spot_img

Bank Chor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි… බැලු බැල්මට කොමඩි චිත්‍ර‍පටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත් මේක හොද ත්‍රීලර් ඝණයට අරයත් චිත්‍ර‍පටියක්. මොකද අන්තිම මොහොතේ කතාවේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්න නිසා…ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍දර්ශන කාලයට කලින් හා ප්‍ර‍දර්ශන කාලය අතරතුරු පොඩි විනෝදාත්මක වැඩක් මේ චිත්‍ර‍පටියේ රඟපාන නළුවෝ ටික කරලා තිබ්බා. ඒ තමයි වෙනස් චිත්‍ර‍පටිවල බැනර් හොරකම් කරලා විකාර නටපු එක. පොඩ්ඩක් නෙට් එකේ #ChoriKaPoster ටැග් එකෙන් හොයලා බලන්න. ශාරුක් ගේ අලුත්ම චිත්‍ර‍පටියේ බැනර් එකටත් විකාරයක් නටලා ෂාරුක් පවා ටුවිට් එකක් දාලා තිබ්බා ඒකට… අනික් කාරණාව මේ වගේ නළු නිලියන් ඉන්න චිත්‍ර‍පටියක් වෙලාත් මේ චිත්‍ර‍පටියේ මේ විනාඩි 120 පුරාවටම කිසිම ගිතයක් ඇතුලත් වෙන්නේ නැහැ…

දැන් ෆිල්ම් එක ගැන කියනවා නම් මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Riteish Deshmukh,Vivek Oberoi‍,Rhea Chakraborty රංඟනයෙන් දායක වෙනවා. විකි ඔබ්රෝයි ටිකක් සිරියස් කැරැක්ටර් එකකින් එන්නේ කාලේකට පස්සේ තමයි.. චිත්‍ර‍පටිය පටන් ගද්දිම ආරම්භ වෙන්නේ බැංකුවක් ඇතුලට කොල්ලකාරයන් කිහිපයක් ඇතුල් විමෙන්. මේ තුන්දෙනාම හැසිරෙන්නේ ටිකක් මෝඩ පහේ විදියට. කොහොම හරි තත්වය ගොඩක් දරුණු වෙද්දි තමයි CBI ඔෆිසර් අහම්ජද් ඛාන් එන්නේ… ඔහු මේ වගේ මංකොල්ලකාරයින්ව මට්ටු කරන්න හොදටම දන්න කෙනෙක්. නමුත් ටික වෙලාවක් යද්දි තමයි මේ බැංකු මංකොල්ලයේ ඇත්ත තත්වය එලියට එන්නේ. චිත්‍ර‍පටියේ ත්‍රීලර් ගතිය නැතිවෙන්න ඕන නැති නිසා චිත්‍ර‍පටිය ගැන ලොකු විස්තරයක් කරන්නේ නැහැ… එහෙනම් අරගෙනම බලන්න…

මේ චිත්‍ර‍පටියේ අන්තර්ජාලයේ ටොරන්ට් සයිට් වල තිබුන ෆිල්ම් වලට ගැලපෙන සබ් එකක් නෙට් එකේ තිබුනේ නැහැ. අනික ගොඩක් අය ආව ගමන්ම ෆිල්ම් එක බාන්න පුරුදු වෙලා තියන නිසා ඒ අය ගන්න ඇත්තේ අනිවාර්යෙන් ඒ කොපිය. ඒ නිසා ඒ හැම කොපියටම ගැලපෙන්න සබ් එක හදලාම දාලා තියනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram