More

    Badhaai Ho (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මධ්‍යම පාන්තික සමාජ ස්ථරයක් තුළ ගොඩනැගෙන කොටස් ගණනාවක නියෝජනයක්. උපහාසය, ප්‍රහසනය සහ හැඟීම්බර කොටස් ද එමටයි. ඇත්තෙන්ම සියල්ලටම පාදක වෙන්නේ ආදරයම තමයි. ආදරේ කරන්න කොහෙන්ද වයස් කාල සීමාවක් හෝ වෙලාවක් කලාවක්. ආදරේ පිරෙන්නේ අදාල පාර්ශවයන් දෙකේ එකතුව සිද්ද වෙන තැන. මෙතනදී අපට හමුවෙනවා ප්‍රේමණීය යුගලයන් දෙකක්. මව-පියා සහ පුතා-පෙම්වතිය. සාමාන්‍යයෙන් තරුණ පුතාලා දූලාගේ ආදර පලහිළව් වලට දෙමාපිය හරස් වීම් සිද්ද වෙනවනේ. නමුත් මෙතනදී තරුණ ආදරවන්තයින්ගේ ආදරේට හරස් පොල්ල වැටෙන්නේ ටිකක් විතර අසාමාන්‍යයි වගේ පෙනෙන කාරණයක් එක්ක….

    මව් පදවිය කියන්නේ කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවිය කියල කියනවනේ. හැබැයි සිවිල් සමාජයක් ඉස්සරහ මව් පදවිය උතුම්ම එකක් වෙන්නට නම් එය ඊට “සුදුසු” කාලයකදී ලැබිය යුතුමයි. මව් පදවියක් ලබන්නට බලාපොරොත්තු වෙන්නේ බාල වයස්කාරියක් නම්? ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වයක් තවත් තිබේද කියන කාරණේම අනෙක් පැත්ත තමා මුණුපුරු මිණිපිරියන්ගේ සුරතල් බැලිය යුතු වයසේ පසුවන වැඩිහිටි කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත්. තත්ත්වය එතනත් භයංකාරයි. එහි බළපෑම හතර දිග්බාගයක් පුරාම විහිදෙන හැටි තමා කතන්දරයෙන් කියවෙන්නෙ..

    අම්මගෙ හදිසි ගැබ් ගැනීමත් එක්ක දරුණුම මට්ටමේ මානසික පීඩනයක් හිසමත පැටවෙන තරුණ පුත්‍රයාගෙ භූමිකාවට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පී Ayushmann Khurrana විසින්. මේ අන්දභූත කාරණයත් එක්ක ඔහුට සිද්ද වෙනවා පැති ගණනාවකින්ම සැඟව සිටින්නට. ප්‍රධාන වශයෙන් අතිනත ගන්නට ඉන්නා තරුණ ගෑණු ළමයා එක්ක මේ කාරණේ සමථයකට පත් කරගන්නට පුලුවන් කියමුකෝ.. ඒත් කොහොමද උසස් සමාජ පන්තිය නියෝජනය කරන නැන්දම්මට මුහුණ දෙන්නේ කියන තැන ඔහු හිර වෙනවා. විහිළුවෙන් නිතරම යහළුවන්ව බයිට් කරන ඔහුව මරං කන්නට යහලු සංහාරයම මඟ බලාගෙන තවත් පැත්තකින්. කාර්යාල සඟයින්, අසල්වැසියන් සහ නෑදෑ පරම්පරාව ඇතුලු සුවහසක් පාර්ශවයන්ගෙන් එල්ල වන උපහාසාත්මක පීඩනය දරන්න අභිමානවත් තරුණයාට සිද්ද වෙනවා. ඒ සියල්ලටම මුහුණ පානා ඔහුගේ හැසිරීම Ayushmann විසින් කදිම නිරූපනයකින් සමන්විත වෙනවා. තරුණ ආදරවන්තයාගේ නවීන පන්නයේ ප්‍රේමවන්තිය විදිහට Sanya Malhotra ගෙන ලැබෙන සහයත් අලංකාර එකක්. උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වෙන ඔහු සහ ඉන් තම සම්බන්ධතාවයට එල්ල කරන බලපෑමත් එක්ක ඇයටත් කතන්දරයේ ප්‍රධාන කොටස්කාරියක් වෙන්නට සිද්ද වෙනවා.

    සමස්ත කතන්දරයම මේ දෙදෙනාගෙ ආදර අන්දරය මතම පදනම් නොවී සියල්ලට වග කිව යුතු මැදි වියේ ආදරවන්තයින් අතරෙත් බෙදෙන හැටි අපූරුයි. මෙතනදී සිද්ද වෙන්නේ අනපේක්ෂිත ගැබ් ගැනීමක් වුණත් ඒක අනවශ්‍ය එකක් විදිහට සළකන්නට අම්මා කැමති වෙන්නෙ නැහැ. තරුණ පුත්‍රයාට ඔහු ජීවත් වන සමාජයෙන් විඳින්නට සිද්ද වෙන නින්දා සහගත බළපෑම් ඊට නොඅඩුව ඈටත් විඳින්නට සිද්ද වෙන එක නම් සිකුරුයි. බොහෝ දුරට ඔහුටත් වැඩියෙන් කාන්තාවක් විදිහට ඈට මේ තත්ත්වය බරපතළයි. ප්‍රභලම බළපෑම වෙන්නේ දරුවන්ගේ සෙනෙහසත් ඈට අහිමි වීමේ අවධානම ප්‍රභලවම පවතින කොට. ගෙදරින් පිට ලෝකයේ කයි කතන්දර බැහැර කරල දාන්නට හැකි වුනත් ගෙදර අයගේ නොසැළකිල්ලට ලක් වන්නට සිදු වීම අම්මා කෙනෙක්ට අන්ත අසරණ තත්ත්වයක්. නමුත් ඇගෙ හැම දුක් කරදරයක්ම තමන්ගේ කරගෙන, ඇයගේ සියලුම බරෙන් හරි අඩක්ම තමන්ගේ උර මත තබාගෙන ඈට පූර්ණ සහයෝගයක් ලබාදෙමින්, තීරණාත්මක සෑම අවස්ථාවකදීම ඈ වෙනුවෙන් පෙනී ඉන්න දයාබර සැමියාව චිත්‍රපටය තුළ වඩාත් කැපී පෙනෙනවා. තරුණ ආදරවන්තයන් ව අභිබවා යනවද කියලත් හිතෙන්නට පුලුවන්. Neena Gupta සහ Gajraj Rao විසින් අගනා රංගනයක් මේ වෙනුවෙන් සිදු කර තිබෙනවා. දෙබස් රහිතව හුවමාරු කරගන්නා ප්‍රේමණීය ඉඟි බිඟි වලින් පවා මෙයාලා තරුණ ජෝඩුවටත් වඩා අදරණීයයි.

    මේ හැම පැත්තකින්ම ප්‍රේක්ෂකයාට ලැබෙන වින්දනය දෙගුණ තෙගුණ කරවන තෙවන පාර්ශ්වයක් විදිහට, නිරායාසයෙන්ම වැඩිම ප්‍රේක්ෂක අවධානයකට නතු වෙන්නේ සැර පරුෂ ආච්චි අම්මා ගෙ භූමිකාවයි. ආච්චි අම්මා තමයි සියල්ලේම ආධිපත්‍යය දරන්නේ. වටේ පිටේ කොයි කාගෙත් සද්ද බද්ද සේරම යටයි ආච්චි අම්මගෙ කට ඇවිස්සුනොත්. ආච්චි අම්මා විසින් අනපේක්ෂිතව කතන්දරය ඇතුළේ පෙරළිකාර චරිතයක් වෙන හැටි තමා චිත්‍රපටයේ වින්දනාත්මක මට්ටමේ උපරිම තැන වෙන්නෙත්. රංගන ශිල්පිනී Sureka Sikri ගේ මෙම ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදු කළ යුතුමයි.

    ප්‍රහසනකාරී වාතාවරණයක් පවතින බොහෝ අවස්ථාවලදී සංවේදී සහ හැඟීම්බර බවටත් වැඩි ඉඩක් ලැබී තිබුනා. සෑම ආකාරයකම වින්දනාත්මක දේවල් සියල්ලක්ම එක මිටට ප්‍රේක්ෂකයාට තිළිණ කරවන්නට අධ්‍යක්ෂ Amit Sharma ගේ උත්සාහය පූර්ණ වශයෙන් සාර්ථක වී තිබෙන්නේ වසරේ ආකර්ශනීයම චිත්‍රපටයක් බවට Badhaai Ho පත්කරවමින්..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Badhaai Ho (2018) සිංහල උපසිරැසි” Badhaai.Ho.2018.Sinhala.Subtitle.rar – Downloaded 1054 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram