් කපූර්, හර්ශ්වර්ධන් කපූර්, බොනී කපූර් සමඟින් අනුරාග් කාශ්‍යප් රංගනයෙන් දායක වන Ak Vs. Ak චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ වික්‍රමාදිත්‍ය මෝට්වානි. හාස්‍ය, ත්‍රාසය සහ කුතුහලය පදමට දැනෙන මේ චිත්‍රපටය අනිවාර්‍යෙන් බලන්න.. බොලිවුඩයට අළුත් යමක්.. !!!

    චිත්‍ර‍පටියේ ලිපිය වෙනුවෙන භාරත සිනමා රසික සංසදයේ
    Charith Moragoda සහෝදරයාට තුති.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “AK vs AK (2020) සිංහල උපසිරැසි” AK.vs.AK.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3518 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram