spot_img
spot_img
More

    Ala Vaikunthapurramuloo (2020) සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    Imdb 7.4 ක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 89%ක්ම කැමැත්ත අරගත්තු,2020 වසරේ ආරම්බයේම තෙලෙගු සිනමාවේ සුපිරි නළුවෙක් වෙන Allu Arjun අපිට වයිකුන්තාපුරම්ල්ලෝ වලින් හොයාගන්න පුලුවන් වෙනවා අවුරුද්දකට විතර පස්සේ,ඒ මොකද Allu Arjun අවුරුද්දක විතර විරාමයකින් පස්සේ තමයි චිත්‍රපටියක් අරගෙන ආවේ,ඉතින් ඒක එසේ මෙසේ නෙවෙයි සුපිරි හිටි එකක් තමයි,කොහොම හරි Allu Arjun ගේ චිත්‍රපටියත් එක්කම තරගයට හිටියේ තෙලෙගු සිනමාවේ තවත් සුපිරි තරුවක් වෙන Mahesh Babu..ඒ මොකද  Mahesh Babu ගේ sarileru neekevvaru චිත්‍රපටියත් තිරගත උනේ මේ එක්කමයි,කොහොම හරි මේ චිත්‍රපටි දෙකම සුපිරි හිට් දෙකක් උනා කියන්න පුලුවන්,Mahesh Babu ගේ ෆිල්ම් එක මුලින්ම හොද පිටපතක් එයි කියල තමයි ඔක්කොමල හිතාගෙන හිටියේ ඒත් SUN NXT ලා Allu Arjun ගේ රසිකයන්ව පුදුම කරමින් කලින්ම මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් කරනවා,…චිත්‍රපටිය තමයි AlaVaikunthapurramuloo ඒ කියන්නෙ අර තියෙන්නෙ වයිකුන්තාපුරම්ල්ලෝ කියන එක,…
    ඉතින් Ala Vaikunthapurramuloo හි Allu Arjun ,Pooja Hegde,Tabu,Jayaram ,Nivetha Pethuraj වගේ ගොඩක් නළු නිලියෝ අපිට දැකගන්න පුලුවන්,
    වැඩි කතාවක් නැතිව කතාව ගැන කියන්නම්කෝ…වාල්මිකි (Murali Sharma)කියන්නේ  රාජ් ගාව වැඩ කරන ගනකාධිකාරයෙක්,ඉතින් වාල්මිකී කියන්නෙ මධ්‍යමපාන්තික කෙනෙක්,ඉතින් රාජ්ගේ බෑනා තමයි රාම්චන්ද්‍ර..රාම්චන්ද්‍ර ඉන්න ගෙදර හදුන්වන්නෙ වයිකුන්තාපුරම්ල්ලෝ කියල …වාල්මිකිට රාම්චන්ද්‍ර ගැන ඉරිසියාවක් තියෙනවා ඒක තමයි රාම්චන්ද්‍ර වාල්මිකී එක්ක එකම තනතුරේ ඉදන් සමාගමේ අයිතිකාරයගේ හිත දිනාගෙන ඔහුගේ දුවව බැදල මෙහෙම එක පාරටම පෝසත් වෙලා ඉන්න එකට,ඉතින් දවසක් මෙ දෙන්නගෙම බිරිදට ලමයි හම්බවෙන්න ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා,එතනදී තමයි වාල්මිකී,රාම්චන්දරගෙන් පලිගන්න හිතාගෙන ලමයි දෙන්නව මාරු කරන්නේ,..එතනින් එහාට වෙන කතාව බලන්න ඔයාලට බාරයි ඒහෙනම්….
    ඒවගේම මේ චිත්‍රපටියේ ලස්සන සිoදු ගොඩක් තියෙනව..ඒවගෙන් ගොඩක්ම ජනප්‍රිය උනා BUTTA BOMMA (සින්ඩ්‍රරෙල්ලා) සිoදුව…ඉතින් ඒ සිoදුව එක්කම,මේ චිත්‍රපටියේ තියෙන හැම සිoදුවක්ම ඔයාලට සිoහල උපැසිරැසි එක්කම නරබන්න පුලුවන්,..එහෙනම් තෙලෙගු සිනමාවේ stylish star අල්ලු අර්ජුන් එක්ක යමු අපිත් වයිකුන්තාපුරම්ල්ලෝ වල මොනාද වෙන්නෙ බලන්න….
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ala.Vaikunthapurramloo.(2020).Sinhala.subtitle.rar – Downloaded 4965 times – 66 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram