today-is-a-good-day
More

    Angel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වැඩි දවසක් යන්න කලින් ඔන්න ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ජයි – ලව් – කුෂ බලන්න ඇතිනේ. අදහස් ටිකකුත් වැටිලා තිබුනා. හැමෝටම ස්තූතියි. හැමෝම වගේ ඒකෙ SRT ෆයිල් එක නැත්තෙ මොකද ඇහුවා. ඇත්තටම ඒක දුන්නෙ නැත්තෙ හේතුවකට. කිසි දෙයක් කරගන්න බැරි සමහරු ඉන්නවානේ සින්හල සබ් දෙනවා කියලා කියන වෙබ් සයිට් කාරයන්. උන්ට පොඩි උදව්වක් කරන්න කියලා තමයි දුන්නෙ නැත්තේ. එතකොටවත් තෙලිගු ඉගෙන ගෙන ඇවිත් සබ් හදයිනේ. අසරන වෙබ් කාරයන්. ඉතින් අන්න ඒ නිසයි දුන්නෙ නැත්තේ. මේ චිත්‍ර‍පටියේ අපි නිකුත් කලා. මොකද ගොඩක් අය ඉල්ලුම් කරපු නිසා.

    චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Palani විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhuvan Sagar විසින්. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Naga Anvesh සහ Hebah Patel දෙදෙනා විසින්. මෙය 2017 නොවැම්බර් 3 වන දින ප්‍රතම තිරගත වීම ආරම්භ කර ඇත.

    ඉතින් මේ කතාව පටන් ගන්නේ අමරාවතී කියලා ප්‍රදේෂයක් තියෙනවා. ඒ ප්‍රදේශය නිතරම වගේ කැනීම් කරන පැත්තක්. දවසක් කැනීම් කරද්දී ලස්සන කාන්තා පිළිමයක් මතු වෙනවා. ඒක කට්ටියක් එකතු වෙලා පිටරටකට විකුනන්න හදන්නේ. ඉතින් මේ හොය ගත්ත පිලිමේ හයිද්‍රභාත් ගෙනියන්න බාර වෙන්නෙ අපේ නානි කියන තරුනයෙක්ට. මෙයා මේක අරන් යද්දී පොලීසියෙන් බේරෙන්න කැලෑ පාරකින් යනවා. එ ගමනෙදි වාහනේ පැච් එකක් ගිහින් එයාල නතර වෙනවා. කොහොම හරි එයත් එක්ක හිටපු අනිත් කෙනයි නානියි දෙන්න හොදටම බීලා එතනම නිදා ගන්නවා. රෑ ඇහැරෙන නානි කැලේ තියෙන පෙට්ටිටක් දැකලා ඒක අරලා බලනවා. ඒ තියෙන්නෙ මෙයාල ගෙනාව පිලිමේ. ඉතින් මෙයා වෙරි මතේ පිලිමෙ ලස්සන වර්නනා කර කර ඉදලා නිකන්ම නින්ද යනවා. හැබැයි උදේ නැගිටලා බලද්දී පිලිමේ නෑ. දැන් මොකද කරන්නේ. මෙයාල ඒකෙ අයිති කාරයට බොරු කියලා ‍පිලිමෙ නැතිව හයිද්‍රබාද් එන්න යද්දී ගෑනු ලමයෙක් කැලේ ඉන්නවා දැකලා එයාව එක්ක හයිද්‍රභාද් එන්න පටන් ගන්නවා. මීඨ වඩි කියන්න බෑ. හෙන දිග කතාවක් තියෙන්නේ. ඔයාල බලන්නකෝ පිලිමෙට මොකද උනේ? කවුද අර කැලේ හිටපු කෙල්ල, මොකක්ද මෙයාල ඉදිරියට කරන්නේ කියලා. එහෙනම් මම ගියා. ඔයාල හැමෝටම සුබ දවසක්. කලින් වගේම අදහසක් දාල යන්න අමතක කරන්න එපා

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Angel (2017) සිංහල උපසිරැසි” Angel.(2017).Sinhala.Subtitle.rar – Downloaded 603 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    Leave a Reply to Anonymous Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram