spot_img
spot_img
More

    Alian (1,2,3,4) Original series Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Alien (1979) Sinhala Subtitle
    Aliens (1986) Sinhala Subtitle
    Alien 3 (1992) Sinhala Subtitle
    Alien Resurrection (1997) Sinhala Subtitle

    Alien (1979)

    කතාව මෙහෙයි. “නොස්ට්‍රොමෝ“ කියන්නෙ පෘථිවිය වෙතට පැමිණෙමින් ඉන්න යානයක්. ඒ ලෝපස් ටොන් මිලියන විස්සකුත් එක්ක. ඒ වගේම කණ්ඩායමේ මිනිසුන් 7 දෙනෙක් ඉන්නවා. මෙහෙය යානය යන අතරේ එක්තරා නොදන්නා ග්‍රහ වස්තුවකින් සංඥාවක් එනවා. ඒක සෑම තත්පර 12කටම වරක් එනවා.

    මේ නිසා යානය, ඒ කියන්නෙ “අම්මා“ විසින් යානයේ ශිෂිර නින්දේ ඉන්න කණ්ඩායමම අවදි කරනවා. ඊට පස්සෙයි එයාලා හොයල බලනකොට දැනගත්තෙ නොදන්නා ග්‍රහලෝකයකින් එනවා කියලා. එයාලා අනුමාන කරනවා බුද්ධිමත් ජීවීන් කොට්ටාසයක් එහි ඉන්නවා ඇති කියලා. ඉතින් මෙයාලාට වැඩිපුර සල්ලිත් ලැබෙන නිසා එයාලා යනවා.ඔවුන් සෙයාගන්නවා ඒ සංඥාව එන්නෙ ග්‍රහලෝකයේ තියෙන කඩාවැටුනු පිටසක්වල යානයකින් කියලා. ඒකට ගිහින් සොයා බලද්දි එහි මනුස්සයෙකුට සමාන පිටසක්වල ජීවියෙකුගෙ ෆොසිලයක් අහුවෙනවා. ඔහු මියගිහින් තියෙන්නෙ ඇඟ ඇතුලෙන් යමක් එලියට ඇවිල්ලා. මේ අතරේ කණ්ඩායමේ එක් අයෙකුට අනතුරක් සිදුවෙනවා.ඇත්තටම ඒ වෙලා තියෙන්නෙ මොකක්ද? පිටසක්වල ජීවියා මියගියේ කෙසේද? අපේ කණ්ඩායමේ අයට කුමක් සිදුවේවිද? අනිවාර්යෙන්ම චිත්‍රපටය බලන්න ඔයාලා.

    ——————————————————————

    Aliens (1986)

    මේ ඒලියන්ස් චිත්‍රපටය ජේම්ස් කැමරන් හදපු මේ චිත්‍රපටයත් පළවැනි කොටසට දෙවැනි නෑ! මුල් චිත්‍රපටය බලල නැත්නම් මේක බලන්න එපා. මුලින්ම ඒක බලන්න. පළමු චිත්‍රපටය අවසන් වුනේ රිප්ලි යානයකින් අපේ සෞරග්‍රහමණ්ඩලයට එන තැනින්.

    මේ චිත්‍රපටය පටන් ගන්නේ එතන ඉඳලා. අපේ සෞරග්‍රහමණ්ඩලයේ සැරිසරන කණ්ඩායමකට රිප්ලි ඉන්න යානය අසුවෙනවා. එයාලා රිප්ලිගෙ යානය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගේනවා. එහිදී දින කීපයක් ප්‍රතිකාර ලැබෙන අතර පසුව රිප්ලි නොස්ට්‍රොමෝ යානය විනාශ කලාට වරදකාරිය වනවා. රිප්ලිට ඒ අතර දැනගන්න ලැබෙනවා පිටසක්වලයන් හිටිය ග්‍රහලෝකයේ දැන් මිනිසුන් පදිංචිවෙලා ඉන්නවා කියලා. ඒකෙ වායුව පෘථිවියේ තරමට පිරිසිදු කරන්න. හැබැයි ටික දවසක් රිප්ලි මෙහෙම ඉන්නකොට… අර ග්‍රහලෝකෙන් එන සන්නිවේදන සංඥා එකසැරේට ඇණහිටිනවා. හේතුවක් දන්නෙ නෑ. ඉතින් ඒ හේතුව හොයාගන්න පෘථිවියේ කණ්ඩායමක් යවනවා. ඒ විශේෂ භට කණ්ඩායමක්. ඒ අතරටම රිප්ලිටත් යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එයා ඒකට මුලින්ම අකමැති වෙනවා. පසුව කැමති වෙලා යනවා.

    මෙම චිත්‍රපටය 1986 වර්ශයේ නිකුත් වුනේ. IMDB ලකූනු 10න් 8.5ක් ලබාගත් ඉතාමත්ම සුවිශාල නිර්මාණයක්. ඇ.ඩො.මි.18.5ක වියදමකින් නිපදවූ මෙයට ඇ.ඩො.131,060,248ක ආදායමක් ලැබිලා තියෙනවා. මෙම චිත්‍රපටය එංගලන්තයේ “පයින්වුඩ් ස්ටුඩියෝස්” හි සහ භාවිතයට නොගන්නා බලාගාරයක රූගත කලේ. ඒ වගේම මෙය ඇකඩමි සම්මාන 7කට නිර්දේශ වුණා.

    ——————————————————————

    Alien 3 (1992)

    ඒලියන් චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය. ඒ කියන්නෙ අවසානය.මේ චිත්‍රපටය නිකුත් කලේ 1992 වර්ශයේදි. ඩේවිඩ් ෆින්චර් අධ්‍යක්ෂණය කල මෙය නිපදවීම සඳහා ඇ.ඩො.මි. 50ක් වියදම් කරල තියෙනවා. ආදායම වශයෙන් $159,773,545 ලැබිලා තියෙනවා.

    දෙවැනි චිත්‍රපටයේදි අන්තිමට රිප්ලි, නූට්, බිෂොප්ගේ ඉතුරු කොටස් සහ හික්ස් බේරිලා “සුලාකෝ” යානයෙන් නැවත පෘථිවිය බලා පිටත්වෙනවා. සියලුදෙනා ශිශිර නින්දේ සිටින විට යානය තුල යමක් සිදුවෙනවා. ඒකනිසා මේ අය හදිසියේම යානයෙන් පිට කරනවා. මේ අය සිටින හදිසි පිටවුම් යානය වැටෙන්නේ “ෆියුරි 161” කියන ග්‍රහලෝකයට. එහිදී රිප්ලි ඇතුලු කණ්ඩායමම එහි සිටින අය බේරගන්නවා. ඒත් රිප්ලිට අමුත්තක් දැනෙනවා. මෙහෙම දවස් කීපයක් යනකොට එහි සිටින අයෙක් සුළං පෙත්තකට විසි වෙලා මැරෙනවා. නමුත් එහි සිටින දොස්තර එයට කිට්ටුව ඇසිඩ් වැටිලා වගේ පිච්චුන ස්ථානයක් දකිනවා. ඒත් රිප්ලි මේ වෙන කිසිම දෙයක් ගැන කාටවත් කියන්නෙ නෑ.ඒ කියන්නෙ පිටසක්වල ජීවියෙක් මේ ලෝකෙත් ඉන්නවද? නැත්නම් ඌ කොහොමද ආවේ? රිප්ලිලා එක්ක එන්න විදියක් නෑනේ? ඇත්තටම ටිකක් හිතාගන්න බෑනේද? ඒකට චිත්‍රපටිය බලන්නම වෙනවා. මේ චිත්‍රපටයත් “නැවත සකස්කරන ලද විශේෂ සංස්කරණයක්”.

    මේ චිත්‍රපටය හදනකොට තිර රචකයෝ හා අධ්‍යක්ෂකවරු අතර ලොකු ලොකු මතවාද ඇතිවුන එකක්. චිත්‍රපටය රූගත කරන්න පටන්ගත්තෙ චිත්‍රපටයේ පිටපත ඉවර කරලාවත් නෙවෙයි.

    ——————————————————————

    Alien Resurrection (1997)

    ඒලියන් 3 වැනි කොටසේදි එලන් රිප්ලි මියගොස් වසර 200කට පසුව ඇයගේ ක්ලෝනයක් නිපදවනවා. ඒ වගේම ඇයගේ සිරුරේ සිටි පිටසක්වල ජීවී රැජිනවා ශෛල්‍යකර්මයකින් එලියට ගන්න අතර “The United Systems Military” නැමති ආයතනය මඟින් ඔවුන්ව බෝ කිරීමට ලක්කරනවා. උන්ව බෝ කිරීම හා පර්යේෂණයට ලක් කරන්නේ ඔරීගා නැමති යානය තුලදී. රිප්ලිව ක්ලෝනීකරණය කලද ඇයට මුලදී කිසිවක් මතක නොමැති වුවත් පසුවන විට ඇයට සියල්ල පසක් වෙනවා. ඇය කවුද යන්න හොඳින් වැටහෙනවා. ඒ වගේම මේ මිනිසුන් කරන්න යන දේ ගැනත්.

    ඇයට මේ සඳහා මිනිසුන් කණ්ඩායමක සහය ලබාගැනීමට පුලුවන් වෙනවා. නමුත් සියල්ල අතර තුර පිටසක්වලයින් සියලුම දෙනා කූඩුවෙන් පැනගන්නවා.!හිතාගන් නකෝ එක පිටසක්වලයෙක්ගෙන් කොච්චර හානියක් වුනාද කියල. මේකෙදි 10 දෙනෙක්ටත් වඩා පිටසක්වලයින් ඉන්නවා. මෙහිදි අලුත් ජාතියක මිනිස් පිටසක්වලයෙකුත් බිහිවෙනවා. ඒක නම් බලන්නම වටිනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති BluRay (Special Edition) පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හා YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Alien Film collection සිංහල උපසිරැසි” Alien.Film.collection.Sinhala.Subtitle.rar – Downloaded 905 times – 119 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk | + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

    2. අඩෝ තෑනක්ස් මචං සෙට් එකටම සබ් දුන්නට….
      බොහෝම ස්තූථියි.. ජය වේවා……….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram