spot_img
spot_img

Alien Covenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් හැමෝටම. කාලෙකට කලින් මතකයිනේ ඒලියන් ෆිල්ම් එක දුන්නා මම? ෆිල්ම් 4ම එකසැරේ දීගෙන ගියා. මම මුලින්ම ඒලියන් ෆිල්ම් එක දැක්කේ ජාතික රූපවාහිනියේ. අහම්බෙන්. ඒ බලපු ටිකට ෆිල්ම් එක මාර විදියට හිතට වැදුනා. ඉතින් ඒ කාලෙදිම තමයි මට සූම් එකත් හම්බවුනේ. ඉතින් ෆිල්ම් 4ම මම උපසිරැසි කලා. මම තමයි අන්තර්ජාලයේ මුලින්ම ඒලියන් චිත්‍ර‍පටි පෙලට උපසිරැසි කලේ කිව්වොත් නිවැරදියි. ගොඩක් ප්‍ර‍තිචාර ලැබුනා ඒ කාලෙදිත් චිත්‍ර‍පටයට.

ඉතින් පහුගිය ටිකේ කරදරත් වෙලා උපසිරැසි කරන්න වුනේ නෑ. මාස තුනක් විතර. ඉතින් කොහොමහරි පරක්කු වෙලා හරි ඒලියන් චිත්‍ර‍පටය මම ම අරගෙන ආවේ මුල් චිත්‍ර‍පට පෙලත් මම කරලා වෙන කෙනෙකුට දෙන්න දුක හිතුන නිසාම තමයි. ආත්මාර්තකාමී වගේ තමයි ඉතින් ඒ වුනාට ඒලියන් චිත්‍ර‍පටයට පිස්සෙක් වගේ මම ආදරේ කරනවා. ඒ්ලියන් – කවනන්ට් චිත්‍රපටයෙ මංගල ප්‍රදර්ශණය සිදුවුනෙ ලන්ඩන් නුවරදි. ඒ පසුගිය මැයි 4 වැනිදා. මේ චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කලේත් මුල්ම ඒලියන් චිත්‍ර‍පටය(1979) අධ්‍යක්ෂණය කල රිඩ්ලි ස්කොට් වීමත් විශේෂත්වයක්. නිෂ්පාදන පිරිවැය විදියට ඇ.ඩො.මි. 100කට ආසන්න මුදලක් වියදම් කල නිර්මාණය කල ඒලියන් කවනන්ට් චිත්‍ර‍පටයට ඇ.ඩො.මි.230කට අධික බොක්ස් ඔෆීස් ආදායම් වාර්තාවක් ලැබෙනවා.

කවනන්ට් චිත්‍ර‍පටය සිදුවන්නේ 2104දී. ඒ, ප්‍රොමීතියස් චිත්‍ර‍පටයේ සිදුවීම සිදුවී වසර 11කට පසු. කවනන්ට් කියන්නේ ඔරිගා-6 නැමති අලුතින් සොයාගත් ග්‍ර‍හලෝකයේ කොලනියක් හදන්න යන යානයක්. දෙදහසක් මිනිසුන් මේ අලුත් කොලනිවාසීන් ලෙස අරගෙන යනවා මේ කවනන්ට් යානයේ. නමුත් අතරමගදී තාරකා පද්ධතියකින් පැමිණුන අධි ආරෝපිත තරංග මාලාවක් නිසා යානයේ ලොකු හානියක් වනවා. වෝල්ටර්; කවනන්ට් යානයේ මිනිස් රොබෝවා ‘‘අම්මාට‘‘ කියනවා නිළධාරී කණ්ඩායම ඇහැරවන්න කියලා. කණ්ඩායමේ කැප්ටන් තම හිමායන කුටියේදීම පිලිස්සි මිය යන්නේ මේ අතරතුර. කෙසේ හෝ යානයේ ගැටලු ටික නිරාකරණය කරන අවස්ථාවේදී අමුතු ආකාරයේ සම්ප්‍රේෂණයක් ඔවුන්ට හසුවෙනවා. එය ඉංග්‍රීසි ගීතයක් බවට ඔවුන් සොයාගන්නවා. කණ්ඩායමේ දෙවැනියා, ඒ කියන්නේ දැන් අලුත් කැප්ටන් තීරණය කරනවා මේ සම්ප්‍රේෂණය ගැන සොයන්න ඕන කියලා. ඔවුන් සොයාගන්නවා මේ අලුත් ග්‍ර‍හලෝකයක් කියලා. ඔවුන්ට කලින් හමු නොවුනු. ඒවගේම එහි පරිසරයද ජලය, ගස්වැල් වලින් පිරිපුන් එකක් බව.

නමුත් ඩැනියෙල්ස්, එහෙම නැත්නම් අලුත් චිත්‍ර‍පටයේ රිප්ලිගේ අඩුව පුරවන දෙවැනියා මෙයට කැමති වෙන්නේ නෑ. ඔවුන් සියලුම මෙහෙයුම් සකස් කලේ ඔරිගා-6 ග්‍ර‍හලෝකයට. එකසැරේ මතුවුන හැමදෙයින්ම පරිපූර්ණ ග්‍ර‍හලෝකයකට යන එකේ අමුත්තක් ඇයට දැනෙනවා. නමුත් කැප්ටන් කරන්නේ ඇයව දෙවැනියාගේ තනතුරෙන් පහ කරන එක. කෙසේහෝ ඒ ග්‍ර‍හලෝකයට ගියාට පස්සේ කණ්ඩායමේ කීපදෙනෙක්ට රෝගී තත්වයකට මූණදෙන්න වෙනවා.

ඔන්න කතාවේ ආරම්භය. ඒලියන් මුල් චිත්‍ර‍පටි බලලා නැත්නම් ඒ ටික බලලා ඉන්න. ලින්ක් ටික අපි මේකෙදිම දානවා. එහෙනම් ඊළඟ චිත්‍ර‍පටයෙන් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

Download “Alien Covenant 2017 සිංහල උපසිරැසි” Alien.Covenant.2017.Sinhala.Subtitle.rar – Downloaded 1551 times – 30 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ප්‍රමෝද් ඉන්දුනිත්
pramod@zoom.lk | + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram