spot_img

Ayothi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ayothi (2023) Sinhala Subtitle

සීතා රාමම් එකේ රාම් මැරුණම දුක හිතුනෙත් නෑ..
කලර් ෆොටෝ එකේ ජයික්‍රිෂ්ණා මැරුණට දුක හිතුණෙත් නෑ..
දියා එකේ මරණ වලට දුක හිතුනෙත් නෑ…
ශිද්දත් එකේ ජග්ගි මැරුනත් දුක හිතුන් නෑ.
ඒත් මේ චිත්‍රපටයට සංවේදී වුනා.

හායි යාළුවනේ මං අද මේ අරන් ආවේ, මං මේ අවුරුද්දෙ බලපු හොඳම ඉන්දියානු චිත්‍රපටය. (මට අනුව) කතාවෙ ආරම්භයේ සිට අවසානය දක්වාම එකම ෆීලින් එකක තියාගන්න සමත් වුන චිත්‍රපටයක් මේක. අහම්බෙන් හරි මේ උපසිරැසිය කරන්න ලැබුණ එකට මට ෆට්ටම සතුටුයි.

ගොඩක් අයට තාත්තා ලොකු ඇති…. ඒත් මටයි මේ චිත්‍රපටයේ අයටයි නම් එහෙම නෑ. ආසම නැති චරිතයක් තමයි ඒ. සමහර පවුල් තියෙනවා මූ (පියාව) මැරුණ දවසට තමයි අපේ පවුලට හරියන්නෙ කියලා කියන. අන්න එහෙම පවුලක කතාවක් මේක.

බල්‍ රාම් (පියා), ජානකී (මව), ශිවානී (දුව), සෝනු (පුතා) කියන්නේ එක්තරා පවුලක්. බල් රාම් කියන්නේ වෙන ආගම් වලට ගරුවක් නැති තමන්ගෙ ආගමට පමණක් දැඩිව ඇලී සිටින කෙනෙක්. එය නෙවෙයි කාරණේ.. බල් රාම් කියන්නේ දැඩි කෙනෙක්.. ගෑණී ළමයි ගැන ලොකු තැකීමක් නැති නරුමයෙක්.

ආ කියන්න බැරි වුනා. මෙයාලා හින්දි පවුලක්. එයාලගෙ ආගමට අනුව ගොඩක් දේවල් වෙනස්. නීති වැඩියි. ඉතිං මෙයාල දවසක් පවුලෙ හැමෝම රාමේෂ්වරම් වලට වන්දනා ගමනක් යන්න පිටත් වෙනවා. මොවුන් නොදන්නා නගරයක්, නොදන්නා භාෂාවක් තමයි රාමේෂ්වරම් වල තියෙන්නෙ. රාමේශ්වරම් දියෙන් ස්නානය කලහම මේ පියාගේ ස්වභාවය වෙනස් වේවි කියන එකම සිතුවිල්ලෙන් මේ පවුලේ අම්මයි දුවයි පුතයි අර බල් රාම් එක්ක මේ ගමන එනවා.

ඉතිං මේ ගමනෙදි මෙයාලට ලොකු ඇබැද්දියක් වෙනවා. ඒ එක්ක කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගල් හිත් පවා උණු වෙන ජාතියේ චිත්‍රපටයක් වනු නියතයි මේක! ගල් වලත් මල් පිපෙනවලුනේ.

මං මේ චිත්‍රපටයේ ආසම ඩයලොග් එක මෙන්න මේක.

– ඔයාගෙ නම මොකක්ද?
– ……………….. (උත්තරය)

ඒ උත්තරේ ගොඩක්ම දැනුනා. කථාව මීට එහා කියන්නෙ නෑ මම. ප්ලීස් ට්‍රේලර් එකක්වත් නොබල මේක බලන්න.
මං මේක බලන එක පහු කලේම මේ නළුවගෙ පහුගිය ෆිල්ම් නිසා. සාමාන්‍යෙන් කැත්ත එක්ක ජීවත් වෙන මේ නළුවා
මේකේ අපූරු රංඟනයක නිරත වෙනවා. ඒකත් ෆිල්ම් එක දැණුනෙම අපිට ප්‍රධාන නළුවා මුල් පැය හාගෙදිම ඕන නොවුන නිසා. නළුවා ගැන අමතකම වෙයි මුලදි.

මං මේ ෆිල්ම් එක බලලා ලහිරු අයියගෙන් ඇහුවා, මේ චිත්‍රපටයේ කොහේම හරි සත්‍ය කථාවක් ඇසුරින් කියලා තියෙනවද කියලා. ඒත් පස්සෙ මං ඊටත් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකේම තිබිලා දැක්කා “Based On True Events” කියලා. ඒ නිසා හිතට මොකක්දෝ නොතේරෙන දුකක් තව එකතු වුනා.

මං ෆිල්ම් එක පාන්දර 1ට බලල ඉවර වෙලා එහෙම්ම සබ ගහන්න පටන්ගත්තා ආපු ආවේගෙට. ෆිල්ම් බලලම ඉගෙනගත්තු දෙමළ සියල්ලම පාවිච්චි කරලා ගැහුවා. මුළ ඔක්කොම හින්දියෙන් යන නිසා ලොකු අවුලක් වුනෙ නෑ. ඒ වගේම සිංදු ඔක්කොමත් දන්න ලෙසින් ගැහුවා.

ඉතිං ඔයාල අනිවාරෙන්ම බලන්නම ඕනේ මේ ෆිල්ම් එක නම්. මං සාමාන්‍යෙන් කලාතුරකින් තමයි මෙහෙම කියලා යන්නෙත්. ඉතිං අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න. දෙමළ මගෙ භාෂාව නෙවේ නොවෑ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. Sasikumar ge niyama film thynow bn
    Supiri naluwek
    Meyage kaari-2022 filumatath sub denna puluwn nm
    Thanks me sub ekatath saho

  2. ස්තුතියි අශේන් උපසිරැසියටත් විස්තරේටත්…
    කතාවක් බලලා සංවේදී වෙලා පොඩි කඳලක් හලන්න තියෙනව නම් මාර රහට‍යි.
    ඔබටත් ඔබව අප වෙනුවෙන් මේ කරන කාර්යයට මුදාහරින ඔබේ පවුලේ සැමටත් සූම් සයිට් එකේ සැමටත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා… !

  3. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……..

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. මේ චිත්‍රපටිය අතහැරියේ නළුවාව සෙට් වෙන්නේ නැති නිසා. අද මේ අහම්බෙන් අශේන්ගේ විස්තරය කියවන්න ලැබුනේ. ඉතිං හිතුවා බලන්න ඕනේ කියලා. පට්ට කතාවක්නේ. අපරාදේ මෙච්චර දවසක් නොබලා හිටියේ කියලා හිතුණා. සබ සුපිරියි. සිංදු ටික වුනත්, අපිට දැනෙන විදියට ලස්සනට ලියලා තියෙනවා. ජයවේවා!!

  6. අම්මො මේක මරු.අද බැලුවේ.ඕනම කෙනෙක් සංවේදි වෙනවා..ඒ වගේම සිංහල සබ් එකත් සුපිරි මචන්.අපිට හදවතට දැනෙන්නම සබ් එක හදලා.. සුපිරි. බොහොම ස්තුතියි !!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram