spot_img

Ant Man and the Wasp (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇක්ෂන් සපිරි සුපර්හීරෝ චිත්‍ර‍පටියක් විදිහට හැඳින්වීමයි වඩාත් සුදුසු. ඩේඩ්පුල් එක්ක රයන් රේනොල්ඩ්ස් පවත්වාගෙන යන සහසම්බන්ධතාවයට සමාන වූ ශක්තිමත් සබඳතාවයක් Ant-man එක්ක Paul Rudd ගෙන් දකින්නට ලැබුනා. මුල් චිත්‍රපටයෙන් Hope ව හඳුනාගන්නට ලැබුනත් මෙවර Ant-man සහ The Wasp එක්ව ක්‍රියාදාමයන්ට ප්‍රවේශ වීම තුළ හොඳ ජවයක් තිබුනා.

Marvel යුනිවර්සයේ අනෙකුත් කතන්දර හා සාපේක්ෂව බැලුවොත් Ant-man ඇතුලේ ඒ තරම්ම දැවැන්ත බවක් අඩංගු නැහැ. නමුත් සුපිරිවීර චරිතයේ පවතින වෙනස අනෙකුත් සුපිරි වීරයන් හා සැසඳීමේදී නම් දැවැන්තම එකක්. විශේෂයෙන්ම Chasing දර්ශනයන් වලදී උපයෝගී කරගෙන තිබුනු Action sequence වල තිබුන ආකර්ශනීය අතිමහත් එකක්. උද්‍යෝගයෙන් පිනා යන්නට සමත්. නොනවතින සුපර්හීරෝ ඇක්ෂන් පෙළහරක ආශ්වාදය නම් අඩුවක් නැතුවම “එතනදී” විඳගන්නට ලැබුනා. මුලිනුත් සඳහන් කලා වගේම Ant-man සහ The Wasp සුසංයෝගය අතිසාර්ථකත්ව ඉදිරිපත් කර තිබුනා.

මුල් චිත්‍රපටයේ දෙවැන්න විදිහට කතන්දරය තුලටත් වැදගත් වන කොටස් කිහිපයක්ම ඇතුලත් කොට තිබුනා. එතනදිත් වැඩිම අවධානයක් නිරායාසයෙන්ම දිනාගන්නේ Mid credits දර්ශනයම තමයි. Avengers පුරුකක් වෙච්ච Ant-man ව ඉදිරියේදී කුමන ආකාරයකින් හමුවෙයිද කියන කුතුහලය මතු කරවනවා පසුගිය Infinity War තුලින් Marvel Cinematic යුනිවර්සය තුළ මතු කරවපු කැළැඹිල්ල නිසාම. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ රසවින්දින්නට හැකි සමබර නිර්මාණයක් බවයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram